20:05 | Author: දුෂාන්
වාසනාව ලගාකරගන්නා ක්‍රරම


ඔබේ නිවසට සෞභාග්‍යය කැන්දා ගන්න, සිත් ගන්නා ආකාරයකට නිවස හා අවට පරිසරයද අලංකාරවත්ව සකසා ගත යුතුය. පරාශර සෘෂිවරයාගෙන් විශ්වකර්ම ශාස්‌ත්‍රඥයාට ලැබුණු ඉන්දීය වාස්‌තු විද්‍යාවට හා ෙµන්ෂුයි ශාස්‌ත්‍රයටද අනුකූලව සැකසුණු "නිවසට සෞභාග්‍යය හා ධනය ලබා ගැනීමේ පහසු මාවත" නමැති කෘතියෙහි, මේ පිළිබඳ විස්‌තර සඳහන්ය. නිවසට සෞභාග්‍යය ළඟා කර ගැනීමටත්, ධනය ලබා ගැනීමටත් අනුගමනය කළ යුතු උපක්‍රම රැසක්‌, එම කෘතියට අනුව, මෙසේය(

* ගලන ගඟක, දිය ඇල්ලක පින්තූර නිවසේ එල්ලා තැබීමෙන්, නිවසට ශක්‌තියක්‌, වාසනාවක්‌ අත්කරගත හැකිය.

* ධනය ඇද ගැනීම සඳහා, ගෙවත්තේ පිටුපස හෝ වම් කෙලවර පැත්තේ, සුළං පෙත්තක්‌ සවි කිරීම උචිතය.

* ගෙඩිද සහිත දොඩම් ගසක පින්තූරයක්‌, එසේ නැත්නම්, දොඩම් වට්‌ටියක පින්තූරයක්‌, ධන වාසනාවට මංපෙත පාදනු ඇත.

* රතු පසුබිමක රන් වර්ණය, වාසනාව හා සෞභාග්‍යයද නිවසට විහිදුවන්නක්‌ වන අතර, රන්පාට සීනු රතුපාට සිහින් පටියක ගැට ගසා, නිවසේ ප්‍රධාන දොරටුව අබියස අගුල අසලින් එල්ලීමෙන්, වාසනාව හා සෞභාග්‍යයද ළඟාකර ගත හැකිය. ධනය හා සෞභාග්‍යයද ළඟා කර දෙන දිව්‍ය නාදය හැටියට සැලකෙන්නේ සීනු නාදය මෙවැනි සීනු වෙළෙඳපොළින්ද දැන් මිලදී ගත හැකිය.

* නිවසේ සෞභාග්‍යය හා ධනයද වර්ධනය කර ගැනීම සඳහා, රන් පාට කාසි තුනක්‌ රතුපාට කඩදාසියක ඔතා, නිවසේ මේසය මත ඇති මල්පෝච්චිය යටින් තබන්න.

* ඇත් දළින් සැකසුණු භාණ්‌ඩ, අලි ඇතුන්, මූර්ති වලින්, සෞභාග්‍යය, වාසනාව හා ධනයද නිවසට ළඟාකර ගත හැකිය.

* රතු මිශ්‍ර රන්පාට කෙඳිසහිත රිබන් පටියකින් පහළ කෙලවර එතූ, මොටෙයියන් තුන්දෙනක සහිත පුංචි උණ පඳුරක්‌, ගෙවත්තේ තැනක වැවීම හෝ සාලයේ මල් පෝච්චියක තැබීමද වාසනාව ළඟා කර දෙන්නකි

* මහා ධන ආකරයක්‌ බඳු සාගරය, සෞභාග්‍යයේ සංකේතයක්‌ වන නිසා, සාගර වෙරළක පින්තූරයක්‌ එල්ලා තැබීමෙන්, ධනය උපයා ගැනීමට රුකුලක්‌ ලබාගත හැකියි.

* ධන වාසනාව වැඩිකර ගැනීම සඳහා,රතු පාට පටියක ගැට ගැසූ උණ බට නළාවක්‌, නිවසේ ප්‍රධාන දොරටුව ඇතුළතින් එල්ලන්න.

* රතු රිබන් පටියක ගැට ගැසූ, හිල් සහිත රන් පාට කාසි තුනක්‌ ප්‍රධාන දොරටුව ඇතුළතින් එල්ලීමෙන්ද ධනය හා වාසනාව ළඟාකර ගත හැකිය.

