සතුට පතා බීවහ,
ඒත් අවසානයේ ඉතිරි වූයේ අසතුටය.

සමාජශීලී වීමට බීවහ,
ඒත් අවසානයේ වාද විවාදවලට පැටලූනහ.

මිත‍්‍රත්වය සඳහා බීවහ,
ඒත් අවසානයේ සතුරෝ වූහ.

පණ්ඩිතකම පෙන්වීමට බීවහ,
අවසානයේ තම අමනෝඥකම පෙන්වූහ.

සුව නින්ද පතා බීවහ,
අවසානයේ අධික වෙහෙසට පත් ස්වරූපයකට පත් වූහ.

ශක්තිය පතා බීවහ,
අවසානයේ බෙලහීනයෝ වූහ.

උනන්දුව ඇති වීම සඳහා බීවහ,
අවසානයේ මන්දෝත්සාහී ස්වරූපයකට පත් වූහ.

සෞඛ්‍ය හේතු දන්වා බීවහ,
පසුව වෙනත් සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කර ගත්හ.

සන්සුන් සිතක් පතා බීවහ,
අවසානයේ නොසන්සුන් පිරිසක් බවට පත් වූහ.

වඩාත් හොඳින් සාකච්ඡුා කිරීමේ අපේක්ෂාවෙන් බීවහ,
අවසානයේ තැනට නොගැළපෙන ලෙස දොඩමළු වූහ.

තම ප‍්‍රශ්න නැති කර ගැනීීම සඳහා බීවහ,
අවසානයේ ප‍්‍රශ්න වැඩිකර ගත්හ.

ජීවිතයට මුහුණ දීමට ශක්තිය පතා බීවහ,
නොදැනීම ඒ තුලින් මරණයට ආරාධනා කළහ.


|
This entry was posted on 00:17 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

9 comments:

On 27 April 2011 at 01:17 , jhothishalanka said...

මේක නියමයි.කියවන හුඟක් බේබද්දන්ට තේරේවි මේක ලියල තියෙන්නේ තමන්ටම කියලා.

 
On 27 April 2011 at 01:18 , jhothishalanka said...
This comment has been removed by the author.
 
On 27 April 2011 at 02:31 , Anonymous said...

මමනම් බොන්න කිසිම හේතුවක් ඔනෙ නෑ.

 
On 27 April 2011 at 04:37 , Anonymous said...

ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් සදහට වලකින්නෙමු,
http://dharmanidhaana.wordpress.com/category/%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/%E0%B6%86%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%80-6-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA/

 
On 27 April 2011 at 04:41 , Anonymous said...

මොනවාද එ ආදීනව 6

 
On 27 April 2011 at 11:02 , Anonymous said...

බීම මහා ලොකු වීරකමක් ලෙස බ්ලොග් අවකාශයේ උලුප්පා දක්වමින් එය සාධාරනී කරණනය කරන රැල්ලක් නිර්මාණය වී ඇත.මේ සමග බ්ලොග් කලාව අවරගණයේ කලාවක් බවට පත් වන ලකුණු පෙනේ.බීම නම් කාටත් කල හැක .අපද කරමු,එය මෙසේ මෙලෙස සටහන් කලේ එය මහා වීර කමක් වන නිසා නොවේ.
එය එසේ ලියා පෙළහර පෑමට තරම් නොවන දෙයක් බවට පෙන්වීමටය.
තමාගෙන් ගිලිහුණු සමාජ පවුර්ශය ගැන අමතක කොට බීමත් කම සමාජය තුල සාධාරණී කරණය කිරීම මහත් විනාශයකි.
වගකීමකින් තොරව තමාට අවශ්‍ය දෙයක් ලීවාට කම් නැත.
එය ඔබේ අයිතියකි.විනය යන්න නිවැරදි අධ්‍යාපනය ,පවුල් පසුබිම සමග එන්නකි.
නමුත් මේ අසීමිත අවස්ථාව නිසි පරිදි පාලනය කර සමාජයට රටට හරවත් යමක ලියන්නේ නම් මැනවි.මන්ද මෙය අසීමිත අවස්ථාවකි,වගකීම භාර ගැනීම ඔබට ලැබෙන අවස්ථාවකි.
අඩුම ගණනේ ඔබේ මව,පියා,සහෝදර සහෝදරියන් , පරිණත වන ඔබේ දරුවන්ට කියවා හරවත් වීමට (අඩුම තරමේ විනාසයට නොපෙලබවන පරිදි )වගකීමෙන් මේ අවස්ථාව බාවිතා කරන ලෙස ඉල්ලමි.

