සිංහලේ බෞද්ධ පදනම සර්ව ආගමික සංකල්පයෙන් යටපත් කිරීම.


බුදු දහම සදාකාලික ආත්මයක් නැති අනාත්මවාදී දහමකි. එම සම්ප‍්‍රදායට අනුගතව ආගමික සිරිත් විරිත් හා ඇ`දහිලි සම්ප‍්‍රදායන් ගොඩනැගී ඇත. ඒ හා පෙළ ගැසුණු ආචාර විධි හා සම්ප‍්‍රදායන් අනාත්මවාදී දර්ශනය සත්වයා තුලට කාන්දු කරවන්නක් ලෙස පෙළ ගැසී ඇත. බුදුරජාණන් වහන්සේගේ එම දර්ශනය දහමක් ලෙස සත්වයාගේ සමාජ ජීවිතයෙහි කොටසක් බවට පවත්ව ඇත්තේ ජීවිතය හා බැදුණු සංස්කාර විධි වලට අනුගතව බද්ධ වීමෙනි. එම සංස්කාර විධි සම`ග බුද්ධ වූ සංස්කෘතික අංග තුලින් අනාත්මවාදි දර්ශනය සත්වයාට දැනෙන්නට සලස්වා ඇත.

බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ලොවට හෙලිකල අනාත්මවාදී දහම, සමාජයතුල තහවුරු කරලීමට බිහිකල ශ‍්‍රාවක සංස්ථාව භික්ෂූන් වහන්සේය. උන් වහන්සේලා බුදුරජුන් දෙසූ අනාත්මවාදී දර්ශනය පසක් කොට රහත් බවට ද පත් වූහ.

සැරියුත් මුගලන් මහරහත් වහන්සේ දෙනම අග‍්‍ර ශ‍්‍රාවක මහතෙරුන් වහන්සේ වූහ. උන් වහන්සේලා මුල් කොට පැතිරී ගිය භික්ෂු සම්ප‍්‍රදාය 2600 වසරක් තිස්සේම පැවත ගෙන එන්නේය.

එදා එසේ ඇරඹි ශාසනික සම්ප‍්‍රදාය බුදු දහමේ අනාත්මවාදී දර්ශනයට අනුගතව සිරිත් විරිත් හා චාරිත‍්‍ර විධි ඇදහිලි සම`ග මහා සම්ප‍්‍රදායන් බවට පත් විය. එය සුරක්ෂිතව පවත්වාගෙන යන මේ පරම්පරාගත සංඝ සංස්ථා පැවැත්ම ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුර නමින් හ`දුන්වනු ලැබේ. එහි සැරියුත් මුගලන් මහරතන් වහන්සේ ඒ පරම්පරාගත ශිෂ්‍ය පරපුරේ පුරෝගාමීන් වූහ. ඒ අතර සිය සුළු මව වූ ප‍්‍රජාපතී ගෝතමී මහා තෙරණියගෙන් ඇරඹුණු භික්ෂූණි සසුන හා ඒ සිරිත් විරිත් සම්ප‍්‍රදායන් පිළිගත් භික්ෂූණීන් වහන්සේද වූහ.

මේ බෞද්ධ සම්ප‍්‍රදාය දෙවන පෑතිස් රජු දවස මෙරටට ගෙන එනු ලැබුවේ මිහි`දු මාහිමියන් විසිිනි. එතැන් පටන් ලංකාවේ පැතිරි ගිය මෙම බෞද්ධ සම්ප‍්‍රදාය අද මේ වන විටත් ඒ මහා සම්ප‍්‍රදායට අයත් මහ තෙරුන් වහන්සේ විසින් (චීවර පරම්පරාව* නොනැසි පවත්වා ගෙන එති. මහ රහත් භික්ෂු පරපුර අහෝසි වුවත් භික්ෂු සම්ප‍්‍රදායේ මූලික ලක්ෂණ ඒයාකාරයෙන් සුරක්ෂිතව පවත්වා ගෙන එන සම්මුති ස`ගරුවන වැඩ සිටි.

පැවිදි උපසම්පදා කිරීම් ආදී විනය කර්ම, චාරිත‍්‍රානුකූලව පැවැත්වේ. අදත් ශාසනයේ පැවැති හා පවතින පොහොය කිරීම්, උපසම්පදා කිරීම්, වස් විසීම් සීමා පිහිටුවීම් ඇතුලූ සියලූ සිරිත් පැවැත්වේ.