* වොට්‌ පහක සුදු හෝ නිල් බල්බයක්‌ රැය පහන් වනතුරුම දල්වා තැබීම, මුදල් ගලා ඒමේ මන්දගාමී ස්‌වභාවය මඟහරවා ගැනීමට පිළියමකි.

* එල්ලෙන පොකුරු ලාම්පු, නිවසට සිරියාව, වාසනාව ගෙනදෙන, සිරිකත කැන්දන මාර්ගයකි.

* නිවසේ ප්‍රධාන දොරටුව අබියස තැබිය යුත්තේ වර්ණවත්, පිරිසිදු පාපිස්‌සකි.

* පවුල් ජීවිකාව, කරන රැකියාව අතුගෑවී යාමෙන් වැළකීමට, ඉදල්, කොසු, රෙදි මුස්‌න නොපෙනෙන තැනක තැබිය යුතුය.

* මිදුල අතුගාන අවස්‌ථාවලදී, අතුගෑ යුත්තේ, එළිය පැත්තට නොව, නිවස පැත්තටය. එළිය පැත්තට අතුගෑවොත්, ධනය අඩුමිවිය හැකිය.

* නිවස පැත්තට හැම පැත්තකින්ම වාගේ කුරුල්ලන් පියඹා එන අතර, ගෙවත්තට එන කුරුල්ලන්ට කෑමට හා නෑමටද තැනක්‌ පිළියෙළ කර තැබීමෙන්, හැම පැත්තකින්ම සෞභාග්‍යය උදාකර ගත හැකිය.

* වාසනාව විහිදුවාලන පලතුරක්‌ හැටියට සැලකෙන අන්නාසි ගෙඩියක්‌, අලංකාරයට මෙන්මේසය මත තැබීම, වාසනාව උදාකර ගැනීමට මගකි.

ක මුදල් තැන්පත් කර තබන පෙට්‌ටිය, සේප්පුව හෝ අල්මාරිය, පරාවර්තනයට පෙනෙන පරිද්දෙන් ඉදිරිපස බිත්තියක කණ්‌නාඩියක්‌ එල්ලා තැබුවහොත්, උපයා සපයා ගන්නා ධනය ආරක්‌ෂා කරගත හැකිය.

* පාරේ යනෙන පුද්ගලයන්ට නිවසේ අංකය හඳුනා ගැනීමට අපහසු නම්, එය වාසනාවට බාධාවක්‌ වන නිසා, එළියේ සිට පැහැදිලිව කියවිය හැකි ආකාරයට එම අංකය සකස්‌කොටතැබිය යුතුය.

* ධන වාසනාවට මාළු ටැංකිවලින් මහගු පිටිවහලක්‌ ලැබෙන හෙයින්, නිරෝගී ලස්‌සන සුරතල් මසුන් සහිත ටැංකියක්‌ නිවසේ තබා ගැනීම සුදුසුය. නිවසේ පදිංචි සාමාජිකයන්ගේ ගණනට සමාන මසුන් ගණනක්‌ එහි සිටීම වඩා උචිතය.

* තමා පදිංචි ස්‌ථානය නිරතුරුවම පිරිසිදුව තබා ගත යුතුය. මකුළු දැල්, මුල්‍ය ශක්‌තිය එක තැන් පල්කරවන්නක්‌ වන නිසා, මකුළු දැල් කඩා දැමීමට ද වග බලා ගත යුතුය.

* නිවස ඉදිරිපිට හෝ ඇතුළත හෝ බලු කූඩු තැබීම සුදුසු නැත. බලු කූඩු තැබිය යුත්තේ ඉඩමේ ප්‍රේaත පාදයේය.

* ඔබ උපයන මිල මුදල් අතුරුදන් වන ගතියක්‌ ඇත්නම්, තරමක්‌ බර ද්‍රව්‍යයක්‌ හෝ ඝන ද්‍රව්‍යයක්‌ ඔබේ කාමරයේ වම් කෙලවරේ තැබිය යුතුය.

* මල් ඵල දරන ගස්‌ ගෙවත්තේ සිටුවීමෙන්, අරමුණු උත්සාහයන් මෙන්ම බලාපොරොත්තු ද ඵල දරනු ඇත. නිවස ඉදිරිපිටම ඵල දරන ගස්‌ සිටුවීම සුදුසු නැත.

