එක දවසක් රැවෙල ගෙදරයන ගමන් හිටිය.මට මාරම බඩගිනි.ඉතින් රැ වෙලා නිසා මොනව හරි ටිකක් කන්න තැනක් හොයාගන්න හරිම අමාරැයි.ඔහොම යනකොට යන්තම් නයිට් කඩයක් හම්බඋනා.අප්පා නැත්නම් ඉතින් බඩගින්නේ කොහොම ඉන්නද.ඉතින් කොත්තුවක් ඔඩර්කරල පුටුවක වාඩිවුනා.එහොම ඉන්නකොට අපුරැ වදන්ටිකක් මම දැක්ක.

සිකරට් බොන මහත් වරැනි.මෙම ස්ථානයේ සේවය ඔබට නැවත අවශ්‍ය වේ යැයි අප  සිතමි.
මිනිසකු වන්න, සතෙකු නොවන්න.පැය විසිහතර පුරා කඩය තුල සිකරට් නොදල්වන්න.ගින්දර ඉල්ලා අපට කරදර නොකරන්න.අනෙක් පුටුව මත පය නොතබන්න.රත්රී කාලයේ විනිතව හැසිරෙන්න.

ඉත්න් මම හිතාගත්ත නයිට් කඩයක් කරන්න කොච්චර අමාරැද කියල.මොකද රැට විවිධාකර පුද්ගලයන් එනවනෙ.මමත් ඉතින් මගෙ ගින්න නිවාගෙන මගෙ ගමන ගියා
1. අවිධිමත් අන්‍යාගම් කරණයට එරෙහි පනත ගෙන එන්න.
2. පූජනීය ස්ථාන ඉදි කිරීම පාලනය කිරීමේ රෙගුලාසි පනවන්න.
3. බුද්ධශාසන අමාත්‍යංශය නැවත පිහිටුවන්න.
4. බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තා නිර්දේශයන් ක‍්‍රියාත්මක කරන්න.


ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙත ලිපියක් යවමින් කොළඹ ”බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව” ඉල්ලීම් 4 ක් ඉදිරිපත් කොට ඇත. දිවයිනේ ප‍්‍රධාන පෙළේ බෞද්ධ සංවිධාන 18 ක එකමුතුවෙන් පිහිටුවා ගෙන ඇති ”බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව” යවා ඇති මෙම ලිපියට, අදාල සංවිධාන සියල්ල අත්සන් තබා ඇත. රට පුරා සිටින අහිංසක හා නූගත් බෞද්ධයින් ඉල්ලක්ක කරගනිමින් දියත් කෙරෙන දැඩි බෞද්ධ විරෝධි ක‍්‍රියාවන්ට එරෙහිව මෙතෙක් කිසිදු රජයක් නිසි ක‍්‍රියාමාර්ග ගෙන නැති බව ස`දහන් කරන බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව, අයථා අන්‍යාගම්කරණය වැලැක්වීමේ පනත සම්මත නොකිරීම, පූජනීය ස්ථාන පාලනය කිරීමේ රෙගුලාසි නොපැනවීම, බුද්ධ ශාසන අමාත්‍යාංශය යළි ස්ථාපිත නොකිරීම බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන්හි යෝජනා ක‍්‍රියාත්මක නොකිරීම ගැන කණස්සල්ල පල කර සිටී. ඒ නිසා මේ කරුණු පිළිබ`දව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ විපක්ෂයේ පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇත. එහෙත් මේ ලිපියට මේ දක්වා කිසිවකුගෙන් ප‍්‍රතිචාර ලැබී නැති බවද දැන ගන්නට ලැබී තිබේ.


උපුටාගැනිම දම්සර තුලින්
වැඩි විස්ථර සදහා දම්සර බලන්න
බල්ලා හා බැදුනු පිරැලු

* බල්ලාට අැති වැඩකුත් නැ හෙමින් ගමනකුත් නැ.

* බල්ලාගේ පසුපැත්තේ බැන්ද මීය වගේ.

* බල්ලාගේ වැඩේ බූරැවා කරන්නා වගෙයි.

* බල්ලාටත් බත් එපාවුනා වගෙයි.

* බල්ලෙක් බිරැවට අලියෙක් බියවේද.

* බල්ලෙක් බිරැවට හද පාත් වේද.

* බල්ලෙක් මිනිසෙකු සපා කෑවට මිනිසා බල්ලා සපා කන්නේ නැත.

* බල්ලාට කිවම බලු නකුටට කියනවලු.

* බලු වලිගේ උණ පුරැකේ දැමිමත් අැදේ යන්නේ නැත.

* බලු කෝලමට ලෑස්ති වුනොත් අහුරැ ගහපු තැනට යන්නත් ඔනලු.

* බලු මගුල වගෙයි.

* බලු බෙට්ටේ අගමුල නැත.

* බල්ලා හම්බවෙනකොට පොල්ල නෑ පොල්ල හම්බවෙනකොට බල්ල නෑ.