පංච නින්දාව
03:49 | Author: දුෂාන්
බෝගල පතලෙන් දොට්ට දැම්ම උක්කු බණ්ඩා ගමට ආවෙ තමා අත ඉතුරු වෙච්ච එකම සම්පත වූ බිරින්දෑවයි දරුවො දෙන්නයි කැටුව. පතලෙන් දොට්ට දැම්මෙ උන්දැගෙ තිබුණු වයසට ඔබින්නැති දරදඬු පොරොතිපත්ති නිසාමයි. එහෙත් ඒ පොරොතිපත්ති ක්‍රියාවට නැගුනේ බොහෝවිට හාස්‍ය ජනක ලෙසයි. මේ ක්‍රියා පටිපාටි නිසා උන්දැට හිමිවූ එකම දේ නාම විශේෂණයක් විතරයි. කොමිනිස් උක්කු බණ්ඩා ලෙස උන්දැ ප්‍රකට වූයේ එහෙමයි.


ගමට ඇවිදින් උන්දැ නෙමේ නිකං හිටියෙ. කොයිවෙලෙත් කටපත්තෑව දෙඩෙව්වා. ආණ්ඩුව පෙරළන්න. පතලෙ වෘත්තීය සමිතියෙන් ඉගෙන ගත්තු වචන කන්දරාව ගම පුරා තවන් කරන එක තමා උන්දැගෙ ප්‍රධාන කාරිය වුණේ. මළගෙවල් වල කතා පවත්වන්න උන්දැ දැක්වූයේ පුදුමාකාර රුචියක්. කොයිතරම් ශෝකජනක මළ ගෙදරක දී වුණත් ගම්මු හිනාවුණේ මුන්දැගේ කතාව අහලා.

පසුගිය ඡන්දෙට කොල්ලො කුරුට්ටො මුන්දැව පොඩි සිංඤාමරං ගාලෙ ඇද බාල ආණ්ඩු පක්සෙ පාටින් දිය කරපු වතුර නෑව්වෙ මේ කන්දොස් කිරියාව ඉවසන්න බැරි නිසා. ඒ විහිළුව උන්දැගෙ වයසට නං රිසි නැති බව හැබෑය. ඒත් එදයින් එදා ඉඳල කොමිනිස් උක්කු බණ්ඩා නෙමෙයි මළගෙවල් වල කතා පැවැත්වූයේ.

උන්දැගෙ බොහොම හිතවතෙක් තමයි ලබු ලොක්කා. ලබු ලොක්කා ළැදි වුණේ ආණ්ඩු පක‍ෂයට වුණාට දෙන්නගෙම කුඹුරුකෑලි දෙක තිබුනෙ හා වෙලා. ඒ හින්ද දෙන්න උඩිං මනාපයි. ලියදි දෙකේ දෙන්න වැඩ කරන කොට යායට ම කන්දොස් කිරියාවෙ බෑ. ලියද්දට බැස්ස වෙලේ පටන් උන්දැ පටන් ගන්නව පුරාජේරුව. කොමිනිස් උක්කු බණ්ඩෙ ගිරව් එලවන්න කුඹුර වටේ හිටෙව්වෙත් රතුපාට කොඩි වැල්.

ගමේ හිටිය කොලූ නඩෙන් බණ්ඩෙට ටිකක්වත් ළැදි වුණේ ජයවීර කොලූවා. ඒක එහෙම උනත් ඌ වැඩි ලෙන්ගතුකම් පාන්න ගියේ නෑ. ඒ වුණාට බොහොම රහසිගතව උන්දැගෙන් ප්‍රයෝජන ගත්ත. ජයවීර කොලූව ටිකක් නාහෙට නාහන එකා වුණාට වැරැද්ද පේන්න බෑ. පහුගිය කාලෙ ඒකා අන්තරස්දාන වෙලා ඉඳලා මතුවුණේ රැඳවුම් කඳවුරෙං. මුළු ගමෙන්ම ඌ ගැන වැඩියෙන්ම සෝක වුණේ කොමිනිස් උක්කු බණ්ඩා විතරයි.
ජයවීරයා ගිනිකඳයා අතට ගත් වග ආරංචි වුණහම උන්දැ ඒකට ආඩපලි දෙස් දෙවොල් තිබ්බා. ඒ කාලෙ ගමේ කිප දෙනෙක් වෙඩි කාල මිය ඇදුනට පත්තුවුණේ ජයවීරගෙම ගිනිකඳය ද කියල කාටවත් තේරුංගන්න බැරිවුණා. දැං ඒවා ගැන හාංකවිසියක් වත් නොදන්නා ගානට ගම්මු ජීවත් වෙන්න පටං අරං.

ඉඩෝරය තුරං වෙලා වැහිපොද එක දෙක පොළොවට ළං වෙනව. ඔන්න දවසක් එකම නියර දිගේ දුවගෙන ආපු ලබු ලොක්කයි, කොමිනිස් උක්කු බණ්ඩෙයි ඉද්ද ගැහුව වගේ නැවතුනා.

ලබු ලොක්ක හිමින් සීරුවේ දකුණු ලියද්දට රීටුවා. කොමිනිස් උක්කු බණ්ඩා “ජබොහ්” ගාල වම් ලියද්දට පැන්නා. පැන්න පාරට ඇඟ පුරාම මඩ. දෙන්නම අත් දෙකේ කෙල අහුර අහුර ගාගෙන උදලූ ඉස්සුවා. වේගයෙන් උදලූ පාරවල් දෙක තුනක් පතබෑව කොමිනිස් උක්කු බංඩා නැවතී හති අරින්නට පටන්ගත්තා. ලබු ලොක්කා හිමින් සීරුවේ කොටන ගමන් උන්දැ දිහා බැලූවෙ යටහිං.
“මොකද?”
කවදත් ප්‍රශ්නයක් ඇසූවිට ප්‍රශ්නයකින්ම උත්තර දෙන කොමිනිස් උක්කු බණ්ඩේ අසයි.
“ආපු වැඩේ නොකර ඔය විදියට බකන්නිලං ඉඳල හරියනවද”
“මට මේක අල්ලන්නෙ නෑ”
“අර මොකදෑ”
කොමිනිස් උක්කු බණ්ඩා උත්තරේට පෙර හරි බරි ගැසී නියරේ ඈඳි ගනී.
“මේ වැඩේ කිසි තේරුමක් නෑ හැමදාම කඹුරන්න තමයි වෙන්නෙ”
“ඉතිං ඒක හිතන්න තිබුණෙ කුඹුරට බහින්න කලියෙන්නෙ”
ලබු ලොක්කගෙ ඒ ප්‍රශ්නෙන් නම් කොමිනිස් උක්කු බණ්ඩෙට ගැලවී යා නොහැකි විය.
අපි නැහෙනව වෙන කව්රු හරි සැනැහෙනව. මේකෙන් වෙන්නෙ පංති පරතරය තවත් වැඩි වෙනවා. මේකෙන් ගැලවෙන්න නම් මුළු රටේම ජනතාව කුඹුරට බස්ස වන්න ඕන.
“තපස්” ගාල උදලූ පාරක් ගහමින් ආයෙත් ලබු ලොක්කා වැඩ පටං ගත්තෙ හරියට “අනේ මගෙන් කුණුහබ්බ නාහ ඉඳිං” කියන්නා වාගේය.
“රට හදන්න ඉස්සර අපි හැදෙමු”
ලබු ලොක්කගෙ ඒ කියමනට කොමිනිස් උක්කු බණ්ඩෙට කේන්ති ගියා.
“ඕකනෙ උඹලගෙ තියෙන වැරැද්ද. මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕන”
“උඹට ඕනනං දැනුවත් කරහං. හැබැයි අර ළමයි ටික බඩගින්නෙ නොතිය.”
නොදැනුවත්වම උනත් ලබු ලොක්කා කියාගෙන ගියා.
“ජයවීර කොලූව වත් හිටිය නං”
රැවුලේ රැ`දුනු පුවක් කෑලි අහකට පිස දමමින් කොමිනිස් උක්කු බණ්ඩේ කියයි. ඒ පාරනං කේන්ති ගියේ ලබු ලොක්කටයි.
“ඕක නොහිටිය එකමයි හොඳ”
ඌ ගමේ හිටිය කාලෙ ලබු ලොක්කට කළ අඩන් තේට්ටම් ගැන මතක් වෙද්දි උන්දැට කේන්ති එන එක ගැන අහන්න දෙයක නෙවේ. උක්කු බණ්ඩේ ඒවාට උල්පන්දම් දුන්න එකද රහසක් නෙමේ. ජයවීරයා පොලිසි ගෙනිච්චේද ලබු ලොක්කගේ ඔත්තුවකට බව උක්කු බණ්ඩා නොදන්නවා උනාට ජයවීරයා හොඳින් දනී. ඒ බව ජයවීරයා දන්නා බව ලබු ලොක්කා දන්න නිසා ඇෙඟ් හිරිගඩු පිපෙයි. මේ ගැන සිතමින් සිටිය ලබු ලොක්කා වැඩ නවත්වා බලනවිට කොමිනිස් උක්කු බණ්ඩා අන්තරස්දාන වෙලාය.
“මේ ගොබිල කොහේ පතබෑවුණාදැ”
ලබු ලොක්කා ටිකක් කල්පනාවෙන් වටපිට බැලූවේ ඉතිහාසය දන්නා නිසාය. බණ්ඩේ කුකුල් කේන්තිකාරයා නිසා ලබු ලොක්කා විමසිලිමත් වුණා. බණ්ඩේ එනවා පොරවක් කර තියාගෙන.
“ඒ පාර උඹ මොන තොයිලෙකටද ලෑස්ති වෙන්නෙ”
“මගේ කුඹුරෙ අස්වැන්න අඩුයි. මේ කුඹුක් ගහේ කොළ වැටිල බීජ කුණුවෙනව”
යලට මහට අවුරුදු ගාණක් වැඩ කරපු මේ කුඹුරෙ මීට ඉස්සර මෙහෙම දෝෂයක් නොදැක්ක එකා අද මොකද මේ කියලහිතුන. ලබු ලොක්කට ගහ දන්නා මිනිහට කොළ ගැන කියන්න එනවද කියලත් නොහිතුනා නෙවෙයි. උන්දැ නියරට ගොඩ වෙලා බලාන උන්නා.
බණ්ඩෙ නගිනවා කුඹුක් ගහ දිගේ. මේකා පොරවක් අරගෙන රුසියා වගේ නැග්ග හැටි. හරිම අපූරුයි. ලබු ලොක්කා ආයෙත් හිමීට වැඩ පටං ගත්තා.
දෙන්නා දෙපැත්තේ වැඩ.
“මේ කෙරෙමෙ වෙනසක් දකින්න ඕන”
හිටපු ගමං ගහ උඩින් ඇහෙනව.
“තපස්” දකුණු ලියැද්දෙ මඩට උදැල්ල වදිනව
“අපි තැලෙන්න තැලෙන්න පන්නරය වැඩි වෙනව”
පතලෙන් අහුලගත්තු ඒවා ගහ උඩ ඉ`දං වමාරනව.
“තපස්” දකුණු ලියද්දෙන් ඇහෙනව. ඒ් එක්කම ලබු ලොක්කාගෙ කටහ~ අවදි වෙනව.
“උඹ ඕව හාවක් හූවක් නැතුව කපන්නෙ ගිරහම සේවකගෙන් අවසර අරන් එහෙමද?”
“මං ගත්ත අවසරයක් නෑ”
“ඇයි ?”
“මට කොන්දක් තියෙනවා. අවසර ගැනීම කොන්දට හරි නෑ”
“තපස්” දකුණු ලියද්දෙ උදැල්ල කහිනව.
” දිග්” ” දිග්” ගහ උඩ මහ අත්ත පොරෝ පාර ඉවසන්න බැරිව කෑ ගහනව.
කුඹුර කෙටුවට ලබු ලොක්කගෙ හිත ගහ මුල. ඒකට හේතුව කොමිනිස් උක්කු බණ්ඩා කඳුබාන ගහ තමාටද උරුම එකක් බැවිනි.
“එතකොට උඹ ඕක තනි පංගලමෙ භුක්ති විදින්න හදන එක නොසන්ඩාල කමක් නෙවේද?”
“ඒක එහෙම උනාට කමක් නෑ”
ලබු ලොක්කට අසූහාරදාහට නැග්ගා.
“ඒ කියන්නෙ හොරකමයි කොන්දයි අතරෙ සම්බන්ධයක් නෑ කියන එකනෙ”
“අපොයි මොකද සම්බන්ධයක් නැත්තෙ. හොරකං කරන්න නං හොඳ කොන්දක් තියෙන්න ඕන. ඒවගේම කොන්දක් තියාගෙන ජීවත් වෙන්න නං හොරකං කරන්නත් ඕන.”
“තපස්” දකුණු ලියද්දෙ උදැල්ල වදිනව.
” දිග්” ” දිග් ” ලොකු අත්ත කෑ ගහනව.
“තපස්” දකුණු ලියද්දෙ උදැල්ල වදිනව.
“තපාස්” වම් ලියද්දට අත්තක් කඩාගෙන වැටෙනවා.
“අම්මෝ” අත්ත උඩට කොමිනිස්උක්කු බණ්ඩා වැටෙනවා.
“ඩොක්” පොරොව උන්දැගෙ ඔළුව උඩට වැටෙනව.
ලබු ලොක්කා තුෂ්නිම්භූත වෙලා පරීක‍ෂා කරනවා. ඊට පස්සෙ බිම පරීක‍ෂණය කරනව. අවසානයේ උන්දැ නිගමනයකට එළඹෙනවා.
“කොමිනිස් උක්කු බණ්ඩා කපා ඇත්තේ තමන් වාරුදී සිටි අත්තමයි.”



දුකා ගේ කතා
කවුරු කොහොම මොනව කීවත් මිනිස්සු කරන සමහර වැඩ දිහා බලන් ඉන්න මිනිස්සු විදිහට අපිට බෑ.ඒත් ගොඩක් අය කරන්නෙ මොන දේ උනත් අහක බලාගන්න එකනෙ.කෙනෙක් වැඩක් කරද්දි උදවු නොකර අහක බලාගන්න එක වැරදී.ඒත් අන්තිමේදි ඒ දේ මටත් කරන්න සිද්ධ උනා.


ඇත්තම කියනවනම් මේක රැකියාවක්. හැබැයි ඒ කරන වැඩේ දිහා බලන් ඉන්න එක තමා අමාරු.ඒ මොකක් වෙන්න ඇද්ද කියල කියන්න පුලුවන්ද ?










සියලුම රාජ්‍ය අංශ සේවකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් ඉහළ දැමීමට යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 2011 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (22 දා) පස්‌වරුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම 2011 ජනවාරි මාසයේ සිට ආරක්‍ෂක අංශ ඇතුළු සියලුම රජයේ සේවකයන්ට මූලික වැටුපෙන් 5% ක දීමනාවක්‌ද ලබා දීමට යෝජනා කර ඇත. විශ්‍රාමිකයන් සඳහා ගෙවන ජීවන වියදම් දීමනාව රු. 300 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත. රණවිරු පවුල්වල උපදින තුන්වන දරුවා වෙනුවෙන් ලක්‍ෂයක දීමනාවක්‌ ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

රජයේ රෝහල්, ආගමික ස්‌ථාන, විශ්වවිද්‍යාල සඳහා අයකරන විදුලිබල ගාස්‌තුව 25% කින් අඩුකර ඇත.

ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා විසඳීමට මිලියන 300 ක්‌ වෙන්කර ඇත.

සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්‌තුව 8% කින් වැඩි කිරීමටද යෝජනා කර ඇත.

මත්පැන්, සිගරැට්‌ සහ කැසිනෝ සඳහා බද්ද 35% සිට 40% දක්‌වා වැඩි කර ඇත.

පරිගණක මෘදුකාංග සඳහා පනවා තිබූ වැට්‌ හා ජාතිය ගොඩනැඟීමේ බදු ඉවත් කර ඇත.

මගී ප්‍රවාහන බස්‌රථ සඳහා පනවා තිබූ ආනයන බද්ද 25% කින් අඩු කිරීමට ද ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අයවැයෙන් යෝජනා කර ඇත.


සෙසු යෝජනා මෙසේය.

* ජාතිය ගොඩනැඟීමේ බද්ද 3% - 2% දක්‌වා අඩු කර ඇත.

* 2011 වසරේදී උපාධිධාරීන් 10000 කට රැකියා අවස්‌ථා ලබාදීමට යෝජනා කර ඇත.


* රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතනවලට පුහුණුවන්නන් ලෙස උපාධිධාරීන් 1500 ක්‌ බඳවා ගැනේ.

* ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති රෝහල් සඳහා හෙදියන් ලෙස 1500 ක්‌ බඳවා ගැනේ.

* මතට තිත ග්‍රාමීය මට්‌ටමින් ව්‍යාප්ත කිරීමට මිලියන 200 ක්‌ වෙන් කෙරේ.

* ඖෂධ ආනයනයේදී ගුවන්තොටුපළ හා වරාය බද්දෙන් නිදහස්‌.

* වෛද්‍ය රසායනාගාර උපකරණ ගෙන්වීමේදී තීරු බදු හා වැට්‌ බද්දෙන් නිදහස්‌ කිරීම.

* පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ හඳුන්වා දේ.

* විදේශ සේවයේ නියුක්‌තිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌.

* ග්‍රාමීය, නාගරික මුඩුක්‌කු පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවසක්‌ තනා ගැනීම සඳහා රු. 70,000 ක දීමනාවක්‌

* වසර හතළිහකට පෙර ගොඩනැඟූ මාලිගාවත්ත ටර්පන්ටයින් නිවාස ක්‍රමය ප්‍රතිසංස්‌කරණයට

* මාධ්‍යවේදීන්ට අවශ්‍ය කැමරා, පරිගණක හා වෙනත් උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 50 ක්‌ වෙන් කෙරේ.

* ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ සඳහා මිලියන 1500 දක්‌වා වැඩි කෙරේ.

අයවැය හිඟය

2011 වසරේ අයවැය හිඟය පහත පරිදිය.

මුළු ආදායම - රුපියල් බිලියන 986.1

මුළු වියදම - රුපියල් බිලියන 1419.9

අයවැය හිඟය රුපියල් බිලියන (433.8)

දිවයිනෙන්
මදුරුවෙක් ඇවිත් අතේ වහනව. ඌ විදින්න ඉස්සර කෙළගාල මගේ හම පදං කරනවා. ඔන්න මට රිදෙනවා. ඊට පස්සෙ “චටාස්”, නෑ කතාව පටං ගත්තෙ උවමනා තැනට ගොඩක් පස්සෙ. ඊට ඉස්සර තව ටිකක් තියනව කියන්න. ම්….කොතනින්ද පටන් ගන්නෙ. හරි ඔන්න මම ප්ලැට් එකේ පඩි පෙළ දිගේ වෙරි මරගාතෙ උඩු අතට පඩි පේළි පහු කරනවා. ඊට පස්සෙ හරහට.