 
On 27 April 2011 at 21:37 , Anonymous said...

api wage masaekata 1 parak drink 1 damma kiyana oya wage prasna mathu wenne na,,,eka bade inna panuwantath hondai

 
On 28 April 2011 at 21:20 , දුෂාන් said...

On 27 April 2011 11:02 , Anonymous said...
බීම මහා ලොකු වීරකමක් ලෙස බ්ලොග් අවකාශයේ උලුප්පා දක්වමින් එය සාධාරනී කරණනය කරන රැල්ලක් නිර්මාණය වී ඇත.මේ සමග බ්ලොග් කලාව අවරගණයේ කලාවක් බවට පත් වන ලකුණු පෙනේ.බීම නම් කාටත් කල හැක .අපද කරමු,එය මෙසේ මෙලෙස සටහන් කලේ එය මහා වීර කමක් වන නිසා නොවේ.
එය එසේ ලියා පෙළහර පෑමට තරම් නොවන දෙයක් බවට පෙන්වීමටය.
තමාගෙන් ගිලිහුණු සමාජ පවුර්ශය ගැන අමතක කොට බීමත් කම සමාජය තුල සාධාරණී කරණය කිරීම මහත් විනාශයකි.
වගකීමකින් තොරව තමාට අවශ්‍ය දෙයක් ලීවාට කම් නැත.
එය ඔබේ අයිතියකි.විනය යන්න නිවැරදි අධ්‍යාපනය ,පවුල් පසුබිම සමග එන්නකි.
නමුත් මේ අසීමිත අවස්ථාව නිසි පරිදි පාලනය කර සමාජයට රටට හරවත් යමක ලියන්නේ නම් මැනවි.මන්ද මෙය අසීමිත අවස්ථාවකි,වගකීම භාර ගැනීම ඔබට ලැබෙන අවස්ථාවකි.
අඩුම ගණනේ ඔබේ මව,පියා,සහෝදර සහෝදරියන් , පරිණත වන ඔබේ දරුවන්ට කියවා හරවත් වීමට (අඩුම තරමේ විනාසයට නොපෙලබවන පරිදි )වගකීමෙන් මේ අවස්ථාව බාවිතා කරන ලෙස ඉල්ලමි.

ඉහත ඉහත කෙමෙන්ටුව සදහා පිලිතුරු.........................

ඔබගේ තේරුම්ගැනීමේ ශක්තිය ගැන බලන විට මොන්ටිසෝරි යන පොඩිඑකෙකුටත් වඩා අන්ත බව කිව යුතුය.යමක් කියවා තේ රුම් ගැනිමේ හැකියාවක් ඔබට නැත.මෙහි කිසි තැනකවත් බීමත් කම සාදාරණිකරණය කොට නැත.ඔබ ලිපිය නොකියවා ඇති බවට මෙම කෙමෙන්ටුවෙන් හොදින් පෙනීයයි. යමක් පිලිබද අදහස් දැක්වීමට පෙර එහි අන්තර ගතය කුමක්ද යන්න තේරුම් ගත යුතුය.එසේ නොමැති නම් කෙමෙන්ට් නොදා නිකන් සිටිය යුතුය.කරුණාකර නැවතත් මෙමෙ ලිපිය ඔබගේ වැඩිහිටියෙකුට පෙන්වා තේරුම් කරගන්න.

 
On 28 April 2011 at 23:03 , Anonymous said...

ඇයි තව එකක් තියනව
ඇගේ පතේ අමාරුව නැතිකරගන්න කට්ටිය බොනවලුනෙ
හි හි හි......