අද ජාත්යොන්තර කාන්තා දිනය දවසනෙ ඉති කාන්තාවන් ගැන කතාකරන අද දවසෙ මටත් හිතුන කාන්තාවන් ගැන මේගැනත් කියන්න.


මට පේන හැටියට නම් දන් කාන්තාවන් හෙදටම සවුත්තු වෙලයි ඉන්නෙ.සාරධර්ම අතින් බින්දුවටම වැටිල.මම එහෙම කියන්න හේතුව මේකයි.මම දවසක් වැඩ ඇරිල ගෙදර යන ගමනුයි හිටියෙ.බස් එකේ හොදටම සෙනග.යිතින් ඔහොම ටිකදුරක් යනකොට පොඩි හාමුදුරුවරු 5ස්දෙනෙක් නැංග.ඉස්සරහ සිට් එක්ක ගර්භනී කාන්තාවකුත් වඩිවෙලා හිටියෙ.කොහොම වුන්ත් ඉතින් හාමුදුරුවන්ට සීටි එක දෙන්නම එපාය.ඉතින් අර ගර්භනී කාන්තාව හිටගෙන හාමුදුරුවන්ට සීට්එක දුන්න.වැඩේ කියන්නෙ මේ කාන්තාවට වාඩිවෙන්න සීට් එකක් හම්බවුනේ බස්එකේ මැදිනුයි.බස්එකේ වාඩිවෙලා හිටපු බාගෙට බාගයක් කාන්තාවන්.ඉතින් ඹවුන්ගෙන් එක් අයකුවත් ඉදිරිපත්‍ උනේ නෑ.මැදිවයස ඉක්මවු සීයකෙනෙක් තමයි ඇට සීටි එක දුනේනෙ.ඕකයි අද වෙනකොට කාන්තා‍ිවන්ගෙ තත්වය.

මම කීවනෙ හාමුදුරුවරු 5ස් නමක් නැංග කියල.ඉතින් හාමුදුරුවරු හතර දෙනෙක් වාඩි උනත් එක චුටි සාමනේර නමකට අසුනක් ලැබුනෙ නෑ.එක උපාසක අම්ම කෙනෙක් කියනව ඇහුන පාඩි හාමුදුරු කෙනෙක් නෙ.පොඩ්ඩක් එහාට වෙලා වාඩිවෙයි කියනව. ඔන්න ඕකයි මොනදේ කිවත් සාදු සාදු කියන් උපාසක අම්මල ගෙ තත්වෙ.

කාන්තාවන් දැන් ඕනවටත් වැඩිය අත්මාර්තකාමී වෙලා.මොනදේ උනත් අහක බලාගන්න පුරුදු වෙලයි ඉන්නෙ.මේ තත්වයනම් හරිම භයානකයි.මෙහෙම වෙන්න ඇයි කියල මටනම් හිතාගන්න බෑ.



කට්ටිය මොකද හිතන්නෙ.කාන්තාවන්ගෙ ආකල්ප සංවර්ධනයක් කල යුතුයි නේද

|
This entry was posted on 03:17 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

10 comments:

On 8 March 2011 at 05:04 , Anonymous said...

සංවර්ධනය කළ යුතුයි... එමෙහ බලද්දි පිරිමි/කොල්ලො අපි හොඳයි බං...

 
On 8 March 2011 at 07:19 , Sudarshana said...

කතා කරල වැඩක් නෑ යාලුවා.. දැං ඉන්න උන්ගෙ වෙන වෙන දේවල්නම් සංවර්දනය කරන්න ඕන තරං දඟලනවා.. කෑලි බෑලි...ආකල්ප නම් අන්තිමයි

 
On 8 March 2011 at 13:38 , Anonymous said...

හ්ම්.. එක නම් ඇත්ත.. කටෙන් විතරයි...

 
On 8 March 2011 at 17:13 , Anonymous said...

සිරාවට බන් පිරිමි කොච්චර හොදද ? එහෙම වෙලාවක රෙද්දක් ඇදගෙන ඉදගෙන යන්න පුළුවන් ද මං අහන්නෙ

 
On 8 March 2011 at 22:26 , Anonymous said...