BLOCK A 14
BLOCK A 15
BLOCK A 16
BL…………ම්ම්…
නෑ එතනත් නෙවෙයි මුල. තව එහාට ගිය හැකියි. මං හිතන්නෙ හොඳම තැන ත්‍රීවීල් එකට ගොඩ වුණ තැන. වෙලාව රෑ එකොළහයි.
—ප්ලැට් එකේ BLOCK A ළඟට කීයද ”
ජීවිතේට මෙතන ඉඳං ත්‍රීවීල් වල නොගිය මට මහ අපහසුවක් ඇති වුණා.
“රුපියල් හතලිහක් වත් ඕන මේ වෙලාවෙ ”
“හරි දෙන්නං. එනවා”
“හැබැයි මහත්තයෝ ගාන කතා කරාට පස්සෙ ඉන් එහාට නං අඩියක් වත් යන්නෙ නෑ. BLOCK A නම් A විතරයි”
“හරි හරි ඕයි. මොකද මං තමුසෙව තුන්වෙනි තට්ටුවට එක්කං යන්නයැ. ත්‍රීවීල් වලට පඩි පේළි නගින්න බැරි බව මං දන්නවා” ත්‍රීවීල් එක පියාඹනවා, මාත් පියාඹනවා. මාර වේගෙන් යනවා. මට ටිකක් සතුටු හිතුනෙ මේ වේගෙන් මදුරුවන්ට පියාඹන්න බැරි එක ගැන. ඉතිං මරේ මරු.

ඒත් පව් කියලත් හිතෙනවා මදුරුවන්ට ත්‍රීවීල් නැති එක ගැන. ඒත් මට මොකද මේ මදුරුවො ගැන මේ තරං රුදාව. බැල්ලිගෙ පුත්තු. ඇඟ හැමතැනම කනවා. රෑ තිස්සෙම නිදාගන්න නෑ. අල්ලපු BLOCK එකේ ආරියතිලකයට අන්න බරවලූ. ලෙඩේ නං හැදුනත් කමක් නෑ. පරීක‍ෂා කරවන්නම රුපියල් හයසීයක්. මාසෙ පඩියෙන් භාගයක් මදුරුවො කෑව කියල උගෙ ගෑනි කියනව මං අහගෙන.

මැලේරියා මර්දනය කරන අය පගා ගහනව ඇති මදුරුවන්ගෙන්. නැත්නං ඔය වසංගතේට මෙච්චර වියදං කරන රටේ ඔච්චර මදුරුවො කොහෙන්ද? මදුරු දැල් ගැන මතක් වෙද්දිත් මට මාර හිනා. අපේ ගෙදර මදුරු දැලේ හිල්වල සයිස් එක දැක්කොත් මදුරුවොත් හිනා වෙලා මැරෙනව. සමහරදාට උදේ ප්‍රියා මට තේ එක දෙන්නේ මදුරු දැලේ හිලකින්. ඇයි මම හදිස්සියට එළියටත් පනින වෙලාවල් තියෙනව හිල් වලින්. ”
“සර් BLOCK A”
“ඉතිං මට කියන්නෙ බහිනවා”
“මම”
“ආ සොරි මමනෙ බහින්න ඕන. තමුසෙ නේද ත්‍රීවීල් එක එළවගෙන ආවෙ ?”
සාක්කුව ඇද්දම තමයි මතක් වුණේ ණය ගෙවල ඉතිරි වෙච්ච පඩි පැකට් එක කනපිට හරවලානෙ බාර් එකට ගෙව්වෙ කියලා. මට ලැජ්ජාව වැඩිකමට මුත්‍රා බරකුත් හැදුන. මොකද දැං කරන්නෙ? —ම්, හරි විට්ටච්චි ගෙන් ඉල්ලල දෙනවා.~
” තව BLOCK දෙකක් ඉස්සරහට යමු”
“ඔය මං සුද්ද සිංහලෙන් මහත්තයට කිව්වනෙ අඩියක් වත් හෙලවෙන්නෙ නෑ මෙතනිං එහාට කියල”
මගේ සියලූ උපකල්පන වැරදී ගොසිනි. දැං ඉතිං මොකද කරන්නෙ. මේ ගෑනි ගෙං නං ඉල්ලලා යමක් ගන්න එක ලේසි නැහැ. මදුරුවො දෙතුන් දෙනකුත් වටපිටාවෙ කැරකෙන නිසා මම නැග්ග ආයෙත් ත්‍රීවීල් එකට.
“අන්න එහා පේන ලයිට් එක ගාවට යං”
“හරි මරගාතයක් තමයි මට කඩා වැටුනෙ. ආයෙත් නං අඩියක් වත් හෙළවෙන්නෙ නෑ”
“රුපියල් හැත්තෑපහක් දෙන්නං. මොකද කියන්නේ”
“හැත්තෑපහක් තියා සතයක්වත් අතේ නැතුව ත්‍රීවීල් එකට ගෙවන්න සල්ලි හොයන්න යන්නෙත් ත්‍රීවීල් එකෙන්මයි”
ඩ්‍රැයිවර් එහෙම කිව්වට ත්‍රීවීල් එක “හා” කිව්ව “බ්රූම්”ගාල.
චිහ්: මේ වෙච්ච සංගතිය හින්ද කතාවෙ හොඳම හරිය කියන්නත් පරක්කු වෙනවා. එක්කො කලිං පටං ගත්ත තැනින්ම පටං ගත්තනං ඉවරයි කියලත් හිතෙනවා. ඔව් එහෙම කරමු.
ඔන්න කොහොමින් හරි මගේ වෙරිය හිඳෙන්නට පෙර සල්ලි ගෙවන්න යාළුවෙක් හොයා ගන්න පුළුවං උනා. වෙරි හිඳුනනං මාර වැඩේ. එතකොට ලජ්ජා හිතෙනවනෙ.
ඔන්න මං ෆ්ලැට් එකේ පඩිපෙළ දිගේ වෙරි මරගාතෙ උඩු අතට පඩි පේළි පහුකරනවා. ඊට පස්සෙ හරහට.
BLOCK A 14
BLOCK A 15
BLOCK A 16
BLOCK A 17
දොර වහල.
“හරි හරි අයිසෙ මං තමුසෙට වැඩිපුර දහයක් දෙන්නං”
රුපියල් දහයේ ආනිසංසෙන් ආයෙත් ත්‍රීවීල් එක ඉදිරියට ඇදෙනවා. චිහ්: මදුරුවෙක් එහෙම දැක්කද දන්නෙ නැහැ වෙච්ච සිද්දිය. එහෙමනං ඉතිං මදුරුවො කාල මැරෙනව හොඳයි.
හැබැයි මං මේ කියන මදුරු කතාව තේරුං ගන්න තව ටිකක් අතීතෙට යන්න වෙයිද දන්නෑ. මං මෙච්චර මේ මදුරුවො ගැන කියවන්නෙ මොකද කියලත් හිතෙනව ඇතිනේද? නෑ ඒත් කමක් නෑ. තව එහාට ගිහිං මොකටද වචන වියදං කරන්නෙ. අපි යමු ඉස්සරහට.
“සර් BLOCK එක‍”
“ඔහොම පොඩියක් ඉන්නවා”
විට්ටච්චි ඉන්නවද බලන්න ඕන. මිනිහ ගාවනං සල්ලි ඇති. ඒ යකා දැං අරක්කු බීමත් නවත්තලනෙ. යහමින් සල්ලිය භාගෙ අත ගෑවෙනවා ඇති. අපිත් නං ඉතිං සල්ලි අතගානව තමයි. ඒත් අතගානව විතරයි.
“ට්‍රීං”
ම්හ්, සද්දයක් නැහැ
“ට්‍රීං…..ට්‍රීං……ට්‍රීං…..ට්‍රීං……ං”
මේ යකා කොහෙවත් ගිහිංද. බලමු ආයෙත් පාරක්.
“ට්‍රීං…..ට්‍රීං……ට්‍රීං…..ට්‍රීං……ං”
හරි හරි ලයිට් එකක් පත්තු වුණා. ඒත් ගෑනි විතරක් හිටියොත් කොහොමද ඉල්ලන්නෙ. ලැජ්ජාවෙ බෑනෙ. ඒත් මොකට ලැජ්ජ වෙනවද? කොහොම උනත් හෙමිං ඉල්ලන්න ඕන. වටපිටාවෙ මදුරුවො ඉන්න බැරි නැහැ. කිව්වත් වගේ ගෑනි තමා එන්නෙ. ෂුවර් එකටම විට්ටච්චි ඉන්න ඕන කියල මට හිතෙනවා.
“ආ මේ මිස්ට නෙ. මොකද මහ රෑ හොඳටම බීල වගේ”
“ඔ” නෑ~ ම්~ කෝ නැද්ද විට්ටච්චි”
“අනේ ඊයෙ ගිය ගමන් තාම ආවෙ නෑනෙ”
දැං ඉතින් කෙළවෙනවා. කථාව දිග්ගැහෙන හින්ද මා ඉක්මණටම ගෙදර දොර ළඟින් පටන් ගන්නං. අනිත් එව්ව අමතක කරල දාන්න.
BLOCK A
“ටොක් ටොක්”
ම්හ්
“දඩිං බිඩිං”
ඒත් නැහැ.
දඩෝං ”
කකුල ටිකක් රිදුනට ඇතුලෙන් ලයිට් පත්තු වුණා. මේ යස්සනී නිදාගත්තම මැරිල වගේ. ඒත් ප්‍රියාට බැනල වැඩක් නැහැ කියල හිතෙනවා. ඒකි උදේ ඉදං මැෂිමත් එක්ක දාන දහිරිය අනුව දවසට දවස් දෙකක් නිදා ගන්න ඕන.
“ඔයා අද රෑ වෙලා”
“ඔව් අද විසිපස් වෙනිදනෙ”
අද මුළු ෆ්ලැට් එකේම දොරවල් වැහෙන්නෙ ඇරෙන්නෙ මේ වෙලාවට. ඈත BLOCK එකකින් ඇහෙනවා කුණුහරුප පේළියක්. ඌ කුණුහරුප වලින් පදමාලාවක් හදල තනුවක් දානවා.

මම වැනි වැනී ගිහිං කාමරේ ලයිට් එක දාන කොටත් ප්‍රියා ඇඳට වැටිල ගොරවනවා. කමිසෙ ගැලවිලා ඉස්කිරිමට වැටුනා. සපත්තු දෙක ඇඳ යටට රිංගුවා. කලිසම ටිකක් කල්පනා කළා, සරම කොහෙද කියල. ඒත් සරම හම්බවුණේ නැති නිසා කලිසමත් ඉබේටම ගැලවිලා ඉස්කිරිමට ගියා. යට ඇඳුමුත් ඒ පාරෙම ගියා. මං දැං හෙළුවැල්ලෙන් කාමරේ එහාට මෙහාට කැරකෙනවා.

ප්‍රියාව නැගිට්ට වන්න හිතුනත් පව් කියල හිතිලා නිකා හිටියා. කෝකටත් එයා නිදන එක හොඳයි මගේ මදුරු කතාව එතකොට නිදහසේ කියන්න පුළුවනි. මං ඒ බලාපොරොත්තුවෙන් ලයිට්එක නිව්වා. අඳුර “බකස්” ගාල කාමරයට කඩාගෙන වැටුණත් ටික ටික

දියවෙන්න පටන් ගත්තා. එළියෙන් ඇතුළට ආලෝකය කාන්දුවෙලා ආපහු අඩ අන්දකාරෙ ඇතිවුණා. තවමත් මං හෙළුවෙං. ඇඳ උඩිං හිමීට ඉඳ ගත්තා. ප්‍රියා ඇහැරුනොත් වැඩේට බාදයි. ඒත් අඩඅඳුරෙ දකින ඒකිගෙ රූපයට මගේ හිත වශීවෙලා. මං පාත් වෙලා මූණ ඉම්බා. ගල් පිළිමයක් වගේ එයා එහෙම්ම ම හිටියා.

මං අනෙක් පිට හැරුනා. මං දැං නොඉවසිල්ලෙන් ඉන්නෙ එක්තරා රුවක් දැක ගන්න. ඒත් එයා පරක්කුයි. දැං කාමරයට හොඳටම එළිය තියෙනවා. අල්ලපු BLOCK එකෙන් ආලෝකය තවමත් මෙහාට කාන්දු වෙනවා.

බිත්තියේ පුංචි කුරුමිනියෙක් එහා මෙහා ඇවිදිනවා. හූනෙක් හිමිං ඌට කුරුමානම අල්ලනවා. ඔන්න හූනා තත්පරයක් බලාගෙන ඉඳලා කුරුමිනියට ළං වෙනවා. කුරුමිනියා ඔහේ බිත්තිය දිගේ ඇවිදිනවා. මහා හෑල්ලූවෙන් ඇවිදගෙන යන ඌට මරණය ගැන ගානක් වත් නෑ. හරියට අපි වගේ හූනගෙ කට ලඟිනුත් ගිහිං. ආයෙත් ඈතට යනවා. හූනට ඒ පාර හොඳටම කේන්ති ගිහිං. නැට්ට කරකවල කුරුමිනියව කන්න හදනවා. බිත්තිය දිගේ කුරුමිනියා ආපහු ඈතට ඇදෙනවා. යාං තං ඌ බේරෙයි කියල මට හිතුනත් ඒ ගොං තකතීරු කුරුමිනියා ආපහු එනවා. හූනත් වලිගෙ කරකවල කන්න බලාගෙන ඉන්නවා. කුරුමිනියා කඩාගෙන බිඳගෙන හූනදිහාවට ඇදුනා. ඌ ආපු වේගෙට නැවතුනේ හූනගෙ බඩ යට. මෙන්න බොලේ හූනා ආපහු හැරිල හුරේ රන් කියල දුවනවා. දුවල ගිහිං අල්මාරිය යටට රිංගුවා. කුරුමිනියා ආයෙත් ඔහේ ඇවිදගෙන ගියා. මට හිනා. ඒ කුරුමිනියා එක්කරගෙන යන්න හිතුනා අපේ වෘත්තීය සමිතියෙ සභාපතිය ගාවට. සභාපතියට පාඩමක් කියල දෙන්න. කොන්දක් නැති මී හරක්.
මේ මං මොනවද කියවන්නෙ. ආයෙත් කාලේ පැනලා. දැං බහිමු කාරණයට.

ඔන්න මදුරුවෙක් ඇවිත් අතේ වහනවා. ඌ විදින්න ඉස්සර කෙළ දාල මගේ හම පදං කරනවා. ඔන්න දැං මට රිදෙනවා. ඊට පස්සෙ “චටාස්” ගාල ගහන්න ඉස්සර මං ඇස් ළං කරල බැලූව ඒ “මදුරි” මද කියල. (මදුරි කියන්නෙ මදුරුවගෙ ගෑනු සතාට. ඒ වචනෙ හරිද වැරදිද කියල හොයාගන්න හිතවත් මහාචාර්යවරු කීප පළක් ගාවට ගියත් කාර්යය ඉටු වුණේ නැහැ.)
“මදුරි”
“ම්”
“මොකද කතා නැත්තෙ?”

“ඇයි උස්සපු අතෙන් ගැහුවෙ නැත්තෙ”
ඒක මාර ප්‍රශ්නයක් ඒත් මං කතා කළේ නෑ.
“ඒයි”
එයා කතා කරනවා.
“ඇයි”
“ඇයි දෂ්ඨ කරලත් ලේ නොබී බලාගෙන ඉන්නෙ”
මමත් එකට එක කරා. දෙන්නටම බකස් ගාලා හිනා ගියා. ප්‍රියා ඇහැරෙයි කියල මට බය හිතුනා. ඉස්සර ප්‍රියාගෙ කණට කරල කණුහරුප කිව්වමත් අපි දෙන්න හිනා වෙන්නෙ එහෙමයි.
“මොකක්ද අර දුමක් එන්නෙ”
මම පුදුම විදියට කලබල වුණා. අනේ අම්මපල්ල මේ ගෑනි මදුරු දැල දාන්න කම්මැලි කමට කරන වැඩ.
“ඒ මදුරු දඟරයක්, ඉන්න මං නිවල දාන්නං ඔයාට අමාරු ඇති”
“අපොයි නෑ මට ගානක් වත් නෑ”
මට පොළව පලා ගෙන යන්න හිතුනා. මං කිව්වෙ නැද්ද මේ මදුරු නාශක හදන්නෙ මදුරුවොම වෙන්න ඕන කියල.
“ඔයා අද හොඳටම බීල නේද?”