* පිත්තල ලාම්පුවලින් වාසනාවත්, සෞභාග්‍යය හා ගම්භීරත්වයත් ළඟා කර ගත හැකිය.

* ඉංගිරිසි යූ අකුරක හැඩයට අනුව නිවසට ඇතුළු වන්න සිදුව ඇත්නම්, එය ඉතා අසුබ වන නිසා, හනිකවම එය වෙනස්‌ කළ යුතුය. නිවසේ ප්‍රධාන දොරටුවේ සිට විරුද්ධ දිශාවන්හි ගේට්‌ටුව ඉදිකිරීමද නුසුදුසය.

* රන් පාට කාසි තුනක්‌ රතුපාට කොළයක ඔතා මුදල් පසුම්බියේ තබා ගැනීමෙන්, මන්දගාමී ආකාරයකට මුදල් ලැබීම මඟහරවා ගත හැකිය.

* ගැබිණි මාතාවක්‌ ඔබේ නිවසේ සිටී නම්, සිඟිති ළපැටියකුගේ පින්තූරයක්‌ ඇගේ කාමරයේ එල්ලා තැබීම යෝග්‍යය. ඇය මෙම පින්තූරය දකින විට කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට ඇයගේ හැඟීම් බලපාන්නේ ඉබේමය.

ක හැමවිටකදීම, නිවසේ සිට එළියට ගෙන යන මුදල් ප්‍රමාණය හැකි තරම් අඩු කිරීමටත්, පිටත සිට නිවසට ගෙනෙන මුදල් ප්‍රමාණය හැකි හැම විටකදීම වැඩි කිරීමටත් වගබලා ගත යුතුය.

* ඇස්‌වහ කටවහ දොaෂ නිසා හෝ අසල්වාසීන්ගේ ඊර්ෂ්‍යාව නිසා හෝ ඔබේ දියුණුව ඇනහිට ඇතැයි ඔබට සිතෙන්නේ නම්, නිවසේ ප්‍රධාන දොරටුවේ සිට පැහැදිලිවම පෙනෙන ආකාරයට කුකුළකුගේ රූපයක්‌ එල්ලීම සුදුසුය.

* යක්‌ෂ මුහුණු බලි මුහුණු, වෙස්‌ මුහුණු යනාදිය නිවස අබියස එල්ලා තැබීම සමහරුන්ගේ සිරිතය. එය ආයෝග්‍ය දෙයකි. නිවස ඉදිරිපිට කාටත් පෙනෙන්න එල්ලිය යුත්තේ, තමන්ගේ ආගමට අනුකූලව, "මෙම නිවසට බුදුසරණයි", "මෙම නිවසට ඡේසු පිහිටියි", "මෙම නිවසට දෙවි පිහිටයි" වැනි වගන්තියක්‌ ලියූ පුවරුවකි.

* නිවසට උතුරින් හා නැගෙනහිරින්ද උස ගස්‌ පිහිටා තිබුණොත්, ධනය එක්‌රැස්‌ වීමේ අඩුවක්‌මෙන්ම නිරෝගීකමට බාධාවක්‌ද විය හැකිය. එනිසා, ඒ පැතිවල උස ගස්‌ තබීම සුදුසු නැත.

* මැරුණු ගස්‌වලින් කඩා ගත් අතුඉති, මල්, කොළ යනාදිය නිවසට ගෙන ඒමද සුදුසු නැත.

* ජල කරාමවලින් වතුර කාන්දු වුවහොත්, ඔබ සතු ධනයද නිරපරාදේ නාස්‌තිs විය හැකිය. නිවසේ වතුර කාන්දු වන ජල කරාම ඇත්නම්, ඒවා වහා පිළිසකර කර ගත යුතුය.

* පාලනය කර ගත නොහැකි තරමට ගෙදර වියදම් අධික නම්, වැසිකිළිය තුළ කුඩා පැලයක්‌ තැබිය යුතුය.

* සමහරුන් කටු සහිත පතොක්‌ වැනි ගස්‌ද අලංකාරයට ගෙමිදුලේ සිටුවන අතර, එවැනි ගස්‌ මිදුලේ සිටුවීම අයෝග්‍යය.



දිවයින
විමල් වීරසේකර