මෙම සම්ප‍්‍රදායෙහි පැවැත්ම අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේ සිට පැවත එන සිරිත් ලෙස සැලකේ. භික්ෂුණි ශාසනික සම්ප‍්‍රදාය මහා ප‍්‍රජාපති ගෝතමි මෙහෙණියගේ සිට පවත්වා ගෙන එන ලෙස සලකනු ලැබේ. භික්ෂූණී ශාසනය පිහිටුවීම නිසා මුළුමහත් මානව සමාජයේම ස්ත‍්‍රීත්වය උත්තරීතර තත්ත්වයට පත් වී ඇත්තේ බෞද්ධ සම්ප‍්‍රදාය තුලය. එය අති විශේෂිත වූවකි.

බෞද්ධ සම්ප‍්‍රදායෙහි දානයන් සාංඝිකව පූජා කිරීමේ පිළිවෙත් තිබේ. එම සම්ප‍්‍රදායට අනුගතව පස් නමකට අඩු නොවන උපසපන් භික්ෂූන් වැඩමවා දානයන් පිරි නමනු ලබන්නේ බුදුන් දවස වැඩ සිටි සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේ පටන් පැවැත ආවාවූ සහ අනාගතයේ සිටින්නාවූ භික්ෂු සංඝයාට දෙන දානයක් ලෙසය.

මේ අනුව බුදු දහම, එහි චාරිත‍්‍ර ධර්ම හා සසදන විට බෞද්ධ ප‍්‍රතිපදාවට කිසිසේත් නොගැලපෙන ආගමික න්‍යායන් හා දර්ශනයන් පිලිගත් පිරිස් සම`ග බුදුරජාණන් වහන්සේගේ 2600 සම්බුද්ධ ජයන්තිය සැමරීමට යාම මූලික වශයෙන් බෞද්ධ සම්ප‍්‍රදායට හා සම්බුද්ධත්ව ජයන්තියට කරන නි`ගාවකි.

සම්බුද්ධත්ව ජයන්තිය අනෙක් ආගමිකයන් සම`ග සැමරීමට ප‍්‍රයත්න දැරිම සංවේගයට කරුණකි. ඒ පිළිබ`ද පාලකයින්ට යමෙක් උපදෙස් දෙන්නේ නම්, ඒ පාලකයාට කරනුයේ බලවත් වරදකි.

අඩුම තරමින් අන්‍ය ආගමික පූජක තුමන්ලා හා භික්ෂූන් වහන්සේට එකව දන් වැළදිය නොහැක. ආහාර ගැනීමට, කන්නට පුළුවන. එහෙත් ආහාර ගැනීම කෑම හා දානය වැළදීම අතර න්‍යායාත්මක හා දර්ශනාත්මක වෙනසක් තිබෙන බව අපි දකිමු. එය අන්‍යාගමිකයකුට විහිළුවක් වීමට ද බැරි නැත.

භික්ෂූන් වහන්සේට පිරි නමනු ලබන විශේෂිත වූ දානය සාංඝික දානය නම් එය පිළිගන්වන්නේ සාංඝික ක‍්‍රමයටය. එහිදි සිවු නමකට වැඩි භික්ෂූන් වැඩමවා සාංඝිකව පිරිනමනු ලබන දානය සාංඝිකව පූජා කරන විට අතීතයේ වැඩ සිටි සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා පටන් අද දක්වා සිටි භික්ෂූන් වහන්සේද අනාගතයේ වැඩ සිටින සියලූ මහා සංඝ රත්නයද සිහි කොට දෙන දානයි. ඒ දානය පිළිගන්නේ අද වැඩ සිටින සම්මුති මහා සංඝයා වහන්සේය. එම දානය මහත් ඵල මහානිසංස බව බෞද්ධ සම්ප‍්‍රදායේ පිළිගැනේ.

එනිසා භික්ෂූන් වහන්සේලා සරල පූජක කොටසට අයත් නොවේ. ඒ අය සම`ග සර්ව ආගමික වැඩකට භික්ෂුන් වහන්සේට සහභාගි විය නොහැකිය. ආගමික නොවන දේකට යා හැකිය. මේ නිසා සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ උත්සවයන්,බෞද්ධ සම්ප‍්‍රදායේ අති උත්කෘෂ්ට ආගමික උත්සවයක් හෙයින් එය සර්ව ආගමික, උත්සවයක් දක්වා විකෘති කිරීමට මේ රටේ කිසි`දු රාජ්‍ය නායකයකුට හිමිකමක් හෝ අයිතියක් නැත. සර්ව ආගමික, සර්ව පාක්ෂික යන මේවා තුළ ඇත්තේ එක`ගත්වයට යහපතට එකතු වූවාට වඩා බලකාමයයි.

dhamsara