මදුරුවො උනත් ගෑනු ජාතියෙ සමාන ලක‍්ෂණ තියෙනව කියල මට හිතුනා. මම එයාව නහය ළඟට ළංකරල ඉඹින්න හැදුවා.
“එපා”
“ඇයි”
“මාව පොඩි වෙයි”
මගේ වෙරිය තාම හිඳී නැති බව මම ප්‍රත්‍යක‍්ෂ කර ගත්තා. මට හිතුන ඊයෙ සිද්දිය ගැන අහන්න.
” එයා ඊයෙ බැන්නද ? ”
” මොකටද? ”
” නෑ~ ඔයා මගේ ලේ උරා නොබී මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියෙ ඇයි කියල ඇහුුවෙ නැද්ද ? ”
” ඒක අහන්න දෙයක්යැ. හිතා ගත්තෑකිනෙ ”
” ඒ කොහොමද ? ”
” ඔය ඇඟේ උරා බොන්න තරම් ලේ තියෙනවයැ ”
” අනේ අම්මප මෙහෙමත් ගෑනු කොට්ඨාශයක්. අපිව හෙළා දකින්නමනෙ ලෑස්ති වෙන්නෙ. එක අතකින් මදුරි වැරදි නෑ කියල හිතුන.”
යළිත් මොහොතක් මම පි්‍රයා දෙස බැලූවේ ඈ අවදි වේ දැයි සැක හැර දැන ගැනීමට.
ජනේලයෙන් මදුරුවෙක් පියාඹා එනවා මට පෙනෙයි. එකත් එකටම “මදුරි” ගේ මදුරුවා වෙන්න ඕන. දැං මං මොකද කරන්නේ. මට දුවන්න හිතුනත් දිව්වෙ නෑ හෙළුවැල්ලෙන් ඉන්න නිසා. කොහොමත් පිරිමි මදුරුවෝ ලේ නොබොන නිසා හිත හදා ගත්තා. මදුරුවා කණ ගාවින් “කූං” ගාගෙන පියෑඹුවා අහස් යාත්‍රාවක
බෝම්බ හෙලන්න ඉස්සර මාන බලනවා වගේ. කාමරේ දොරෙන් පිටට ගිය ඌ ආපසු ඒ දැයි මම විපරම් කළා.
“ඒ එයාද”
“ඔව්”
“ඉතිං දැං මොකද කරන්නෙ”
“කරන්න තියෙන්නෙ මරාගෙන මැරෙන එක”
“අනේ එපා එයාට කරදරයක් කරන්න එපා”
“මදුරි කඳුළු වගුරන්න පටන් ගත්තා. ඒකත් ඇත්ත තමාගෙ මනුස්සය මරණවට කැමති වෙයියැ. මට ප්‍රියා ගැන හිතුනා. මාව මරන්න විශාල යෝධයෙක් එනවා, යෝධයා ප්‍රියා එක්ක හාදකං පවත්වනවා, යෝධයා ලව්වා මාව මරවන්න හදනවා. යෝධයා තඩි අතක් උස්සලා මට ගහනවා.,
“බුදු අම්මෝ”
හරි වැඩේ ප්‍රියා ඇහැරිලා මදුරිව දකීද දන්නෑ.
“මොකද ඔයා හීනෙං බය වුණාද ? කෝ සරම ?”
“සරම මේ~
හැබෑවටම සරම කෝ. හරි මම සරමක් ඇන්දෙ නෑනෙ.
“ඔයාගෙ ඇගේ මදුරුවො කනවා නේද ?”
“නෑ කමක් නෑ”
“කෝ මං කොයිල් එකක් පත්තු කරා. ඒකත් නිවිලා. අපි නෙට් එක දාමු.~
“එපා”
“ඇයි ළමයෝ. ඔය ඔයාගෙ අතේ මදුරුවෙක් කනවා”
“දෙයියනේ මං මොකද කරන්නෙ. එක්කො මදුරි යන්න දැන ගන්න ඕනි. එයත් එක්ක අනිසි ඇසුරක් ඇරඹීම මහා මෝඩ කමකැයි මට සිතේ.
“මදුරුවො මරන්නැතුව ඔයා රහත් වෙන්නද යන්නෙ”
මට කියාගන්න දෙයක් නැත. කරගන්න දෙයක් නැත. ගෑනියක් සමග හොර ඇසුරක් පවත්වන්න මෙතරම් අමාරුවක් නැත.
“කෝ ඉන්න මං ඌව මරළ දාන්න”
ඒ පාර ප්‍රියා කරදර කරයි. ජනෙල් කවුළු වෙන් ලයිට් එළිය ගලා නාවානම් මේ කිසි කරදරයක් නැත. එතකොට කට්ට කළුවරේ මේ කතාව කියල දාන්න තිබුණ. මදුරිත් ප්‍රියාට දෙවැනි නෑ මෝඩ කමෙන්. මේ වෙලාවෙ මග ඇරිය නම් ඉවරයිනෙ. මට දාඩිය දමාගෙන එයි.
“ඔයාට මොකද වෙලා තියෙන්නෙ. කෝ ඉන්න මං ඌව මරන්න.”
“එපා එපා”
“එපා ? ”
“ඔව් එපා ඔහේ හිටිය දෙං”
“ඇයි”
ප්‍රියා නැගිටලා වැරෙන් අතට ගැහුවා. දසමෙන් මදුරි බේරුණා. එසැනින් එයා ඉගිල්ලූනා.
“අනේ යන්න එපා”
මට කියවුණා. මදුරි ආපහු වටයක් අපි දෙන්න වටේ කැරකුනා. ප්‍රියා උඩ පැනලා මදුරිව අල්ලන්න හදනවා. මට යකා නැග්ගා. මං ප්‍රියාව පැත්තකට ඇදල දැම්මා. ඒත් එයා දරද~ු වුණා. මගේ ඉවසීමේ සීමාව පහුවුණා. වැරෙන් පාරක් ගැහුවාම ප්‍රියා ඇඳ උඩ වැටුණා. මදුරි ජනෙල් කවුළුවෙන් එළියට පියෑඹුවා.
“ආයෙත් හෙට එන්න”
මං එහෙම කීවම එයාගෙ ගමන ටිකක් බාල කරා. ආපහු හැරිල මගේ කණ ගාවිං යන ගමන් මෙහෙම කියනවා.
“මං ආයෙත් එන්නෙ නෑ. ඔය දෙන්න හොඳිං ඉන්න”
හත් දෙයියනේ මට ඇතිවුණේ පුදුමාකාර දුකක්. මං ජනෙල් පොළු බදා ගත්තා. මට ඇඬෙනවා. ක`දුළු බේරෙනවා. අසරණ වෙච්ච මං ඇඳ දිහා බැලූවා. ප්‍රියා හිමිං ඔළුව අත ගගා නැගිටිනවා.
එයා ඔළුව අත ගාන ගමං හිනා වෙනවා. මගේ හිත ටිකක් හෑල්ලූ වුණේ රවන්නෙ නැති නිසා. මං මේ වෙලාවෙ එයාට මොනව හරි කියන්න ඕනි.
“ඔයා තරහද ? මට මොනව උනාද කියල මතක නෑ. මට ටිකක් වෙරි වැඩි වුණා ද දන්නෑ. මට මුකුත් සිහි නෑ.”
මම මට වෙච්ච දේ අරක්කු වලින් වහ ගන්න හදනවා.
“මං දන්නවා ඔයාට සිහිය නෑ කියලා”
“ඒ කොහොමඳ ?”
“ඔය සරම ඇඳ ගන්න”
ඇඳ විට්ටමේ තිබී හමුවූ සරමට බැස්ස මම ජනේලයෙන් එළිය බලාගෙන කල්පනා කළා.
“දැං ඔය සිද්ධිය අමතක කරල දාමු~
ප්‍රියා එහෙම කීවට ඒක කොච්චර අමාරුද ? ඒක සිද්ද වෙන්න නම් මදුරු සංහතියම නැති වෙන්න ඕන.
“ඒක කරන්න බෑ ප්‍රියා”
“ඇයි බැරි ?”
“මදුරු තෙල් කාරයො පගා ගහනවා”


වසන්ත දුක්ගන්නාරාළ
මේ දවස්වල චාටර් කුබියාගේ කතාව නැගල යනව.කතාවෙ හැටියට කූ බියාට වෙන ඉරනම ගැනනම් හරිම දුකයි.කරන්න දෙයක් නැ.උ කකුල හපල ‍‍ෙඕනෙ නැති වැඩත්නෙ කරල තියෙන්නෙ.ඒකට දඩුවම තමා චාටර් වීම.


හි හි හි.....අපෙ අයියල ඉන්නව නේ.මොකෙක්හරි කමක්නැ චාටර් කරන එක තමා ප්රියතම වැඩේ වෙලා තියෙන්නෙ.

අපෙ එකෙක් හිටිය බල්ලො චාටර් කරන එකෙක්. ගෙදර බල්ල යින්නව නේද.අපි මොනව කැවත් උ ලගට ඇවිත් ඉල්ලනව නෙ.ඉතින් උට කන්ට දෙන්න ගියින් ආය ගන්නව.ඉතින් උ හරි පවු.හැබැයි අන්තිමේට බල්ල උව ගනන් ගත්තෙවත්නැ.

ඉතින් මම කියන එක මටම තේරෙන්නෙ නැති වෙලාවක්මේ.

 
මට කියන්න ‍ඕන වුනේ මේකයි.කල්වනවෙන් ඉන්න.දවසක චාටර් කූබියා ඔබ වෙන්නත් බැරි නැ. එතකොට මතක්කරල බලන්න තමන් කාවහරි මේ වගේ චාටර් කරල තියනවද කියල.හි හි හි...ඒකට ටොක්ක තමා ඹය හම්බෙලා තියෙන්නෙ.

ඔන්න ඉතින් අද ලෑස්ති වෙන්නෙ ඉක්මනට සල්ලි හොයන්න හිතාගෙන ඉන්න අපේ හිතවතුන් හිතවතියන් වෙත පොඩි කතාවක් කියන්නයි .කතාවට මෙහෙම මුල පුරන්නම්. ‍මගෙ හොදම යාලුවෙක්ගෙ යාලුවෙක් රුපියල් ලක්ෂ 7ක් කෙලවගත්ත කියල ඊයෙ උදේ දැනගන්න ලැබුන.හැබැයි ‍මගෙ හොදම යාලුව නම් කලින් එහෙම කරගෙන ‍තිබුන නිසා බේරුනා.(කලකට ඉහතදී කෙලවගත් එකෙක්) හි... හි....දවල් වෙනකොට කෙලවාගත් පිරිස එන්න එන්නම වැඩිවී තිබුන.එකෙක් රුපියල් ලක්ෂ 1.40000 ක්, තවත් එකෙක් 28000, මම දන්න අක්ක කෙනෙක් රු 14000ක්. ඔය මම දන්න කිහිප දෙනෙකුගෙ විතරයි.නොදන්නා අය ඇතුලුව මුලු එකතුව කොටි 9ක්.හරි හරි කට්ටිය බලනව ඇති මේකා මේ කියන්න යන වැල්වටාරම මොකක්ද කියල.

කතාව මෙහෙමයි.කවුරු උනත් ආසයිනෙ ඉතින් ඉක්මනට සල්ලි හොයන්න.මේ ක්රමයෙන් ප්රයෝජන ගනන් ‍අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙ අයියල ටිකක් සමත් වෙලා තියනව.හරි මේ කයි දැන් උනේ මේ කට්ටිය ඇවිල්ල Sun Lanka Soft Solution කියල ආයතනයක් පටන්ගෙන තියනව.මම මේ ගැන මම දැන ගත්තෙ අත් පත්රිකාවකින්.සල්ලි හොයන විදිහක් නිසා මමත් ඉතින් හොදට කියවල බැලුව.මෙන්න බොලේ වැඩක් Sun Lanka Soft Solution.හැබැයි ඉතින් web එක දාල තිබුනෙනම් free Hosting එකක.මට හිතුන මේකනම් මගෝඩියක් තමයි කියල.

ඉතින් මමත් මගෙ යාලුවෙකුත් එක්ක නිවාඩු දවසක දඩාවතේ යනගමන් ඕක මතක් වෙලා Sun Lanka කියන තැනට ගොඩවැදුන නිකන් විහිලුවට වගේ.ඒකෙ හිටපු ඔක්කම වගේ ටැමිල් අය.ඉතින් අපිට විස්තරකිව. මේ දවස්වල එ කට්ටිය project වගයක් කරනවලු.එවගෙ Data Entry කරන්න තියෙන්නෙ කියල. Data Entry කරනවට ඒකට්ටිය මුදල් දෙනව කියලත් කිව.හැබැයි එකට්ටියගෙ project ගන්නවට 14000ක් ඩිපොසිට් තියන්න ‍ඕනලු.ඉතින් මම ඇහුව ඉතින් ඔය project අතින් ලියලද තියෙන්නෙ කියල.නැ අපි pdf එකක් දෙනව.ඒක type කරල දෙන්න තියෙන්නෙලු.ඊටපස්සෙ මාසෙ අන්තිමට project එකේ ගෙවීම වන රු 6000ක් දෙනවලු.අපිට කැමති project ගානක් ගන්න පුලුවන්ලු .අපි දෙන්නට බකස් ගාල හිනා ගිය.ඇයි දෙයියනේ pdf එකක් word කරන එක මහ කජ්ජක්යැ..තව....e mail මාකටින් කරනව කියලත් කීව. e mail මාකටින් කරන්නතියා මුන්ට හොද site එකක් වත් නැ .ඉතින් විස්තර අහද්දි හොදටම තේරුනා ලොකු බොරුවක් කරන්නෙ කියල.අපි දෙන්න ඉතින් අපිට ඔය ගැන කියලදුන්න Girl ව හොද හැටි බයිට් කරලයි ආවෙ.ඇත්තම කියනවනම් අපි අහපු සමහර දේවල් වලට දෙන්න උත්තර එයා ලග නැ.කට පාඩම් කරගත්ත ටික තමයි කියන්නෙ.කොහොම හරි කෙල්ල හොදටම අමාරුවෙ වැටුන.කොහොම හරි ඉතින් අන්තිමට අපෙන් ඇහුව project ගන්නවද කියල.14000 අපෙන් ගන්නෙ නැත්නම් project ඔක්කොම ටික හරි ගන්නව කියල අපි එලියට ආව.

ඉතින් ටික දවසක් යනකොට දැනගන්න ලැබුන කට්ටිය ජයටම වැඩේ කරගෙන යනව කියල.මම නම් මට කිව යාලුවො කිහිප දෙනෙක්ටම තත්වය පැහැදිලි කරල දුන්න. සමහරු අමාරුවෙ වැටුන, සමහරු මම නිසා බේරුනා.උන් මට පින් දෙනව දැන්.මම කිව මට පින් එපා පාටි එකක් දිපන් කියල.

ඔන්න කොහොමහරි Sun Lanka Soft Solution දැන් වහල.එතන වැඩකරපු කෙල්ලො ටික මහනුවර දුෂන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට අරගෙන.ඉන්දියන් කාරයයො ටික රටින් පැනල ගිහින්.වන්චා කරපු මුදල රු කෝටි 9 ක් පමණ වෙනව කියලයි ආරන්ච් මාර්ග පවසන්නෙ.


ඔබ කිසිකලෙක අපේ රටේ ජනතාව වෙනුවෙන් යහපත් සේවයක් කිරීමට ඉදිරිපත් වෙනවානම් බැණුම් ඇසීමට ශක්තියක් ඇතිවම ඉදිරිපත් විය යුතුයි.
එසේ බැණුම් ඇසීමට හැකිද ?....
සිංහල මිනිසුන් පුදුම ජාතියක්, පුදුම මිනිස්සු කොටසක්, ඔවුන්ට සේවය කළත් නොකළත් බනිනවා. සේවය කළොත් වැඩියෙන් බනිනවා. ඒවාට සිනාසී වැඩ කරන්න හැකිනම් ලංකාවේ ජනතාවට සේවයක් කළ හැකිය. හැකිද ? .....’’



අනගාරික ධර්මපාල තුමා
Make money online keywords
19:32 | Author: දුෂාන්
ගුගල් එකේ enternet money ගැන හොයනවනම් මේ keywords පාවිච්චි කරල බලන්න

Make money online

how to make money fast
how to make 1000 dollars in a day
hidden internet money
trick make money with google adsense
how to make money on internet
number 8 and money affirmations
View Landing Page
how much money has kesha made?
earn with android app ads
internet money 2010
free methods for making money offline
money quote of the day
Money on the Internet without charged
money in internet
perfect make money machine
make money internet newbie
how to make money on android apps
how to make money with android apps
earn money instantly
business suggestion at home
money on internet
View Landing Page
instant profit machine scam
View Landing Page
make money on the internet 2010
lets make money at home
earning money phrases
how to make money from android apps
making money from android app
what is s a money system
make money with android apps
Best Internet money maker for 2010
perfect money machine
how to make money android apps


So this is a make money online secret, rank for many keywords related to make money niche and market.

How to make money

How to make money?The internet money is a make money blog.But what's in for you visiting our blog? 1.Learn how to make money 2.Discover ways to make money online 3.Use some of the most powerful making money ways,seo,internet marketing and blogging. So here are great ideas to make money.


How to make money
Make money
Make money online
Make money on the internet
Make money easy
Make money every month
Make money fast
Make money from home
Easy ways to make money
How to make money online

විශ්මයකි.
දෙවියන් අපව දෙදෙනෙක් කිරීම.
දකුණත පෙන්වයි වමතට කළ යුතු දේ.
එක් කණක් සවන් දීමට,
අනෙක් කණ ඇසීමට.
අනෙකාගේ ප‍්‍රශ්න.
එය හාස්‍යජනකයි.
ඒ වගේම භයංකරයි.
එක් ඇසක් බැලීමට සහ අනෙක් ඇස අවධානයට.
සුන්දර නිධානයක්. ජීවිතය නවතන්න අවශ්‍යයි.
එක් පයක් ඇවිදින්නට, එක් පයක් සිටගන්නට.
දෙපයම සිටගත් විට වැටෙන්නට යන විට.
එක් මිනිසෙක් ගැහැණියගේ පසෙකින් සිට ගන්නට.
ගැහැණියක් සතුටු වෙයි ඔහුගේ බිරිඳ වීම ගැන.

පාන්දරින් නැගිට්ට මම බිත්තියේ එල්ලිලා ඉන්න මල්ලට කතා කළා.

“ම්හ්”

ඌ තාම නිදි මල්ල අතට අරං සටස් පටස් ගාලා ගස්සා දැම්මා.

“මොන රදේදක්ද”කියල මල්ල ඇහැරුණා.

ඈනුමක් ඇරිය මල්ල ආයෙත් නිදාගන්න මගේ කරේ එල්ලූනා. මං මේසෙ උඩ තියපු බලාපොරොත්තු ටික එකතු කරල මල්ලට පුරව ගත්ත. ඊට උඩින් අනුන්ගෙන් ඉල්ලගත්ත ඝනක යන්තරේ තිබ්බ.

“ජීවිතේම සැහැල්ලූවෙන් හිතපු තමුසෙ මොකද අද බරට හිතන්නෙ” හිත අහනව මගෙන්.

සුබදායක ගමනක් යන්න හදනකොට ඔය වගේ කතා කියන්න හිතට හිතක් පපුවක් නැද්ද මන්ද? මට ඉබේටම කියවුණා. එතකොට හිත කීරි ගැහුණා. හිතට ඒ ගැන දුක හිතෙන්න ඇති.

“අද අවසාන අවුරුද්දෙ විභාගෙනෙ”

බස් එකට නගින්න බස් හෝල්ට් එකේ ඉන්න ගමන් මං මල්ලට කිව්ව. මල්ල හක හක ගාලා හිනාවෙලා කියනව,

“බොහොම සන්තෝසයි” කියල

කාලෙකින් මල්ල වුණත් මං ගැන සන්තෝස වුණ එක ගැන මං සන්තෝස වුණා.

“ඇයි තමුසෙ සන්තෝස වෙන්නෙ” ඒ මම මල්ලෙන්.