ගැණු විතරක් නොවේ බන්ග් පිරිමිත් ගෙත් තත්ත්වේ ඕකයි හැබැයි ඉතින් පොඩ්ඩක් හිටපන් දවස තිස්සේ මහන්සි වෙලා පොල් පටවපු බස් එකක සීට් එක දෙන්න මොන මනුෂ්‍යාද කැමති වෙන්න මමනම් හැම වෙලාවෙම සීට් එක දෙනවා හැබැයි ඔය වාඩි වෙච්ච එකෙක්වත් මගෙන් බැග් එකවත් ගත්තේ නැ අඩුම ගානේ ලග සීට් එක හිස්වුණාම (ලමයෙක්ගේ අම්ම කෙනෙක්නම් ) ඒයත් එක්ක ආපු කෙනෙක්ට දෙනවා මිසක් අපි උන්නද මලාද කියලා බලන්නේ නැ.ඔව් ඇත්ත අපි ඕවා බලාපොරොත්තුවෙන් නෙමේ උදව් කරන්න ඕනේ නමුත් ජීවිතේ හැටි එහෙමයි බන්ග්.
බණ කියන හාමුදුරුවොත් එකයි එකම එක දවසක් විතරක් පාදිලි කෙනෙක් පුතා දෙන්න ඔය බැග් එක මම ගන්නම් කියලා කිව්වේ.අපේ රටේ තත්ත්ත්වේ ඕකයි.ඕක කාටවත් වෙනස් කරන්නත් බැ වෙනස් වෙන්නෙත් නෑ.

 
On 9 March 2011 at 19:29 , Anonymous said...

බස් ඒක්කට නැංගොත් එකෙන් 100ට 80ක්ම වාඩිවෙලා යන්නෙ ගෑනු බන්

 
On 10 March 2011 at 00:44 , Anonymous said...

ganu jathiya jara jathiya, gale gahala maradapiya..
he he he'''''.....

 
On 18 April 2011 at 23:11 , Anonymous said...

ඇත්ත වෙන්න පුලුවන්. ඒත් අපිත් හැමදාම යන්නෙ එන්නෙ බස් එකේ. බස් එකකට නගින්න ගියාම සිට් එකක් අල්ල ගන්න පිරිමි දගලන දැගලිල්ල දැක්කාම අපිට නම් හරිම අප්‍රසන්නයි එයාලා ගැන. සිට් එකක් ලැබුනාම ගැහැනු ළමයිවත් තල්ලු කරගෙන වාඩි වෙන්න පොර කනවා. අනේ හරිම ලැජ්ජයි. ඒ වගේම ගොඩක් පිරිමි අයට නිදි මත එන්නෙත් බස් එකකට නැංගාම. සේරටම කලින් පිරිමින්ගෙ ආකල්පත් සංවර්දනය කළ යුතුයි කියලයි මට නම් හිතෙන්නෙ. එක බස් එකක තත්වය ඔහොම වුනාට බස් එකකට නැංගාම කාන්තාව තමයි මුලින්ම අසුනක් දෙන්න ඉදිරිපත් වෙන්නේ. පිරිමි දැක්කේ නෑ වගේ අහක බලාගෙන. එහෙමත් නැත්නම් මොකක්හරි ලොකු කල්පනාවක. නැත්නම් නිදි. නැත්නම් ඇස් පේන්නෑ වගේ ඉන්නවා. හොදට බලන්න බස් එකක තත්වේ ඕක නෙවේද කියලා ඔහොම දෙයක් වුනාම. ගැහැණු පිරිමින්ට වඩා ශක්තිය අතින් අඩුයි කියලානේ මතය තියෙන්නේ. එහෙනම් ඇයි සීට් එක දීලා හිටගෙන යන්න තරම්වත් කොන්ද පණ නැත්තේ පිරිමින්ට. එක බස් එකක පිරිමි කෙනෙක් සීට් එක දුන්නට කවදාවත් කෙල්ලෙක් කොල්ලෙක් ඔහොම කරන් නෑ.මැදි වයසේ මිනිස්සුන්ගෙන් තමයි ඔය වැරැද්ද වෙන්නේ. ඒ අතරිනුත් වැඩිපුර පිරිමි තමයි සීට් එකක් දෙන්න ඉදිරිපත් වෙන් නැත්තේ. කොහොම වුනත් සීට් එක දෙන්න ඉදිරිපත් වුණ ගර්භනී කාන්තාව කොච්චර හොදද. පිරිමි කොහොමත් වැඩිපුර ඔය බස් එකේ ඉන්න ඇති . ඒ අය ඉන්න ඇත්තෙ සිට් එක දෙන්න වෙයි කියලා ඇස් පියාගෙන වෙන්න ඇති. ඒ කොහොම වුනත් මම කියන්නෙ මේ හැමෝටම සිත් පිත් තියෙන මිනිස්සු විදියට ඕනම අවස්ථාවක හැසිරෙන්න ඉගෙන ගන්න.

 
On 25 April 2011 at 02:11 , Harshi said...

නියම අදහසක්.මම ඔයාග අදහසට ගරු කරනවා.

 
On 12 June 2013 at 18:05 , Unknown said...

මේක බලාගෙන හිටපු උබ නම් මහා පොන්නයෙක් තොට කටක් තිබුනේම නැද්ද මට දුක උබ ගැනයි පොන්නයා