මල්ල මටත “අවුරුදු හතරක් තිස්සෙ කදුළු ගෑස් එක්ක බැටන් පොලූ පාරවල් කාලා දැන් මට එපාවෙලා. හෙට අනිද්ද මාව සදහටම බිත්තියේ එල්ලල අලූත් මල්ලක් ගනීනෙ. රස්සාවක් එහෙම ලැබුණාම, මොකද තමුසෙ හොඳ උගතනෙ”

මට මල්ල ගැන ලැජ්ජ හිතුණ. මේ වගේ මල්ලක්නෙ මං අවුරුදු හතරක් තිස්සෙ කරේ එල්ලගෙන හිටියෙ කියල.

“බරාස්” ගාලා ප්‍රයිවෙට් බස් එකක් කණ උඩ නැවැත්තුවා.

හිත වෙවුලල ගියා කියල හිත කියනව. සයිඩ් කන්නාඩිය සාක්කුවේ දාගෙන මම බස් එකට එක කකුලක් තියාගෙන එල්ලූනා.

බස් එක ඉස්සරහට ඇදෙනව. මමත් තව කිහිපදෙනකුත් යන්නෙ පදික වේදිකාව උඩින්. සමහර වෙලාවට ගෙවල් වල මිදුල් වල උඩින්, කඩ බක්කි ගාවින්. මමයි බස් එකයි අතරින් ලයිට් කණු පහුවෙයි කියල මට වෙලාවකට බයත් හිතෙනව.

“බය වෙන්න එපා”

මම පස්ස හැරිල බැලූව කවුද කියල, දත් තිස්දකෙම මගේ මූණගාව. මිනිහ ටයි පටියකුත් ගහගෙන. මාත් එක්ක ෆුට් බෝඩ් එකේ.

“බය වෙන්න එපා ? තමුසෙ හරියට රක්ෂණ නියෝජිතයකේ වගේනෙ”



මගේ හිත බනිනව අර මිනිහට. හිතක් ගැන හිතා ගන්න බැරුව මිනිහ හිනාවෙනව.

“වැටුණත් ඉතිං පොළොවෙං එහාට වැටෙන්නෙ නෑනෙ”

අනේ උගේ මෝඩ කතා. බස් එකෙන් බිමට වැටුණොත් පොළොවෙන් නවතින්නෙ නෑ. එම්බාම් කරල පොළොවෙනුත් අඩි ගානක් පස් යට ගහන්න වෙනව. මොකද බස් එකේ ඩ්‍ර්‍රැයිවරයට ඉස්සරහින් යන වාහන සේරම ඉස්සර කරන්න දොළදුකක් හැදිල.

මේ වෙලාවෙ හිතට හිතාගන්න අමාරු ඇති මොනව හිතනවද කියල.

කකුලටත් අතටත් මගේ මුළු ජීවිතේම බාරදීල තවමත් මම ඇදෙනව ඉදිරියට. ඒ අතර බලාපොරොත්තු ඇදෙනව මල්ලෙන් එළියට. දෙයියනේ අප්පච්චිගෙ බලාපොරොත්තු එළියට පනිනව නේද? ඒත් අම්මගෙ ඒව විසින් ඒව අල්ලගන්නව. පත්තර කන්තෝරුව ගාවින් යද්දි බලාපොරොත්තු පොරකනව එළියට පනින්න. ඒ මගේ ඒවා. ඒත් අනිත් ඒවා ඔක්කොම ඒකට එරෙහි වෙලා. සමහර බලාපොරොත්තු “ටෙක්නිකල්” එක ළඟින් බහින්න හැදුවට, ඒකට ඉඩ දෙන්නෙ නෑ පරම්පරාගත බලාපොරොත්තු. තවත් වගයක් අරගල කරන්න හැදුවට, ඒකට විරුද්ධයි රටේ බලාපොරොත්තු.

ඔන්න බස් එක නැවැත්තුවා. බහින්න දෙයක් තිබුණෙ නෑ, මං බස් එකේ ආවෙත් බැහැලනේ. එතනින් ඉක්මණට මාරු වුණා. සතුටක් ඇති වුණා. මල්ලෙ තිබුණු එක බලාපොරොත්තුවක්වත් බිමට නොදමා ගේන්න පුළුවන් වීම ගැන.

“තමුසෙ බස් එකට සල්ලි දුන්නෙ නෑ නේද”

මම උඩ ගිහිං බිම බැලූවේ හොඳ වෙලාවට වටපිට කවුරුත් නැහැ. එහෙම කියල තියෙන්නනෙ හිත. මා ගාව සල්ලි නැති විත්තිය මං දැන නොගත්තත් මගේ හිත දැන ගන්න එපායැ. මට හිත ගැන හිතුනෙ පුදුම තරහක්.

මෙහෙම හිත හිතා යනකොට දන්නෙම නැතුව ගේට්ටු කණු දකෙත් පහුවෙලා.

මම අලවපු පෝස්ටර් හිනාවෙනව මට. නෑ විරිත්තනවද කියලත් සැකයි. විරිත්තුවත් මට මොකද? මෝඩ පෝස්ටර් මං මං ගැන වගේම උන් උන් ගැනත් ලැජ්ජ වෙන්න ඕනැ. නිස්කාරනේ කාලෙ කෑව විතරයි. සම්භාව්‍ය පාවාදීම් වලට වේදිකා හැදීම තමයි අපි කරල තියෙන්නේ.

සමූහ ගොවිපළට එළුවො බාර දෙන්න ඉස්සරින්දා කීප දෙනකේ මරාගෙන කන එවුන් එක්ක මොන සමාජවාදෙ ද?

“ට්‍රිං ට්‍රිං‍රං වෙලාව අටයි තිහයි දැං දුවපල්ලා”

කට්ටියම ප්‍රශ්න පත්තර උඩ නැගල දුවනවා. මට හිනා. ඝනක යන්ත්‍රය නෙත් අයා හි`දියි, ඔබන තකේ එය. එහෙත් ගණන් සැදිය නොහැකි කල මොකට ඔබනවද ඒක. ෂිහ් ජීවිතේ මා ලද අරුමය කොයිදැන් ඒවා. මට පිස්සුද ඇත්තටම. නෑ මට පිස්සු හැදෙන්නෙ නෑ. ඒ තරම් මම නිරෝගියි.

“ලකුණක් වත් ගන්න ලියන්නෙ නැද්ද උඹ” හිත අහනව මගෙන්.

“මොනව ලියන්නද” මං කියනව හිතට. හිත අහනව මගෙන්.

“තමුසෙ බැඳලද” ඒත් ඒක මොකටද හිතට.

“නෑ නිකං කියනවකො ” හිත අවඥාවෙන් අහනව.

“මං බඳින්න ඉන්නව” මට කියවුණා.

“ඇත්තද එහෙනම් තමුසෙ බඳිනව වද දෙන්නෙ නැතුව”

මට හිත කියනව. හිත මොන හිතකින් මේව කියනවද කියල මට හිතාගන්න බෑ.

හිතට මොකද එක පාරටම බඳින්න හිතුනෙ. එකත් එකටම ඒකිට හිත වැටිල. ඒත් ඉතිං “පළමුව විභාගෙ දෙවනුව විවාහෙ”

ඊ ළඟට රස්සාවක්. මොකද කසාද බැඳල අවුරුද්ද දෙක යනකොට කටවල් පේළියක් එනවනෙ. කන්න දෙන්න වෙන්නෙ අත පය තමයි. දැං වගේ හොදියි, පානුයි වලින් ම දිවිගෙවන්න අමාරුයි තාත්ත කෙනකේ උනාම. අනික වදන වදන එකා හෙළිකුට්ටෙන් තියන්නයැ. උනුත් මෙතන උද්ඝෝෂණ උපවාස පවත්වයි. තාත්තගෙම පුත්තරයොනෙ.

“දැං ප්‍රශ්න පත්තර අමුණන්න කාලය අවසානයි” හිතද කිව්වෙ ?

“අපොයි නෑ ශාලාධිපතිතුමා” හිත මට පැහැදිලි කරල දුන්න. සෙස්සෝ කොළ අමුණද්දී මම අමුණනවා කොළ නොමැතිව නූල් කෑලි දකෙක්.

“දැන් ඉතිං ඇති ප්‍රශ්න පත්තරේ වත් ගැටගහපං” ආයෙත් හිත කෑගහනව.

මල්ල මට පේනව විභාග ශාලාවෙ කොනක හාන්සි වෙලා ඉන්නව. දෙයියෝ සාක්කි කෝ ඒකෙ දාගෙන ආපු බලාපොරොත්තු ටික. අන්න ඒවා ජනේලෙන් රිංගල දේශන ශාලා වලට ඇදෙනව. නොදකිං විතරක් ආයෙත් ඒව හොයාගෙන අවුරුද්දක් විතර ලෙක්චර් රූම් එකේ බඩගාන්න එපායැ.

රාළගේ කතා

“දඩාස් ”


ලොකු නෝනගේ කොහු මිටි පාරින් මම උඩ ගොස් අවදි උනෙමි. තව පාරක් කොස්ස මගේ හිසට එනු දුටු මම පැන දුවන්නට තැත් කළද මට වඩා කොස්ස වේගවත් විය.

“බැහ් බැහ් ”

මට කෑ ගැසුණි. කුස්සිය මැදින් ගොස් දොරෙන් එළියට පැන ගත්තද ගේ දිගටම මට හුලිජ්ජ ගොස් තිබුණි. ඒ ගැන මට මහා කණගාටුවක් ඇති වුණත් යටි සිතෙන් සතුටු වෙමි. මක් නිසාද කුස්සිය මැද එවැනි දෙයක් කිරීමෙන් ලොකු නෝනාට මහත් අපහසු තාවයක් ඇතිවන බැවිණි.

මම හෙමින් හෙමින් වීදි දිගේ ඇවිද ගියෙමි. තවමත් කොඳු නාරටිය කකියයි. වේල් දෙකකින් මොකවත් නොකෑව වග බඩ මතක් කර දෙන්නේ ගොර ගොර හඩිණි. මම තව දුරටත් ඇවිද යමි. වීදි දිගේ, කානු දිගේ, පිට්ටනි දිගේ, ඇවිද යන මම තාප්පයකට කකුල උස්සා කුස්සියේ දමා ඉතිරි වූ ටිකද පිට කළෙමි.

ඊයේ ලොකු නෝනගෙ මහත්තයයි ලොකු නෝනයි ඒ කියන්නෙ “ලොක්කයි” “ලොක්කියි” ආයෙත් ගෝරි වෙලා. එහෙම දෙයක් සිද්ද වුණාම ඒක මට මතක් කරල දෙන්නෙ කොස්ස. ලොකු නෝන ඒ කියන්නෙ “ලොක්කි” මට කොච්චර ආදරේද? මට වෙලාවකට කන්න බොන්න දෙන්නෙ තමුන්ගෙම දරුවකුට වගේ. මාව හැමදාම නාවනවා. එහෙම කරන්නෙ නම් මං ගාව ඉවසන්න බැරි තරමටම ගඳ ආපුවම.

මුළු පළාතෙම රවුමක් ගහපු මම ආපහු ගෙට ගොඩවුණේ කොස්ස තවමත් ලොක්කිගෙ අතේද නැත්නම් ගෙයි මුල්ලෙද කියල සෝදිසියෙන්. කොස්ස දොර මුල්ලෙ ඉඳන් විරිත්තනව.

“හැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණි”

“ලොක්ක” සර්පිනාව බදාගෙන. ඒ කියන්නෙ දෙන්න ආයෙත් යාළු වෙලා වගෙයි. අනේ මෙහෙමත් මිනිස්සු. දෙන්නගෙ සණ්ඩු බත ඉදෙනකං නෙවේ, සර්පිනාව ගහනකං විතරයි. ඒකට හේතුව දෙන්නගෙම ප්‍රධාන ආහාරය බත් නෙවේ. සංගීතෙ හන්ද. සමහර දවස් වලට ගෙදර උයන්න දෙයක් නැති වුණාම “ලොක්කි” කෑගහනව.

“ගෙදර හරියෙම උයන්න කියල දෙයක් නෑ තමුසෙ ඕක ගහ ගහ ඉන්නව”

“ඇයි මැණිකෙ කෑමට ස රි ග ම ප ධ නි ස තියෙන්නෙ”

එහෙම කියපු දවසෙ රෑ කෑම කූඩෙ උස්සපු ලොක්කට ඌරු ජුවල් ගිහිං.

“කෝ යකෝ කෑම”

“ඔය තියෙන්නෙ ස රි ග ම හොද්දක් හැදුව. ප ධ නි ස තෙල් දැම්ම. පොඩ්ඩක් ඉන්නව කෝමල ස්වර ටිකක් බැදල ගේනකං”

එදා ගෙදර යම යුද්ධයක්. ලොක්කි කනේ පාරක් කාල ඇඳේ වැටිල නිදා ගත්ත. ලොක්ක රෑ තිස්සෙ සර්පිනාවෙ “රීඩ්” කන්න හදනව බඩගින්නට.

භෛරවි රාගය

ඒකෙන් උද්දීපනය වෙන්නෙ ශෝක රසය කියල කියනව දවසක් මං අහගෙන. ලොක්කත් අද ශෝකෙන් හින්ද වෙන්න ඇති ඒක මේ වෙලාවෙ කියන්නෙ. ඒ වුණාට මට නං කංකරච්චලේ බෑ.

“ස නි ස නි නි ධ ප ම”

කොහොම නමුත් පහුවදා උදේම දෙන්න මෝටර් සයිකලේ නැගල තුරුළු වෙලා වැඩට ගියා.

අදත් ලොක්ක ඔබන්නෙ ශෝක ගීතයක්. මං ටිකක් සෝදිසියෙන් බැලූව. හරියට හරි ලොක්කගෙ සිංදුවේ තාලෙට වෙනද තබ්ලා ගහන ලොක්කි අද ඉකි ගහනව. ඒකෙත් රිද්මය තියෙනව කියල දවසක් ලොක්ක කීව.

ඔන්න ලොක්ක සර්පිනාව අත් හැරල කුස්සිය පැත්තට යනව. මගෙත් බඩගින්න අසූහාරදාහට නැගල. මමත් හෙමින් හෙමින් පසු ගමන් කළා. ඒත් කුස්සිය දොරෙන් ඇතුළට යන්න මට මොකක්දෝ වගේ. ඇයි දවල් වෙච්ච දේ මතක් වෙන කොට මට විලි ලැජ්ජාවෙ බෑ. ඒ හින්ද මම මැද සාලෙම නැවතුනා. පුංචි නිහැ`ඩියාවකින් පස්සෙ හට්ටි මුට්ටි පෙරළෙන හ~ක්් එක්කම මං උඩ ගිහින් බිම වැටුණා.

“මට කන්න උයල දෙන්න බැරි නම් මක බෑවියන්”

ලොක්ක ඒක ගායනා කළේ උච්ච ස්වරයෙන් උනත් වැඩේ ශ්‍රැතියෙන් පිටයි කියල මට හිතුණ. ශ්‍රැතියෙන් කෙසේ වෙතත් මං ගෙයින් පිටවෙන එක ඇ`ගට ගුණයි කියල හිතුනත් සැපේදි වගේම දුකේදිත් ලොක්කයි ලොක්කියි එක්ක ඉන්න එක මගේ යුතුකමක් හින්ද මං හෙලවුණේ නැහැ. කුස්සියෙ කලබගෑනිය අහවර කරල ලොක්ක එනව කොරිඩෝව දිගේ මැද සාලෙට. මගේ ගරු ගාම්භීර තාලෙ කිසිම ගානකට නොගත්ත ලොක්ක මටත් පයින් ඇනගෙන ගියේ මං තරංවත් කෙලෙහි ගුණයක් නොදන්න එකකු මෙනි. කොහොම වුණත් ලොක්කිගෙ කොසු පහරට වඩා ලොක්කගෙ පා පහර ටිකක් බරපතලයි කියල තේරුනේ ඉල ඇට කූඩුව රිදෙන්න ගත්තට පස්සෙ.

මගේ හිතට ආයෙත් කණගාටුව කියන එක කන්දු වෙන්න පටන් ගත්ත. ඒත් ඉතිං මං කොහොමද දුක හිතුණ කියල ෙභෙරවි රාගය ගහන්නෙ.

ඊ ළඟට සටනේ දෙවෙනි පියවර පටන් ගත්තෙ නිදන කාමරේ. ලොක්කගෙ අතයි ලොක්කිගෙ කම්මුලයි පෙම් කෙළින හ~ මට එළිපත්තට ඇහුනා.

“චටාස්”

ඊ ළගට දෙබස් පැහැදිළිව ඇහෙන්න පටන් ගත්ත.

ලොක්කි : ” තමුසෙත් එක්ක දීග ආවට වැඩිය හොඳයි බල්ලෙක් එක්ක දීග ගියානං”

චිකේ මට ලැජ්ජ හිතුණ, මිනිසුන්ටත් වැඩිය බල්ලො හොඳ වෙලා.

ලොක්කි : “ඉතිං පළයංකො මගෙ මොකෝ ”

මගේ ඇගේ මයිල් කෙලින් වුණා. බැරි වෙලා වත් ලොක්කි හා කිව්ව නම් එහෙම. ඒත් ඊට පස්සෙ බලූ කතා තියා මොන කතාවක් වත් ඇහුනෙ නෑ. ලොක්කි ඉකි ගහනව. මම හෙමීට කාමරේට රිංගුවා. ලොක්ක බුම්මගෙන ඉන්නව. ලොක්කිගෙ ක`දුළු හරියට ලේන් එකේ ටැප් එක ඇරිය වගෙයි.

“කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

හේතුව මම

හේතුව ඉතිං මං නොදන්නව යැ. දැං ඉතිං දෙන්න කොහොමින් හරි රැය එළි කරනව. මේක මේ ගෙදර සාමාන්‍ය සිදුවීමක්. අවුරුදු ගානක ඉදල කෑම ප්‍රශ්නයට, සල්ලි ප්‍රශ්නයට, ළමයි නැති ප්‍රශ්නයට ඔය වගේ මහා කන්දරාවක් ප්‍රශ්නවලට දෙන්නගෙ විසඳුම තමයි මේක. හැබැයි ගොඩක් වෙලාවට සර්පිනාව ගහන්න ගත්තම ආයෙත් යාළු වෙනව. ඒත් ඊයෙ පෙරේද ඉ`දල මේ අලකලංචිය ටිකක් සැරයි. ලොක්ක බොන එකෙත් ලොකු වෙනසක් තියෙනව.

දෙන්න බකමූණු ජෝඩුව වගේ දෙපැත්තට වෙලා බුම්මගෙන බලාගෙන ඉන්නව. හෙට උදේ තුරුළු වෙලා මෝටර්සයිකලේ යන හැටි ගැන සිහින මවමින් මං ඇහැ පියා ගත්ත.

මං අවදි උනේ උදේ පාන්දර මගේ ඔළුව උඩට බර යමක් වැටීමේ ප්‍රතිඵලයක් හැටියටයි. හොදට ඇස් ඇරල බලන කොට ලොකු සංගීත පොතක්. “විශ්ව සංගීත කලා” තව ඩිංගෙන් මං මළා. මොකක්ද මේ විජ්ජුම්බරය කියල ඇහැරිලා බලනකොට ලොක්කි යමරෙට වැඩ. පොත් පත්, ඇ`දුම් පැළ`දුම් ඔක්කොම අස් පරස් කරනව. ආයෙත් දෙන්න යාළු වෙලා වත්ද. ඒත් ලොක්ක පේන්න නැහැ.

මං පොඩ්ඩක් ඉස්සරහ පැත්තට සක්මන් කළා. බොලේ වෑන් කට්ටක් ඉස්සරහ නවත්වල. මොකක්ද මේ වින්නැහිය. ආයෙත් මං ඇතුළට දිව්ව. තබ්ලා කූට්ටම, පොත් පත්, සාරි, කුඩ, කැසට් එක ඔක්කොම ලොක්කිගෙ අතේ එල්ලිල පෙට්ටියකට බහිනව. මට හිතා ගන්නවත් බැහැ. අද නම් වැඩේ භයානකයි.

“තස් තස්”

සමහර පොත් පෙට්ටියට පනිනව. ඒත් මේ වෙලාවෙ ලොක්ක කොහේ ගිහිංද? එයත් මේ වගේම බඩු පටව ගෙන ගිහින්ද දන් නෑ. ඒත් එහෙම වෙන්න බෑ සර්පිනාව උඩු බැලියං අතට විරිත්තගෙන ටීපෝව උඩ ඔය යස අගේට ඉන්නෙ. ලොක්ක යනවනං ලොක්කි දාල ගියත් සර්පිනාව නං දාල යන් නෑ.

ලොක්කිගෙ අතේ එල්ලිලා බඩු පෙට්ටිය වෑන් එකට ගොඩ වුණා. තබ්ලා කූට්ටමේ ජිල් එක පෙට්ටි කටෙන් උඩට ඇවිත් මට ඔරවනවා. හරියට ගේ දාල යන්න වුණේ මං හින්ද වගේ. ඒත් ඉතිං බුම් එක යනවනං ජිල් එකත් යන්න එපායැ. ඊට පස්සෙ ලොක්කි පුටුවකට බර වෙලා මොනවදෝ කුරුටු ගානව. ඒක ඉවර කරල සර්පිනාව උඩින් ලියුම තියල ආපහු මුළු ගේ දිහාම විපරම් කරල බැලූව.

“වරෙන් යන්න මාත් එක්ක”

ඒ මොන කතාවක්ද මට මේ ගෙදර දාල යන්න හිතෙන්නෙ නෑ. ඒකනෙ කොහු පාරවල් පයිං පාරවල් කකා මේකෙම වැටිල ඉන්නෙ. ලොක්කි මාව අල්ලන්න ආවට මං කොට බිත්තියෙන් පැනල පාරට දිව්ව.

“එහෙනං උඹත් ඌත් එක්කම හිටපන්”

ලොක්කි වෑන් එකට නැග්ගා. වෑන් එකේ එන්ජිම කෑ ගස්සවල හෙමින් හෙමින් ඈතට යනව.

“ඩොකොස් ඩොකොස්”

වෑන් එකේ රිද්මයට තාලයක් එකතු කළේ පාරෙ වලවල්. මට ආයෙත් ගේ ඇතුළට යන්න හිතුන. මුළු ගේම පාළුවට ගිහිං. සර්පිනාව කට බලියාගෙන ඉන්නවා. ඒකෙ උඩ තියෙන ලියුං කෑල්ල “සට පට” ගාල හුළගට ගැහෙනව. ඒකෙ ලියල තියෙන එක භයානක ඇති. මට හාමත වැඩි කමටද කොහේදෝ නින්ද ගියා එතනම.

හැන්දෑවෙ ලොක්ක ආව හම්පඩ කලිසමයි, කමිසෙයි අස්සෙ රිංගල කසි කබල් මෝටර්සයිකලේ උඩ නැගල. සුපුරුදු සිංදුව කටෙන් එළියට පැන්න.

“හැන්දෑ කළුවර ගලා හැලෙන විට

සෙනෙහස දැල්වුණ නිවස සොයා එමි”

සෙනෙහස තියා අද ගෙයි ලාම්පුවක්වත් නැති බව උන්දෑ දැන ගත්තෙ සර්පිනාවෙ “දත් කූට්ටම” උඩ තිබුණු ලියුං කෑල්ලෙන්. ලියුම බලපු ලොක්ක පස්ස කැඩිච්ච කඩිය වගේ එහාට මෙහාට කැරකුනා. ඉස්තෝප්පුවෙ ඉන්න මට ඇහෙනව කුස්සියෙ ටැප් එක ජෝගුවකට වමනෙ කරන සද්දෙ. ඊට පස්සෙ “ගුඩුස් ගුඩුස්” ලොක්ක දුකට ද කොහෙද වතුර පුරවනව බඩට. ලොක්ක හෙමීට ඉස්සරහ සැටියෙ වාඩි වුණා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ වෙලා. සර්පිනාව දිහා අනිමිස ලෝචනයේ යෙදුන ලොක්කගෙ ඇස් දෙකෙන කඳුළු එන්න පටන් ගත්ත. ලොක්කගෙ ඇස් දෙකෙන් කඳුළු එනව කියල මං දැක්කෙ හා පුරා කියල අදයි.

ඒ වගේම ලොක්කි මේ වගේ ගමනක් ගියෙත් කුලූ`දුලේමයි. මේ වෙලාවෙ නම් මට ලොක්ක ගැන දුකත් හිතුණා. ඒත් මේ යකා ලොක්කිට දෙන වද ගැන හිතුවම මේ දේ බරපතල මදි. ගෙයි දොර වහල ලොක්ක දඬුමොණරෙ නැගල ඇරල දාල ගියා. මට නම් දැන් ටිකක් බයත් හිතෙනව. මේ යකා මොනවත් කරගනීද. නෑ එහෙම දෙයක් කරගන්න වත් ලොක්කට ආත්ම ශක්තියක් තියෙයි කියල මං හිතන් නෑ. ආයෙත් මං නිදි.

මට ඇහැරුණේ දොරේ යතුර කැරකෙන හ`ඩින් ලොක්ක ගෙදර ඇවිත්. තනියට තවත් කෙනෙක් ඉන්නව වගේ. හරියට පේන්නෙ නැහැ. කළුවර හින්ද. “මිත්‍රය” ඉන්නෙ ලොක්කගෙ කිහිල්ලෙ. ලොක්ක දොර ඇරගෙන කොරිඩෝවෙ බිත්ති වල ඇතිල්ලි ඇතිල්ලි සාලෙට ගිහිං සැටිය උඩ වැටුණෙ සාමාන්‍ය වේගයට වඩා දස ගුණේක වේගයෙන්.

කිහිල්ලෙ හිටිය මිත්‍රයාට නවාතැන් දුන්නෙ ටීපෝව උඩ. එයා ලොක්ක එක්ක බොහොම හිතවත්. මිත්‍රයගෙ ඇෙඟ් හිටපු පොල් ගහ යට හිටපු කොටිය මා දිහා ඔරවල බලනව. කෝකටත් මං ටිකක් ඈතට වෙලා බලාගෙන හිටිය. අදත් ඉතිං මට කනක් ඇහිල නිදාගන්න ලැඛෙන එකක් නැහැ. සර්පිනාවෙ රීඩ් ඔබන්න ගත්තම කීයට නවත්වයිද මන්ද. ටික වේලාවකින් ලොක්ක මිත්‍රයත් එක්ක හාදකම් පවත්වලා ඔහේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න පටන් ගත්ත.

ලොක්කගෙ අඳුරු මූණ දිගේ කදුළු බේරෙන්න පටන් ගත්ත. ලයිට් එළියට ඒව දිළිහෙනව. මෙච්චර කල් ලොක්කි හළපු ක`දුළු වෙනුවට ලොක්ක අද එක පාරටම වන්දි ගෙවන්න හදනවද මන්ද. මට බලාගෙන ඉන්න බැරි තැන මං එළියට ගියා. ලොක්ක හොටු ඉහළට අදින හ~ මට එළියට ඇහෙනව. ටිකෙන් ටික ඒක වෙනස් වුණෙ ඉකිබිඳුමකට.

දැන් ලොක්ක පොඩි එකෙක් වගේ අඬනවා. මට ඒ ගැන දුක හිතුනත් ආයෙත් මං සතුටු වුණේ සර්පිනාවෙ රීඩ් වලට තඩි බාන්නෙ නැති එක ගැනයි. ඊට පස්සෙ වැදගත් දේකට කියල සිද්ධවුණේ ලොක්ක ගෙනාපු කෑම එකෙන් බාගයක් මට ලැබුණ එක විතරයි.

ආයෙත් මගේ නින්ද.

“පීප් පීප්”

මං උඩ ගොස් බිම වැටුණෙ “උඩ පැන්නොත් බිම වැටෙයි” යන න්‍යාය හින්ද වෙන්න ඇති. හොඳටම එළිය වැටිල. දවස් ගානකට පස්සෙ බත් බාගයක් බඩට ගිය හින්ද නින්ද මාත් එක්ක හාදවෙලා නැත්තං පස්ස පැත්තට අව්ව වැටෙනකං නිදියන එක මගේ සිරිතක් නෙවේ.

කොහොම උනත් කව්ද උදේම හෝන් ගහන එකා කියල බලන්න මං ඉස්සරහට දිව්ව. දෙයියෝ සාක්කි ලොක්කි ඇවිත්. ඉතිරි බඩු ටිකත් පටව ගෙන යන්නද කොහෙද ඇවිත් තියෙන්නෙ. මොනව නැතත් සර්පිනාව අරං යනවනං ඒකට මං කැමතියි. නැත්තං මට නිදහසේ නිදාගන්න වත් නැහැ.

ලොක්කි වෑන් එකෙන් බැහැල ගේ දිහා බලාගෙන අනිමිස ලෝචනයේ යෙදෙනව. ඩ්‍රැයිවර් ඇවිත් වෑන් එකේ පිටිපස්සෙ දොර ඇරිය. මං බැලූව මොනවද තියෙන්නෙ කියල. අන්න බොලේ ලොකු පෙට්ටිය උඩම තබ්ලා කූට්ටම කට බළියගෙන ඉන්නව. ජිල් එකයි බුම් එකයි සරදමට වගේ හිනා වෙනව. ඒ දෙක එක ළඟ ඉන්නකොට කෙච්චර ලස්සනද.

ඔන්න ලොක්කිගෙ අතේ එල්ලිල පෙට්ටිය ගෙට ගොඩ වුණා. ඒ කියන්නෙ ලොක්කි ආයෙත් ගෙදර එනව කියන එකද? ඒත් විලිසංගෙ තියනවනං එහෙම කරාවියැ. මං කෝකටත් ගේ ඇතුළට ගියා. ලොක්කි මා දිහා බැලූවෙ හොරැහිං. ලොක්ක ඊයෙ රෑ හිටපු හැටියටම සැටිය උඩ ඉන්නව. ආදාහනය කරපු සිගරට් කොට වටේ රැස් වෙලා ලොක්කට තනි රකිනව.

ලොක්කි දොරකඩ ඉඳන් ලොක්ක දිහා බලාගෙන හිටිය. පෙට්ටිය බිමින් තියද්දි ජිල් එකයි බුම් එකයි හිනාවුණ සද්දෙට ලොක්ක ඇස් ඇරිය. දැන් වැඩේ ඇවිලෙයි කියල මගේ හිත වෙව්ලනව. මං කෝකටත් දෙන්නගෙ මැදට ගියා. මොන ඇවිලිල්ලක් ද ලොක්කි ඇවිත් ලොක්කගෙ සැටියෙ වාඩි වුණා.

නිහඬතාවය කඩා බි`ද දැම්මෙ ලොක්ක.

“කොහෙද ගියෙ ඔයා”

ලොක්කිට ඉස්සර වෙලා උත්තර දුන්නෙ කඳුළු

“සට සට”

කඳුළුත් දුන්නෙ මාර උත්තරයක්. ඒක මට තේරුණේ නෑ. ඊට පස්සෙ ලොක්කි :

“මං ආයෙත් නම් යන්නෙ නෑ”

ඊට පස්සෙ ලොක්කයි ලොක්කියි විනාඩි ගාණක් මූණෙන් මූණ බලාගෙන හිටියා. මට ආයෙත් හුලිජ්ජ බරක් හැදිල මං ඉක්මනින් ඉස්සරහට දුවල ගිහිල්ල පැපොල් ගහට ඇල්ලූවා.

“චොර චොර”

ආපහු ගෙට ඇතුළු වුණා. එහෙම එන මට මෙහෙම ඇහෙනව.

ලොක්කි: භවෙන් භවේ අප ආ ගමනකි මෙය

කිඳුරු කුමරුනේ මා ඔබගේමය.

සඳකිඳුරනි අම පෙම් ගීතිකා

ගයමින ඔබ සනසම්.

සිංදුව හදල තියෙන්නෙ භාගේඝ රාගයෙන්. ඒ සිංදුව වෙනද ලොක්කි ඉගැන්නුවේ ගෙදර සංගීත පන්තියට. ඒකෙන් මැවෙන්නෙ සෘංගාර රසයලූ. ඒ හිංදා මම කෝකටත් කියල ලොක්කයි ලොක්කියි නොපෙනෙන තැනකට ගිහිං වකුටු වෙලා නිදා ගත්ත. “ටොමී ටොමී ඇවිත් බත් කාපං ” කියල ලොක්කි මට කතා කරනකං.

ආයෙත් මගේ නින්ද.

 රාළගේ කතා
ඉතිහාසයෙන් රස බර කතා
01:20 | Author: දුෂාන්
රජ වාසලේ කවටයා යැයි නම් ලැබූ එහෙත් ප‍්‍රබල මහජන නියෝජනයක් වන ”අන්දරේ”ගේ දේශපාලන උපහාස කතා කිහිපයක්ම මීට පෙර ද ඉතිහාසයේ රස කතා තුළින් අපි ඉදිරිපත් කළෙමු. මෙවර ද අප ගෙන එන්නේ අන්දරේ පිළිබඳව ඔබ අසා ඇති රසවත් කතා පුවතකි. එදා මෙදා කාලය තුළ අන්දරේගේ දේශපාලන උපහාස කතා ඇසූ අපේ සමාජයට ඔහුගේ කතා කිසි විටෙකත් අදාළ නොවූයේ ඔහුගේ කතා හරහා මතු කෙරෙන පොදුජන යථාර්ථය සහ දේශපාලන යථාර්ථය අතර ඇති පරස්පරතාව හේතුවෙන් බව පුනපුනා කිව යුතු නොවේ. හොඳ හැටි බඩ පුරවාගෙන හුන් අන්දරේ රජ මාළිගාවෙන් කිරි කෑ කතාව ඔබ බොහෝ දෙනා දන්නවා ඇත. ඒ කතාව අපි යළිදු සිහිපත් කොට බලමු. සුපුරුදු පරිදි අන්දරේ රජ මාළිගාවට පැමිණෙන විට රජතුමා සිටියේ ආහාර වළඳමිනි. අන්දරේගේ උසුළු විසුළු ගැන හොඳ හැටි දන්නා රජතුමා අන්දරේට ද කෑමට ආරාධනා කළේය. එහෙත් අන්දරේ රජුගේ ආරාධනය කාරුණිකව ප‍්‍රතික්ෂේප කළේ මෙසේය. ”අනේ බෑ දේවයන් වහන්ස. මම ගෙදරින් හොඳ හැටි කෑම කාලයි ආවෙ. තවත් කිසිම දෙයක් කන්න බැරි තරමට මගේ බඩ දැන් පිරිල තියෙන්නෙ.” ඒකත් එසේ දැයි ඇසූ රජතුමා ”මාළිගාවට ගෙනාපු අලූත් මී කිරි නම් තියෙනවා. එහෙමනං මී කිරි ටිකක්වත් කමුද අන්දරේ” කියමින් අන්දරේගේ සිත පරීක්ෂා කර බැලීමට කල්පනා කළේය. රජුගේ යෝජනාවත් නරක නැතැයි කල්පනා කළ අන්දරේ රජුගේ යෝජනාව එක් වරම අනුමත කළේය. ”ආ මී කිරි ද දේවයන් වහන්ස. මී කිරි නම් ඔන්න ඔහේ ටිකක් කමු.” අන්දරේ කීවේ ගණනකට නොගෙනය. කිරි ටිකක් කමු යැයි කී අන්දරේ මී කිරි හට්ටි ළඟට ගෙන ඇති පදම කන්නට පටන් ගත්තේ කිසිම අපහසුවකින් තොරවය. අන්දරේගේ මී කිිරි කෑම දෙස හොඳ හැටි බලා සිටි රජතුමාට සිනහ පහළ විය. අනෙක් අතට රජු වඩාත් පුදුමයට පත් විය. ”අන්දරේ මුලින් කීවේ කිසිම දෙයක් කන්න බැරි තරමට බඩ පිරිලා කියල නේද? එහෙම නම් මේ තරම් කිරි කන්නේ කොහොම ද?” රජ අන්දරේගෙන් එසේ ඇසුවේ අන්දරේ කළ බොරුව රජු ඉදිරියේම ඔප්පු වනු ඇතැයි සිතාය. එහෙත් රජු ඇසූ පැනයට අන්දරේගෙන් ලැබුණු පිළිතුර රජු කිසි විටෙකත් බලාපොරොත්තු වූවක් නොවේ. ”ආ ඒක ද දේවයන් වහන්ස. පිරුණු බඩෙත් ඉඩ ලැබුණේ කොහොම දැයි මම ඔබ වහන්සේට පෙන්නන්නම්කෝ.” අන්දරේ කීවේ වඩාත් සැහැල්ලූවෙනි. එහෙත් එය රජතුමාගේ කුතුහලය හා සැකය තවත් වැඩි කරවන්නක් විය. අන්දරේ කරන්නට යන්නේ කුමක් දැයි බලා සිටීමට රජතුමාට අවසානයේ සිදු විය. මාළිගාවේ සේවයේ යෙදී සිටි රාජ්‍ය සේවකයන් සියලූ දෙනා ද තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට රාජ මාළිගාවට පැමිණ සිටි මහ ජනතාව ද කැඳවාගත් අන්දරේ ඒ සියලූ දෙනාම මාළිගාවේ කුඩා කාමරයකට කොටු කර තැබීය. ඒ කුඩා කාමරය අවසානයේ රාජ්‍ය සේවකයන්ගෙන් ද මහජනතාවගෙන් ද පිරී යන්නට විය. එකිනෙකා තද වෙමින් මිරිකෙන්නට වූහ. ඔවුහු තැලෙමින් පෙළෙමින් දහදිය වගුරුවන්නට වූහ. වෙනත් කිසිදු ඉඩක් සෙනගින් පිරී ගිය ඒ කුඩා කාමරයේ තිබුණේ නැත. ”දේවයන් වහන්ස ඔබ වහන්සේ දැන් මේ කාමරයට යන්න.” අන්දරේ රජුට ආරාධනය කළේය. ”ඇඟිල්ලක් ගහන්නට ඉඩක් නැති සෙනග පිරුණු මේ කාමරේට මම කොහොම යන්න ද අන්දරේ.” රජු එසේ කීවත් අන්දරේ නිරන්තරයෙන්ම කළ ඉල්ලීම නිසා ටිකෙන් ටික කාමරයට ඇතුළු වී පිරිස අතරට සමීප වන්නට රජුට සිදු විය. රජ තමා සමීපයට එනු දුටු රාජ්‍ය සේවකයෝ සහ මහජනතාව බියෙන් ත‍්‍රස්තව වෙවුලමින් ටිකෙන් ටික පිටුපසට යන්නට වූහ. පිරිස එකා පිටුපස එකා නැගෙමින් මිරිකෙමින්, යටවෙමින්, පෑගෙමින් රජුට ඉඩකඩ සලසා දෙන්නට පුදුම විදිහේ මහන්සියක් ගත්හ. ඒ නිසාම කිසිම අපහසුවකින් තොරව කාමරයට යෑමට රජුට ඉඩකඩ සැලසුණි. අවසානයේ කාමරයට ගිය රජතුමාගේ සිරුරේවත් නොගෑවීමට රාජ්‍ය සේවකයෝත් රටවැසියාත් වගබලා ගත්හ. මෙම කි‍්‍රයාව අවසානයේ අන්දරේ කීවේ මේ ටිකය. ඉඩ නොතිබුණ කාමරේ රජතුමාට ඉඩ ලැබුණා වගේ තමයි පිරී තිබුණු මගේ බඩෙත් කිරිවලට ඉඩ ලැබුණේ. තත්ත්වය තේරුම් ගත් රජතුමා කිසිවක් කියන්නට ගියේ නැත. මේ කතාව අන්දරේ කිරිවලට බඬේ ඉඩ පෙන්වීමට ගෙතූ එකකට වඩා ගැඹුරු යටි පෙළක් සහිත එකකි. ඒ අනුව මෙයින් පෙනෙන්නේ මහජනතාව පාලකයන්ට මොන තරම් බය පක්ෂපාත ද යන්නය. පාලකයන් කියන ඕනෑම දෙයකට හිස වනන බොහෝ රාජ්‍ය සේවකයන් කවර දුක් ගැහැට විඳගෙන වුව ද පාලකයන් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට සුව පහසුව සැලසීමටත් ගැති වී තිබෙන සැටි මේ කතාවෙන් විනිවිද දැකිය හැකිය. මහජනයාත් රාජ්‍ය සේවකයනුත් පාලකයන් නිසා විඳින පීඩා දැන දැනත් ඒවා ඉවසා ගෙන කොඳු නවාගෙන සිටින සැටි කතාවේ ප‍්‍රබල යටි පෙළින් නොකියා කියයි. පිරිස කැටි වුණු කාමරයේ රජුට සුව පහසුව සිටින්නට ලැබීමෙන්ම පෙනෙන්නේ පාලකයා සහ මහජනතාව අතර සබඳතාව මොන තරම් දුරස්ථ වූවක් ද යන්නය. මෙනයින් බලන කල දේශපාලන යථාර්ථය විනිවිද දකින උපහාස කතා මහජනයාට සමීප කළ අන්දරේ අප කා තුළත් නොමියෙන කතාකරුවෙකි.

සබැදිය ලංකා දීපෙයන් -
උදවු ඕනෑ කර තිබේ.

කට්ටිය Neobux, ගැන දන්නවනෙ.මෙකෙන් මට දැන් සල්ලිත් හම්බවෙනව.ඉතින් මට දැන් ඔන මේකෙන් ලැබෙන ආදායම වැඩිකරගන්න.ඒකට ක්රම කිපයක්ම තියනවනෙ.එකක්තමයි Direct Referrals ලා වැඩිකරගන්න එක.අනික තමයි Referrals ලා මිලදිල ගන්න එක.ඉතින් මටත් දැන් ඕන කරල තියනව Referrals ලා මිලදිල ගන්න.ඉතින් මම හිතුව ඉට කලින් දන්න කාගෙන් හරි අහල දැනගත්තොත් හොදයි කියල.කවුරු හරි මේ වැඩ් මීට කලින් කරල තියනවනම් ඒ ගැන විස්තර කියයි කියල බලාපොරොත්තු වෙනව.


Onbux එකෙත් කවුරු හරි Referrals ලා මිලදිල ගත්තනම් ඒගත්ත විදිය අපිටත් කියල දෙන්.ලොකු උදවුවක්.

කියන්න සතුටුයි මගෙ NEOBUX එකේ දෙවනි Payment එකත් හමිබවුනා.මම BUX SIT ගොඩක Register වුනා.එත් සල්ලි හම්බවුන එකම sit එක neobux විතරයි . neobux එකේ ඉදන් Cashout කරපු ගමන්ම Alert pay එකට සල්ලි එනව.


නිකරුනේ Internet එකේ නිකරුනේ ඉන්න එකේ මේවගේ දෙයකින්වත් ප්රයෝජනයක් ගන්න එක හොදයි නෙ. මේ තියෙන්නෙ මගෙ Alert pay Account එක.විස්වාස නැත්නම් බලන්නකො.




මේ තියෙන්නෙ NEOBUX එකෙන් Alert pay Account එකට සල්ලි ආව කියල Alert pay එකෙන් මට එවපු E mail එක.








Internet එකෙන් සල්ලි හොයන්න කැමති අය යින්නවනම් කරල බලන්න.හැබැයි ලොකු ලොකු ගනන් හොයන්න හිතන් යින්න කට්ටියට නම් මේක වැඩක් නැ.මොකද NEOBUX එකෙන් සල්ලි දෙන්නෙ හරිම පොඩ්ඩයි.එහෙම ගොඩක් හොයන්න පුලුවන් ක්රම තියනවනම් අපිටත් කියල දෙන්න.අපිත් කැමති දැනගන්න.හැබැයි සල්ලි අතට හරි online bank එක්කට හරි (PayPal, Alert pay වගේ ඒවා) ගත්තනම් කියන්න.කවදාවත් Internet එකෙන් එකවැර ලොකුගානක් කොහෙමත් ගන්නබැ.ටික ටික කාලයත් එක්ක තමයි ඒක වර්ධනය කරගන්න පුලුවන්.


Internet එකෙන් සල්ලි හොයන්න කැමති අය මෙතනින් Register වෙන්න

මෙතනින් Alert pay  Register වෙන්න පුලුවන්



Internet එකෙන් සල්ලි හොයන්න අලුත් ක්රම තියනවනම් කියන්න.

සිම්බාබ්බේ හී හරාරේ නගරයේ සිට බුලවායෝ හි පිහිටි මානසික රෝහලක් වෙත මානසික රෝගීන් 20දෙනෙකු ගෙනයමින් සිටි බස්රථයක් මගදී නවත්වා රියදුරු තැන පොඩි අඩියක් ගැසීමට ගිය අවස්ථාවෙන් උපරිම ප්යෝජන ගත් මානසික රෝගීන් පිරිස බස් රථයෙන් පැන ‍ගොස් ඇත.පැනගිය මානසික රෝගීන් සෙවීමට වෙහෙස නෙගත් රියදුරු තැන අසල වු බස් නැවතුම් පොලක බස් රථයක් පැමිනෙන තුරු සිටි පිරිසක් තමන් යන්නෙත් ඒ නගරය හරහා යැයි පවසමින් බස් රථයට නංවාගෙන බුලවායෝ මානසික රෝහල වෙත ගෙනගොස් බාරදී ඇත.

බස් රථයේ පැමිණි පිරිසගේ කෝපයත්, වි‍‍රෝධය පෑමත් , අවසානයේ මානසික ‍රෝහලෙන් පැනයාමට ගත් වුත්සහයත් එහි බලධාරීන් විසින් වටහාගෙන අත්තේ පිස්ස‍න්ගේ පිස්සු කෙලීමක් ලෙසය.මේ නිසා බස්රථයෙන් පැමිනි නව පිරිස විශේෂ ආරක්ෂක කුටිවල රදවා තබා ඇත.සත්ය කතාව අනාවර්ණය කරගෙන බස්රථයෙන් පැමිනි පිරිස පිස්සු වාට්ටුවෙන් ටිකට් කපාගෙන ඇත්තේ දින 3කට පසුව ය.

හි හි හි.....
මරු නේද වැඩේ...

ඔන්න අද මම සංකීර්ණ වගේ පේන පිස්සු හැදෙන ගණිත ගැටලුවක් ගැන කියන්නයි යන්නෙ.වැඩි විස්තර නැතිව වැඩේට බහිමුකො නේද.



එන්න යාළුවො 3 දෙනක් හිටිය. 3 දෙනාට පොඩි බඩගින්නක් හැදිල තේබොන්න කඩේකට ගොඩවැදුන. හැබැයි ඉතින් තුන්දෙනා ගාවම තියෙන්නෙ රු 30 යි.ඒ කියන්නෙ එක්කෙනෙක් ගාව රුපියල් 10 විතරමයි තියෙන්නෙ.රුපියල් 30කට මොකුත් කන්නත් බැරි නිසා 3දෙනා තේ 3ක් බීල වේටර් කොලුවට බිල ගේන්න කීව. තේ ගාස්තුව රුපියල් 25යි. තුන්දෙනා වේටර් කොලුවට රුපියල් 30ක් දෙනව. වේටර් කොලුව ඉතිරි රුපියල් 5න් රුපියල් 2 අරගෙන ඉතිරි රුපියල් 3නක් ආපහු දෙනව.යාළුවො 3දෙනා රුපියල ගානෙ බෙදාගන්නව.


දැන් තමයි ගැටලුව මතුවෙන්නෙ. යාළුවො තුන්දෙනාගෙ අතේ රුපියල් 10 ගානෙ නෙ තිබේබෙ.එකෙන් තුන්දෙනාටම ඉතිරි හමිබ වුනේ රුපියල ගානෙ නෙ.එතකොට එක්කෙනෙකුට රුපියල් 9ක් වියදම් වෙල තියනව. 9 ගානෙ තුන්දෙනාගෙම වියදම27 (9x3 =27) යි. වේටර්ට රුපියල් 2ක් දුන්නාම රුපියල් 29ක් වෙනව.ඉතිරි රුපියලට මොකද වුනේ ?


මේකට උත්තර තියනවනම් දෙන්න බලන්න

PTC සහ අනාගතය
00:56 | Author: දුෂාන්
internet එ කෙන් සල්ලි  ෙහායමු
Internet එකෙන් සල්ලි හොයන්න මම දැන් සැහෙන කාලෙක ඉදන් මහන්සි වෙනව.මගෙ Adsens Account එක බෑන් වුනාට පස්සෙ මම හිටියෙ බොහෝම අප්සට් එකෙන්. google එකෙන් pin no දාල එවපු ලිවුම දැක්කාමත් දුකහිතෙනව අප්ප.ඊට පස්සෙ තමා මම PTC වලට අත දැම්මෙ. එවගෙනුත් ඉතින් ගොඩාක් ඒව මෙ අහිංසකයව නොමග යවපු එක තමා කරෙ.හැබැයි ඉතින් මමත් වැඩේ ඇතැරියෙ නම් නැ.දිගටම වැඩේ කරගෙන ගියා.ඔන්න කොහොමෙන් හරි මගේ ALERTPAY එකට $ 2.02 දාගත්ත.මේක තමා PTC වලින් මට හම්බුන පළවනි payment එක. $ 2.02 මට හම්බ වුනේ NEOBUX එකෙන්. $2.02 පිරුන ගමන් Cashout කරා විතරයි ALERTPAY එකට සල්ලි ආව.




මේක කරනවනම් කරන්න හරිම ලේසි.
ඉස්ස‍රරෝම කරන්න තියෙන්නෙ ALERTPAY හරි PAYPAL Account ඒකක් හදාගන්න එක.


ALERTPAY Account දෙකක් හදාගන්න මෙතන click කරන්න

PAYPAL Account දෙකක් හදාගන්න මෙතන click කරන්න

හැබැයි මමනම් හිතන්නෙ ALERTPAY Account එකක් හදාගන්න එක හෙදයි කියල.
ALERTPAY හරි PAYPAL Account එකක් හදන් ඉවරනම් දැන්කරන්න තියෙන්නෙ NEOBUX Account එකක් හදන එක.

NEOBUX Account එකක් හදාගන්න මෙතන click කරන්න.


Account එක හැදුවට පස්සෙ ඉතින් සල්ලි හොයන්නතමා තියෙන්නෙ.හැබැයි ඉතින් ඉක්මනට ගොඩක් සල්ලි හොයන්න නම් හොයන්න බැ.ටිකෙන් ටික තමා එකතු කරන්න ඕන. අපි කරන click 1 කට $ 0.1 කුත් Referral click 1 කට $ 0.15 ගෙවනව. වැඩියෙන් සල්ලි හෙයන එක තිරනය වෙන්නෙ ඉතින් තමකමන්ගෙ උනන්දුව මත තමයි යිතින්.

වැදගත්ම දේ NEOBUX ‍එකේ FAQ හොදට කියවන්න. ලොකු දේවල් නැ.බොහෝම පොඩි නීති ටිකක් තමයි තියෙන්නෙ.


තව BUX sit කිප‍යක්ම කරගෙන යනව.එවගෙ සල්ලි හම්බවුනොත් විතරක් කියන්නම්.නැත්නම් ඉතින් කට්ටිය අහනවනෙ ඔවගෙන් සල්ලි හම්බවෙනවද කියල. එහෙනම් වැ‍ඩේ හරිගියොත් ආය post එකක් දාන්නම්කො.

මේ වැල්ලවාය පලාතේ සිදුවු අනතුරකි. අනතුර සිදුවුයේ උදේ පාන්දරය. ලොරියක වැදුණු යතුරු පැදි කරුවකු උඩින් විසිවි පාරෙන් ඇත පදුරු අස්සේ වැටුනේය. ඔහු එතැනම මිය ගියේය.


මේ ශබ්දය ඇසුනු අවට පදිංච් කරුවෝ පාරට දිවආ‍වේ ඇදෙන් නැගිට්ට ගමන්ය. සමහරු සරම පිටින්ය, කාන්තාවෝ නයිට්ය පිටින්ය.සමහරු රෙද්ද හැට්ටයෙන් ඇගපත වසාගෙන සිටියහ.


අනතුරු වාර්ථාවී පොලිස් ජිප් එක ආවේය. ඕ.අයි.සී. මහත්තයා අවට සිටිය වුන්ගෙන් කො බොඩිය කියා ඇසිය.එක් කාන්තාවක් තමන්ගේ පපුව දෙස බලා අතින් වසාගෙන ගෙදර දිව්වාය.


ඕ.අයි.සී. ඇසුවේ ඩෙඩ් බොඩිය ගැනය.


අප happy ගෙන්





football ලොව වේගවත්ම සහ වෙහෙසකාරි කීරිඩාවන්ගෙන් එකක් බව කවුරුත් දන්නවනෙ.ඒ වගේම 2010 fifa world cup එකත් පටන්ගන්නත් තව වැඩි දවසක් නැනෙ.නමුත් මෙ post එක දන්න හේතු වුවනේ ඒ කරුණම නෙමේ. එකට හේතු වුනේ call එකක්.මචන් උඔ football ගැන මොනවද දන්නෙ.ඒ ප්රැශනෙන් මම කරකල ඇතැරිය වගේ.කවදාවත් ‍ඔහොම දෙයක් අහන්නෙ නැති එකෙක්.මට හරි පුදුමයි.විස්තර අහනකොට දැනගත්තෙ පොඩි එකාට ඉස්කොලෙට football ගැන විස්තර ලියන් එන්න කිවලු.‍ මොනව කරන්නද ඉතින් විස්තර ටික ගොනු කරගන්නත් එපාය. හරි මම එහෙනම් විස්තරටික හදාගෙන ගන්නම් කියල phone එක තිබ්බ.ඉතින් මෙහෙමයි විස්තර ටික.

පාපන්දු කිරිඩාව ලොව වේගවත්ම සහ වෙහෙසකාරි කීරිඩාවන්ගෙන් එකකි. ඍජුකෝණාස්රා කර කීරිඩා පිටියක තම ප්තිවාදි පිල ආක්රමනය කරමින් අත්දෙක නොයොදා ගනිමින් ඇගේ ඕනෑම ස්ථානයකින් පහරදි ලකුණු ලබා ගැනිම පාපන්දු කීරිඩාවේ ස්භාවයයි.

පාපන්දු කීරිඩාවේදී පන්දුව අතින් ඇල්ලිය හැකි එකම පුද්ගලයා ගෝල් රකින්නා වන අතර අන් කිරිඩකයන් අල්ලිම නිති විරෝධි කිරියාවකි.‍එසේ උවහොත් පන්දුව අනෙක් පිලට හිමි‍වේ.මේවැනි කිරියාවන් නිරික්ශනය කිරිම සදහා විනිසුරුවන් දෙදෙනෙක් කිරිඩකයන් සමග රැදිසිටි.
 එක් පිලකට කිරිඩකයන් 11 කිරිඩාකල යුතු අතර අතිරේක කිරිඩකයන් 3-7 අතර ප්රාමනයක් සිටිය හැක.


එක් පිලකට මිනිත්තු 45 බැගින් පිල් දෙකටම මිනිත්තු 90 ක කාලයක් හිමිවේ.විවේකය මිනිත්තු 15කි.


ඍජුකෝණාස්රා කර වු කීරිඩාපිටියේ දුර ප්රමානය අවමය මිටර 100 කුත් උපරිමය 110 වේ.පළලින් අවමය මිටර 64 කුත් උපරිමය මිටර 75 කුත් වේ.




පන්දුව ගෝලාකාර වන අතර වට ප්රමානය 68 – 70 cm අතර වේ.සමින් හෝ ඒහා සමාන දෙයකින් සාදන අතර බර ප්රමානය ග්රැම් 400 ත් 450 ත් අතර වේ.




කිරිඩා පිටියේ කිරිඩකයන් රදවන ආකාර 5 කි.


පිරමිඩාකාර ක්රමය
WM ක්රමය
1/4/2/4 ක්රමය
1/4/3/3 ක්රමය
1/4/4/2 ක්රමය


මේ ආකාරයට කිරිඩකයන් රදවමින් තම පිල ප්රති වාදින්ගේ ආක්රමන වලක්වා ගැනිමට නායකයන් කටයුතු කරයි.පාපන්දු කිරිඩාව සහයෝගයෙන් කල යුතු අතර නැතහොත් තම පිලට පරාජය පරාජය හිමිවිම සිදුවනු ඇත.
ඉතින් phone එකෙන් කිවුව නිසා මෙච්චරයි විස්තර නම් කිවෙ.කියනවනම් කියන්න ගොඩක් විස්තර තියනව.එගැන ආය ඉතින් අහන්න දෙයක් නැනෙ. 2010 ‍fifa world cup එකත්

මෙ එන මාසෙ එකියන්නෙ June 11 දකුණු අප්රිකාවෙ පටන්ගන්නයි සුදානම.

මෙවරත් රටවල් 32 කිරිඩා කරන අතර කාන්ඩ ගත කර ඇත්තේ මෙසේයි.






රුවන් වැකි


අස්ථිරවු ස්තීරි චිත්රයෙ ස්ථීරවු ආලයක් බලාපො‍රොත්තු විය හැකිනම් පුත්තලමේද ගෝවා වගාකල හැක.


ණය දීමෙන් මිතුරාත්, මුදලත් , බිරිදත් නැතිවේ.


දුර ගමන් පුද්ගලික නාගරාන්තර බස්රථයක ඉදිරිපස ආසනයේ ගමන්කිරිමෙන් ජිවිතයේ ඇති අස්ථීරතාවයද පිටුපස ආසනයේ ගමන් කිරිමෙන් ජිවිතයේ ඇති සුන්දර තාවයද වටහා ගත හැක.


කුඩා කාලයේදි ගැහැණු ළමයින් කැමති බෝනික්කන්ටය.පිරිමි ළමයින් කැමති යෝධයන්ටය. එහෙත් යොවුන් වියට එළ‍‍‍ුපබෙත්ම ගැහැණු ළමයින් කැමති යෝධයන්ටය. පිරිමි ළමයින් කැමතිග බෝනික්කන්ටය

ආදරය හොල්මනකි, සමහරු ඒ ගැන අසා ඇත , සමහරු එය දැක ඇත. සමහරු එයට බියවි ඇත.


නරකම නැ කතා ටික නේද
මට මේක හම්බවුනේ e mail එකකින්. ගොඩක්කාලෙකට කලින්.ඉතින් අයෙත් මෙක දකින්න හම්බවුනා.එක හින්ද මට හිතුන post. එකක් දාන්න කියල.
free add දාන්න බලන් ඉන්න කට්ටියට srilankaebay එකෙන් හොද අාරන්ච්යක්


මෙන්න මරු චාන්ස් එකක්. free add දාන්න බලන් ඉන්න කට්ටියට මේක හොද අාරන්ච්යක්.මේ චන්ස් එක අපිට දෙන්නේ www.srilankaebay.com එකෙන්.මේක ලංකාවෙ sit එකක්.එක නිසා ලංකාවෙ business කරන කට්ටියට තමන්ගෙ business එක ගොඩ දාගන්න හොද චාන්ස් එකක්. අපිට  කරන්න තියෙන්නෙ  add එක හදල attach කරල ඉල්ලිමක් කරන්න ඔන අපෙ add එක දාන්න කියල.ඉට පස්සෙ එකට්ටිය ඇඞ් එක තහවුරු කරල e mail එකක් එවයි . මෙතනින් පුලූවන් ඉල්ලිම කරන්න පුලූවන්. එහෙනම් ඉතින් තමතමන් ගොඩ යන්ටකෝ add පිහිටෙන්.

අසිරිමත් ධූමකේතුව
00:18 | Author: දුෂාන්
WISE ඇසින් දුටු ධූමකේතුව -- (නැෂනල් ජියෝග්රිෆික් - කර් තාන් විසිනි)



නාසා හි නවතම “වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාලරෙඩ් සර්වේ එක්ස්ප්ලෝර” (පුළුල්-පාටීර අධෝරක්ත සමීක්ෂණ ගවේෂක) (WISE) අභ්යාීවකාශ දුරදක්නය විසින් පළමුවෙන්ම ලබා ගත් හා පෙබරවාරි 17 දින නිකුත් කෙරුනු අධෝරක්ත ඡායාරූපයක් විසින් ස්ලයිඩින් ස්ප්රිරන් ධූම කේතුව හා එහි භූතාකාර වලගය අහස දිගට ඇදී ගොස් ඇති අයුරු ඉහත පෙන්නුම් කරයි.


2009 දෙසැම්බර හිදී අභ්යා්වකාශ ගත කෙරුනු මෙම දුරදක්නය, අහස හාත්පස සිසාරා අධෝරක්ත ආලෝකය නිකුත් කරන වස්තූන් ඇතිදැයි විමසනු ඇත.


"WISE වෙතින් අප වෙනස් අයුරකින් දකින්නේ සූර්යයා විසින් ධූමකේතුවෙහි සිසිල් ධූලි තල්ලු කොට යවන ආකාරය" යි WISE දුරදක්නයෙහි නියෝජ්යස ව්යාිපෘති විද්යාසඥ ඇමී මේන්සර් පැවසුවාය.


දිගු තරංග ආයාමයක් සහිත අධෝරක්ත භාවිතයෙන් ශක්තිය විමෝචනය කිරීම සඳහා උණුසුම් වස්තූන්ට වඩා සිසිල් වස්තූන් සමත් අතර, එබැවින් WISE දුරදක්නය අයිස් පිරි ධූමකේතු සහ සිසිල් පාෂාණී ග්රඩහකයන් කෙරෙහි වැඩි සංවේදීතාවයක් දක්වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.


"ඒවායේ ප්රසමාණය හා ඒවායේ ධූලි අංශු කෙතරම් විශාලද යන්න වැනි ධූමකේතුන් ගේ භෞතික ලක්ෂණ පිළිබඳ බොහෝ දෑ අප උගෙන ගන්නවා," යි මේන්සර් පැවසුවාය.


අවසන් වරට සමස්ත අහස අධෝරක්ත ආලෝකය භාවිතයෙන් සිතියම් ගත කලේ 1983 දී ඉන්ෆ්රාකරෙඩ් ඇස්ට්රොරනොමිකල් සැටලයිට් (අධෝරක්ත තාරකා විද්යාැත්මක චන්ද්රි්කාව) හෙවත් IRAS විසින් වන අතර, එය භාවිත කලේ පික්සල්-62 ක සංවේදකයකි. WISE විසින් භාවිත කරනුයේ පික්සල මිලියන-සතරක—හෙවත් මෙගා පික්සල-සතරක— සංවේදකයකි.


"මෙය මා දකින්නේ පැරැණි-තාලයේ දුරකතන යන්ත්රකයක් සහ අයිෆෝනයක් අතර වෙනසකට සමාන ලෙසට," යි මේන්සර් පැවසුවාය.


Wikipedia වල රවුමක් යනෙකොට තමයි මේක හම්බවුනේ.
අරමුණ කරා
04:11 | Author: දුෂාන්
මේ සංසාරෙ හිතාගන්න බැරි තරමටමට දුරයි. අපිට පෙනෙන නොපෙනෙන තරමටම. ඉමක් නොපෙනෙන මේ සංසාරෙ කෙළවරක් දකින එක තමයි අපේ ජීවිත වල අරමුණ විය යුත්තේ. ඒ අරමුණ කරා යන්න නම් අපි අපේ ජීවිත වල යහපත් පදනමක් ගොඩ නඟා ගත යුතුමයි. විවිධ ජීවිත උරුම කරගෙන කෝටි ප‍්‍රකෝටි වාර ගණන් අපි මේ සංසාරෙ පුරා ඉපදෙමින් මිය යම්න් මේ සංසාරෙ කෙළවරක් දකින්න වෙහෙසෙනවා. මිරිගුවක් පසුපස දුව ගියපු හති වැටුණ ගමනක නිමාවක් දකින්න නෙමෙයි අපිට ඕන. කල්ප ලක්ෂ ගණන් ජීවිත වලට අපි උරුම කම් කියන්න ඇති. ඒත් අපිු ලබපු ඒ හැම ජීවයකටම බඩා මනුසත්වයෙක් වෙන්න අපි සිය දහස් ගණනින් පින් කළ යුතුමයි. එහෙම පින් කරලා අපි ලබා ගත්ත මිනිස් ජීවිතේ ඔහේ පාවෙලා දියවෙලා යන්න නොදී රැුක ලබා ගන්න ඕන නේද? ආයෙමත් වතාවක් අපිට මේ ලැබුුණු මිනිස් ජීවිතේ ලැබෙන්න තියෙන අවස්ථා බොහොම අල්පයි. ඒ නිසාම වෙහෙසෙන්න. මිනිස් ජීවිත වල තියෙන දුලබ බව වටිනාකම තේරුම් ගන්න. සංසරෙ එගොඩටම පීනන් යන්න අරමුණක් ඇති කර ගන්න එතකොට ඔබට පුලූුවන් වේවි. ලැබුණ ජීවිත වලිනුත් පැනලා දුවන්න හදන මිනිස්සු හරිම සුලභයි මේ ලෝකෙ. දුක සැප දෙකම පොදි බැඳන් අපි හැමෝම මේ ලෝකෙට පය තියන්නෙ. කෙනෙකුට සැප තවත් කෙනෙකුට දුක කියලා ඒ දෙක බෙදලා වෙන් කරලා නැහැ. පුංචි පුංචි නවාතැන් පහු කරන් අපි මේ යන සංසාර වන්දනා ගමන නිමා කරන්න ඕන. ඒ පුංචි නවාතැන් වලදි අපිට දුක සැප දෙකම උරුම වෙනවා. ජීවිත හරිම කෙටියි. ඒ ජීවිත වලදි අපිට ලැබෙන සතුට ඊටත් වඩා කෙටි වෙන්න පුලූවන්. ඒත් සතුට ලැබුණෙ නැහැයි කියලා දුක විතරයි උරුම කියලා ජීවිතේ අසුභවාදීව නොහිතන්න තමන් තුල ශක්තියක් ඇති කර ගන්න. ජීවිතේ හරි සැපයි කියලා තුරුලූ කරන් ඉන්නෙ දුකක් බවත් ජීවිතේ හරි දුකයි කියලා සංසාරෙ සැප හොයාන යන්න ලැබුණ අවස්ථාව මඟ හැර ගන්න එපා කියලයි මං ඉල්ලන්නෙ. හිතන්න ශක්තියක් තියෙන හැම මනුස්සයෙක්ගෙන්ම. එතකොට මේ සංසාර අරමුණ ඇත්තටම ජය ගන්න ඔබට පුලූුවන් වේවි...
 හර්ෂණී


අන්තර් ජාලයෙන් මුදල් සෙවිම. මෙ වචනෙ අහනකොටත් හිනා යනව නේද ? එකියන්නෙ අන්තර් ජාලයෙන් මුදල් සෙවිම කියන එක මහා බොරුවක් වෙලා.හැබැයි මම දන්නවිදිහට Internet එක හරහා මුදල් හොයන කටිටිය ඔන තරම් ඉන්නව. තවත් එකක් අන්තර් ජාලයෙන් මුදල් සෙවිම කියන වචනය නිසා මුදල් හම්බකරන කට්ටිය නම් හොදට හම්බකරනව.මම දැක්ක Internet Cafe එක්ක දාල තියනව අන්තර් ජාලයෙන් මුදල් සෙවිම පිලිබද මුලසිට සරලව කියල. CD එකක ගාන 350. මෙව යිතින් ගන්න කට්ටියත් ඉන්නවනෙ නේද ? අපරාදෙ සල්ලි . Intenet එකේ ඔන තරම් E Book, Blog Google Search පාරක් දැම්මනං හොයාගන්න පුලුවන්.

මමත් Google Search පාරක් දද ඉන්නතකාට හොදයි කියල හිතෙන සයිට් එකක් හම්බඋනා.sit ඒක තමා world wide ptr මෙතනින් යන්න පුලුවන්.මෙකෙදි අපිට කරන්න තියෙන්නෙ එ කට්ටිය අපිට දෙන වෙලද දැන්විම් වල යම් කාලසිමාවක් රැදි ඉන්න ඔන.එතකොට එකටිටිය අපිට සැලකිය හැකි ගෙවිමක් කරනව.ඉන්න ඔන වෙලාවත් එකට්ටිය පෙන්නල දෙනව. මෙ සයිට් එකේ මම log වෙන වෙලාවට අඩුම 300 වත් Online ඉන්නව. ඒ කොහොම උනත් ඉතින් වැ‍ඩේ කරලම බලන්න ඕන. මේ ගැන ඔනකමක් තියන කට්ටිය ඉන්නවනම් ඉතින් Register වෙලා බලන්න.වැ‍නඩේ හරිගියොත් ඉතින් ගොඩම තමා.

මෙතනින් Register වෙන්න පුලුවන්
ජීවිතේ හරි පුදුමයි. ජීවිතේදි අපිට මුණ ගැහෙන මිනිස්සු ඊටත් වඩා පුදුමයි.
තමන් ගැන වගේම අනුන් ගැන හිතන මිනිස්සු මේ ලෝකෙ හරිම අල්පයි.
එහෙම හිතන මිනිස්සුන්ට වඩා නොහිතන මිනිස්සුයි මේ ලෝකෙ වැඩිපුරම අපි දකින්නෙ.
එහෙම වෙන්න එපා මිනිසුනේ,
තමන් ගැන වගේම තමන්ගෙ හිත ගැන වගේම අනෙක් කෙනා ගැනත් මොහොතක් හරි හිතන්න.
ජීවිතේ දුලබ බව තේරුම් ගන්න. ජීවිතේ වටිනාකම තේරුම් ගන්න.
හැමෝටම ආදරය කරන්න. ජීවිතේ සොඳුරු බවක් දැනේවි.
හරියටම පිපුණු මලක් වගේ.
හැබැයි ලෝකෙට පේන්න නම් නෙමෙයි. හදවතින්ම .....

සරල සමාජ සංසිද්ධියක් උවත් සිතිය යුතු දේ බොහොමයි.විවේචනය ඔබ සතුයි.
හර්ෂනි විසින් ලියන ලදුව මා විසින් මේ අහසයට තුල පලකරන ලදී
කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය, කඩුගන්නාව, මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති, නෙළුවාකන්දේ ඤාණානන්ද ස්ථවිර මිනිසුන් මෙන්ම තිරිසන් සත්තුද ජීවත් වීමට කැමති වෙති. කිසිවෙක් තම ජීවිතයට හානි පැමිණීමේ දී කැමැත්තක් නොදක්වති. ජීවිතය තමා විසින්ම හානියට පත්කර ගැනීමට අකමැති වෙති. මානව වර්ගයාගේ මෙන්ම සතුන්ගේ ද පොදු ලක්‍ෂණය මෙය වුවත් ඇතැම් අවස්ථාවල තම ජීවිතය තමා විසින් ම විනාශයට පත්කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද තොරතුරු ලැබේ. මෙය මිනිසා තුළ විද්‍යමාන පොදු සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය ක‍්‍රියාවකි. පසුගිය දිනක පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව ශ‍්‍රී ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සංඛ්‍යාව පුද්ගලයින් දොළොස් දෙනෙකි. ශ‍්‍රී ලංකාව වැනි ජීවිතයේ අගය කියන, යහපත් ජීවන දර්ශනයකින් හෙබි බෞද්ධ දර්ශනය ක‍්‍රියාත්මක රටක, මෙවැනි සිදුවීම් ශෝචනීය තත්ත්වයකි. ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයින් ජීවත්වන රටක් හැටියට ශ‍්‍රී ලංකාව වැනි රටක, සිය දිවි නසාගැනීම සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනයක් පෙන්වීමෙන් පැහැදිළි වන්නේ සමස්ත ජන සමාජය තුළ විශාල මානසික අවපාතයක්, පෞරුෂීය කඩාවැටීමක් පිළිබිඹු වන බවයි. ගත වූ දෙමසක පමණ ඇතුළත කාලය තුළ මාධ්‍ය තුළින් අනාවරණය කළ ඇතැම් දිවිනසා ගැනීම් සම්බන්ධ වාර්තා කෙරෙහි අවධානය යොමු කිරීමේ දී, පාසල් ප‍්‍රජාව දැඩි මානසික පීඩනයට හසුව ඇති බවක් පෙන්නුම් කරයි. තම ජංගම දුරකථනය පාසල තුළ පරීක්‍ෂාවට ලක් කළායැයි කියන සිදුවීමකට මුහුණ දීමට ඇති නොහැකියාව නිසා තමාගේම ටයි පටියෙන් ගෙළ වැළලා ගත් සිසුවිය, බකමූණ ප‍්‍රදේශයේ විද්‍යාලයක සිසුන් කීප දෙනෙකු එක්තරා ඇට වගයක් කා දිවි තොරකර ගැනීම, මහනුවර පිළිමතලාව ප‍්‍රදේශයේ දී නව යොවුන් වියේ පාසල් දරුවන් දෙදෙනෙකු අඩි 300 ක පමණ ප‍්‍රපාතයකින් පැන දිවි තොරකර ගැනීම. පන්ති කාමරය තුළදී දඬුවමකට ලක්වූ ශිෂ්‍යාවන් එය දරාගත නොහැකිව සිය දිවි නසා ගැනීම, පේ‍්‍රම සබඳතාවයට මව්පියන් හරස්වීම නිසා දෙදෙනාම එකම ස්ථානයක ගෙළ වැළලා ගැනීම, වැනි සිදුවීම් බොහෝදෙනාගේ අවධානයට ලක් වූ ඒවාය. ඇතෙමෙකුට මේවා හුදෙක් ප‍්‍රවෘත්ති පමණක් විය නොහැකිය. සමාජ ගමන් මඟ පිළිබඳව අනාවරණය කරන එක් පැතිකඩකි. පාසල් වියේ පසුවන වයස් කාණ්ඩයේ දරුවන් තුළ පමණක් නොව, වැඩිහිටි ජන සමාජය තුළ ද සදාචාරාත්මක පරිහානිය වර්ධනය වෙමින් පවතින බවට සාධක තිබේ. දියණිය අශීලාචාර ලෙස ස්වකිය අභිලාශයෙන් සපුරාගැනීමට යොදා ගැනීම, කාමුකයින් සඳහා දරුවන් මුදලට විකිණීම, බේබදුකම, සිය ධනය නිලය බලය අනිසි ලෙස යොදාගෙන කාමාපරාධ ඇතුළු සදාචාර විරෝධී ක‍්‍රියාවන් වල යෙදීම වැනි ක‍්‍රියාවන්ගේ වැඩිවීමක් ඇත්නම් එයින් ප‍්‍රකට වන්නේ එකී සමාජයේ වැඩිහිටි පුද්ගලයන්ගේ පෞරුෂයේ බිඳවැටීමයි. පෞරුෂය යන්න පුළුල් අර්ථයක් ඇති වචනයකි. මනෝ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා සමාජ මනෝවිද්‍යාඥයින් මේ පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කොට තිබේ. සංක්‍ෂේප වශයෙන් ගත්විට පුද්ගලයකුගේ කායික මානසික චිත්තවේගීය සමාජමය හා සදාචාරාත්මක වර්ධනයේ සමුච්චය පෞරුෂය වශයෙන් සැලකීමට පුළුවන. පෞරුෂය නිතර වැඩෙන්නකි. සකස්කළ හැක්කකි. පවුල, ඥාතීත්වය, පාසල, ආගමික ස්ථාන, දේශපාලන සංවිධාන, ජනමාධ්‍යාදී ආයතන පුද්ගල පෞරුෂ වර්ධනයට ඍජු ලෙස බලපාන ආයතන වේ. පවුලක සාමාජිකයෙකු හැටියට ජීවිතය අරඹන මිනිසා මේ ආයතන හරහා තම ජීවිතය ගොඩනගා ගනී. අර්ථවත් ලෙස මෙම ආයතන ක‍්‍රියාත්මක වන ඕනෑම සමාජයක ශ්‍රේෂ්ඨ පෞරුෂ ඇත්තෝ බිහිවෙතිි. ඊට කදිම සාක්‍ෂියක් අපේ රටේ ඉතිහාසය අපට පෙන්වා දෙයි. එක්තරා අවදියක මේ රට සහලින් ස්වයංපෝෂිත විය. යුද කළකෝලාහල නොතිබුණි. සුරාව සූදුව ජනතාවට වෂ විෂ මෙන් විය. එකිනෙකා අතර තරගයක් නොවී සහයෝගීව නැගී සිටීමට ක‍්‍රියා කළහ. එබැවින් රටවැසියා තෘප්තිමත් ජීවිත ගත කළේය. එහෙත් වර්තමානයේ ඒ තත්වය උඩුයටිකුරු වී තිබේ. මෙය වසර ගණනාවක් තුළ බලපෑ යම් යම් හේතූන්ගේ ඵලයන් මිස විප්ලවීය ස්වරූපයෙන් සැනෙකින් සිදුවූවක් නොවේ. වර්තමානයේ ජීවත්වන අප කළ යුතු වන්නේ සිදුවන අසභ්‍ය අශීලාචාර හා සමාජ විරෝධී සිදුවීම් දෙස බලා පසුතැවීම නොවේ. එවැනි ස්වභාවයක් ජනසමාජය තුළ ගොඩනැගීමට තුඩු දුන් හේතු විමසා බලා ඒවා සමාජයෙන් තුරන් කිරීමට ක‍්‍රියා කිරීමයි. බෞද්ධ දර්ශනයට අනුව මිනිසාට ඇති ප‍්‍රබලතම වස්තුව ඔහු සතු මනසයි. පුද්ගල චර්යා තීර්ණ වන්නේ මානසික ස්වභාවයට අනුවයි. ‘‘මනෝ පුබ්බංගමා ධම්මා’’ යනුවෙන් ඒ බැව් දක්වා තිබේ. සෙසු සත්ත්වයන් හා සසඳන විට මිනිස් මනසෙහි සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ඉතා ඉක්මනින් වෙනස්වීමේ හැකියාවක් තිබීමයි. හිතේ හැසිරීම තීරණය කරනු ලබන්නේ සිතිවිලිවලිනි. සිතිවිලි යහපත් හා පිරිසිදු වන විට සිත ප‍්‍රසන්න වේ. ප‍්‍රසන්න සිතක් ඇත්තාගේ වදන් අර්ථවත්ය. මිහිරිය. සිතිවිලි අප‍්‍රසන්න වු තැනැත්තාගෙන් පිටවන වචන මිහිරි හෝ අර්ථසම්පන්න විය නොහැකිය. ඔහුගේ ක‍්‍රියාකාරකම් ද තමාටත් අන් අයටත් අහිතකර පිණිසම පවතී. අංගුත්තර නිකාය රෝග සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ මිනිසාට වැළදෙන රෝග දෙකක් පිළිබඳ සඳහන් කරයි. එනම් කායික රෝග හා චෛතසික රෝගයි. කෙනෙකුට කායික රෝගයකින් තොරව ඇසිල්ලක්වත් ගත කළ නොහැකිය. කායික රෝග හඳුනාගත හැකි වුවත් චෛතසික රෝග හඳුනා ගැනීම පහසු නොවේ. සිරුරට අහිතකර විෂබීජයක් ස්පර්ශ වීමෙන් හෝ ශරීරගත වීමෙන් සිරුර ලෙඩ කරන්නා සේ දුර්වල අරමුණක් ඉඳුරන් හා ගැටීම නිසා සිත රෝගී බවට හැරෙයි. ආශාව, තරහ හා මුලාව සිත අතිශය දුර්වල කිරීමට හේතු වන දරුණුතම විෂබීජයන්ය. ධර්මයේ අකුශල මූල ලෙස මේවා හඳුන්වා තිබේ. කෙලෙස් සිතිවිලි ක‍්‍රියාත්මක වන්නේ ද විවිධ ස්වරූපයෙනි. සියල්ල තමා සතුකර ගැනීමට සිතීම, අන්සතුවනු දැක්ම නො ඉවසීම, ලද දෙයින් තෘප්තිමත් නොවීම, අනෙකෙකුගේ සතුට සැපත නො ඉවසීම වැනි විවිධ ස්වභාවයන්ගෙන් මතු වී එන්නේ සිතක පවතින ලෝභය හෙවත් ආශාවයි. තවත් කෙනෙකුගේ දියුණුව නො ඉවසීම සතුට හා ලාභය දැක ඉවසා සිටිය නොහැකි වීම ද්වේශයේ ප‍්‍රතිඵලයයි. අනෙකෙකුගේ ජයග‍්‍රහණය හමුවේ අවලාද නැගීම අභූත චෝදනා එල්ල කොට ඔහු විනාශ කිරීමට තැත් කිරීම චරිත ඝාතනය කිරීම ප‍්‍රශංසාවට භාජනය වන්නන් තුළ අප‍්‍රසාදය ඇති කිරීමට තැත් කිරීමට කුමන්ත‍්‍රණය කිරීම වැනි හැසිරීම්වලට යොමුවන්නේ තම සිත තුළ උපදින ද්වේෂයේ ප‍්‍රතිඵල හැටියටයි. මුලාව හෙවත් මෝඩකම ඉතා භයානක සිතුවිල්ලකි. පුද්ගල ජීවිතය පහතට ඇද දමමින් ඔහු නොමග යවා ජීවිතය විනාශ මුඛයට රැුගෙන යාම අනුවනකමේ ස්වභාවයයි. සිය දිවි නසාගැනීමට භාජනය වූ දරුවන්ගේ ස්වභාවයත් විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ ඒ හැමදෙනාම චේතසික රෝග උත්සන්න වූ පිරිසක් බවයි. කෙනෙකුගේ චේතසික රෝගී ස්වභාවය තවත් අයෙකුට හඳුනා ගැනීම අපහසු ය. එය හඳුනාගත හැක්කේ ඔහුගේ ඔහුගේ හැසිරීම හා කථා බහ පිළිබඳව පරීක්‍ෂාවෙන් සිටීමෙනි. අප ජීවත්වන වත්මන් සමාජයේ වයස් භේදයකින් තොරව හැමදෙනා තුළම චේතසික රෝග උත්සන්න කරවීමට සමත් විවිධ බලවේග ක‍්‍රියාත්මක වේ. මතට තිත වැඩසටහන, ඇතැම් ජනමාධ්‍ය ආයතන වසා දැමීමට නියෝග දීම, පාසල් බස් රථවලග අශෝභන කැසට්පට භාවිතය අත්හිටුවීම, සිඟිති දරුවන් සිටින මව්වරුනට විදේශගතවීම තහනම් වීම, ජංගම දුරකථන භාවිතය පාසල තුළ තහනම් කිරීම, අසභ්‍ය වෙබ් අඩවි හා චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම තහනම් කිරීම වැනි ක‍්‍රියා මාර්ග ගැනීමට රජයට සිදුවූයේ සංවිධානගත බලවේගවල ශක්තිය දුර්වල කොට මර්දනය කිරීමටයි. නීතියට පමනක් ඉඩදී බලා සිටීමෙන් සියල්ල විසඳාගත නොහැකිය. දෙමව්පියන්ට ගුරුවරුන්ට හා අනෙකුත් සමාජ ශෝධකයින්ට ජනමසමාජය තුළ දළුලන මෙවැනි සංවිධාන දුර්වල කිරීමට කළ යුතු බොහෝ දේ තිබේ. මේ පිළිබඳව ජාතක පොතේ එන මහිලාමුඛ ජාතකය වත්මන් ජන සමාජයට කදිම පාඩමක් උගන්වයි. විනීත කීකරු මහිලාමුඛ නම් රජතුමාගේ මංගල ඇතා අකීකරු ස්වභාවයක් දැක්වූ බැවින් රජතුමා ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීමට භාර කරන්නේ පුරෝහිත බමුණාටයි. ඇතාගේ හැසිරීමේ හදිසි වෙනස්කම පරීක්‍ෂා කිරීම සඳහා බෝසත් පුරෝහිත බමුණා පියවර තුනක් අනුගමනය කරයි. සතුන් පරීක්‍ෂා කරන වෛද්‍යවරු කැඳවා ඇතාට කායික රෝගයක් වැළඳී ඇත්දැයි පරීක්‍ෂා කරවයි. ඒ පළමු පියවරයි. ඇත්ගාල බාර ඇත්ගොව්වන් කැඳවා ඇත්ගාල අවට පරිසරය පරීක්‍ෂා කරවීම දෙවැනි පියවරයි. තමා තුළ වූ අත්දැකීම භාවිතයට ගැනීම තෙවැනි පියවරයි. රාත‍්‍රී කාලයේ මංපහරන සොරුන් විසින් ඇත්ගාල අවට සිට කථාබහ කරන ලද අසභ්‍ය වචන නිසා ඇතා අකීකරුව ඇති බව වටහා ගත් පුරෝහිතයා තපස්වරුන් කැඳවා සභ්‍ය වචන කථා කරන ලෙස උපදෙස් දෙයි. ඒ තුළින් ඇතා පුනරුත්ථාපනය වෙයි. මහිලාමුඛ ජාතකයෙන් අපට කියාපාන්නේ ඇතුන්ගේ හැසිරීමේ වෙනස්වීම අවබෝධකර ගැනීම නොව සමාජගත පුද්ගලයින්ගේ හැසිරීම් පිළිබඳව අවධානය යොමුකරවීමටයි. ළමා අවදියෙන් දරුවා නව යොවුන් වියට එළැඹි පසු දරුවා ගැන තවත් විමසිලිමත්වීම උවමනා නැතැයි සිතන මව්පියෝ බෙහෝ දෙනෙක් අද සමාජයේ සිටිත. කායික විපර්යාසයකට පත් වූ නව යෞවනයාට තම සිරුරේ ඇති වූ වෙනස්කම් පිළිබඳව ඇත්තේ කුතුහලයකි. ඒ පිළිබඳව මිතුරන් සමඟ කථා කරයි. අදහස් හුවමාරු කර ගනියි. සිරුර හැඩවැඩ කිරීම, මිතුරන් ඇසුරට දැඩි කැමැත්තක් දැක්වීම, ආදරය කිරීමට හා ආදරය ලැබීමට ඇති කැමැත්ත, මව්පියන්ගෙන් ක‍්‍රමයෙන් ඈත් වී මිතුරන්ට එකතුවීම, සංයුත්ත චින්තනයෙන් තර්කානුසාරී චින්තනයට ප‍්‍රවේශ වීම, කැපී පෙනීමට ඇති කැමැත්ත, තමන්ට සියල්ල කළ හැකියි යන මානසිකත්වය වැනි ලක්‍ෂණ රාශියක් නව යෞවනයා තුළ ගොඩනැගේ. තම සම වයස්කරුවන් ඉදිරියේ අවමානයට ලක්වීමට අකමැත්තක් දක්වයි. තැත් වරද ක‍්‍රමයෙන් මිදී පියවරෙන් පියවර තර්ක කරමින් ගැටළු විසඳීමට පෙළඹේ. ඉඳුරන් පිනවීමට දැඩි කැමැත්තක් දක්වන බැවින් මුලා වී විනාශයට යෑමට ඇති ඉඩප‍්‍රස්ථාව අධිකය. නව යොවුන් වියේ දරුවන් තුළ ඇතිවන මේ වෙනස වටහාගැනීමට බොහෝ මව්පියන් අසමත්වීම නිසා දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ගනුලබන තීරණ දරුවාට අහිතකර ලෙස බලපායි. ඉච්ඡුාභංගත්වය, අසහනකාරී බව, ආත්මවිශ්වාසය බිඳවැටීම වැනි තත්වයන් නව යොවුන් වියේ දරුවන් තුළ ගොඩනැගී ඇත්තේ මේ නිසයි. වත්මන් සමාජයේ දරුවන් තුල ගොඩ නැගෙන මේ දුර්වල මානසිකත්වය නිසාම බොහෝ දෙනෙක් තම ජීවිත වලින් පළා යාමට උත්සාහ කරති. ඒ සම්බන්ධයෙන් දරුවන්ට දොස් තැබීම පසෙක ලා මහිලාමුඛ ජාතකයෙන් පෙන්වූ ආකාරයට දෙමව්පියන් තම දරුවන්ගේ චේතසික ස්වභාවය හඳුනා ගැනීමට උත්සාහ කිරීම ඵලදායී දරුවෙක් සමාජයට දායාද කිරීම සඳහා වන වැදගත්ම පියවරක් ලෙස සැලකිය හැකිය. පැරණි අධ්‍යාපන ක‍්‍රමය තුළ දරුවාගේ පෞරුෂය ගොඩනැගීමට උවමනා දැනුම දීම හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පාසල තුළ ක‍්‍රියාත්මක වුවත් විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක‍්‍රමයක් පවතින වර්තමාන පාසල් අධ්‍යාපනය තුළ එවැන්නක් අපේක්‍ෂා කළ නොහැකිය. එබැවින් වත්මන් සමාජයේ දරුවාගේ පෞරුෂ සංවර්ධනයේ කාර්යය මව්පියන් සතු එකක් වීම අනිවාර්ය විය යුතුය.


දම්සර තුලින්
ලක්දිව උද්දලොලක නම් විහාරයක් විය. විහාර අවට වනාන්තරයේ බොහෝ ඌරන් සහ මුවෝ වසති. එක් වැදි පුත‍්‍රයෙක් බොහෝ සේ ගැවසෙන මුවන් සහ ඌරන් දැක අල්ලා ගැනීම සඳහා දුනු ඊතල රැුගෙන බලා සිටියේ ය. එක් මුවෙක් ගොදුරු ගෙන පැන් බීම සඳහා වැව් තොටට යන්නේ විහාරයෙන් ඇසෙන මධුර දහම් හඬට කන් යොමා සිටියේය. දහම් දෙසන තෙරුන් වහන්සේගේ කට හඬෙහි කන් යොමා සිටි මුව පොව්වා වැද්දා විසින් එක පහරින්ම විද මරණයට පත් කළේය. මුවා මරණයට පත්ව එම විහාරවාසී අභය තෙරුන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් මව්කුස සිට බිහිව සත්හැවිරිදි වියෙහිදී මව්පියන්ගේ කැමැත්තෙන් අභය තෙරුන් ළඟ පැවිදිව රහත් ඵලයට පැමිණියහ. මේ බව අභය තෙරුන් දැන සිටියේ ද නැත. අභය තෙරුන් වහන්සේ පඤ්ච අභිඥා අෂ්ඨ සමාපත්ති ලාභියෙකු වූ නමුත් රහත්ඵලයට පත්ව සිටියේ නැත. දිනක් සාමණේරයන් වහන්සේ තම උපාධ්‍යාය තෙරුන් වහන්සේ වෙත වැඩම කල මොහොතේ අත ඔසවා සඳ මඬල පරිමදිමින් සිටියේය. මේ බව දුටු සාමණේර හිමියන්ද තම ඍද්ධියෙන් දහසක් සඳ මඬල තෙරුන් ඉදිරයේ ගෙනහැර පෙන්වා ස්වාමීනි, සඳ මඬල දහසක් - ලක්‍ෂයක් ගෙනහැර පෑම අමාරු නැත. යමෙක් තමා ළඟ ඇති එකම එක තෘෂ්ණාව අතහරී ද එයම ශ්‍රේෂ්ඨය වැදගත් යැයි කීහ. මෙය ඇසූ ස්ථවීරයන් වහන්සේ එදිනම රහත් බවට පත් වූ හ. දෙවැනි දින අභය තෙරුන් හට තම සාමණේර හිමියන් සමඟ දනට වඩින ලෙස ඇරයුම් ලැබුණි. පෙරවරුවේ පාසිවුරු ගෙන ස්වාමීන් වහන්සේලා තිස් දහසක් සමඟ වැඩම කළහ. එය දැක අභය තෙරුන්ගේ නැගණිය පුදුමයට පත් වූ නමුත් පැනවූ අසුන් දෙක තිස්දහසටම සෑහිණ. තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් ගෙයද විශාල විය. දෙදෙනෙකුට පිළියෙල කරන ලද ආහාර තිස් දහසටම ප‍්‍රමාණවත් විය. වළඳා අවසානයෙහි මිහිරි හඬින් සාමණේර හිමියන් ධම_ය දෙසූහ.

දම්සර තුලින්