WISE ඇසින් දුටු ධූමකේතුව -- (නැෂනල් ජියෝග්රිෆික් - කර් තාන් විසිනි)
නාසා හි නවතම “වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාලරෙඩ් සර්වේ එක්ස්ප්ලෝර” (පුළුල්-පාටීර අධෝරක්ත සමීක්ෂණ ගවේෂක) (WISE) අභ්යාීවකාශ දුරදක්නය විසින් පළමුවෙන්ම ලබා ගත් හා පෙබරවාරි 17 දින නිකුත් කෙරුනු අධෝරක්ත ඡායාරූපයක් විසින් ස්ලයිඩින් ස්ප්රිරන් ධූම කේතුව හා එහි භූතාකාර වලගය අහස දිගට ඇදී ගොස් ඇති අයුරු ඉහත පෙන්නුම් කරයි.
2009 දෙසැම්බර හිදී අභ්යා්වකාශ ගත කෙරුනු මෙම දුරදක්නය, අහස හාත්පස සිසාරා අධෝරක්ත ආලෝකය නිකුත් කරන වස්තූන් ඇතිදැයි විමසනු ඇත.
"WISE වෙතින් අප වෙනස් අයුරකින් දකින්නේ සූර්යයා විසින් ධූමකේතුවෙහි සිසිල් ධූලි තල්ලු කොට යවන ආකාරය" යි WISE දුරදක්නයෙහි නියෝජ්යස ව්යාිපෘති විද්යාසඥ ඇමී මේන්සර් පැවසුවාය.
දිගු තරංග ආයාමයක් සහිත අධෝරක්ත භාවිතයෙන් ශක්තිය විමෝචනය කිරීම සඳහා උණුසුම් වස්තූන්ට වඩා සිසිල් වස්තූන් සමත් අතර, එබැවින් WISE දුරදක්නය අයිස් පිරි ධූමකේතු සහ සිසිල් පාෂාණී ග්රඩහකයන් කෙරෙහි වැඩි සංවේදීතාවයක් දක්වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
"ඒවායේ ප්රසමාණය හා ඒවායේ ධූලි අංශු කෙතරම් විශාලද යන්න වැනි ධූමකේතුන් ගේ භෞතික ලක්ෂණ පිළිබඳ බොහෝ දෑ අප උගෙන ගන්නවා," යි මේන්සර් පැවසුවාය.
අවසන් වරට සමස්ත අහස අධෝරක්ත ආලෝකය භාවිතයෙන් සිතියම් ගත කලේ 1983 දී ඉන්ෆ්රාකරෙඩ් ඇස්ට්රොරනොමිකල් සැටලයිට් (අධෝරක්ත තාරකා විද්යාැත්මක චන්ද්රි්කාව) හෙවත් IRAS විසින් වන අතර, එය භාවිත කලේ පික්සල්-62 ක සංවේදකයකි. WISE විසින් භාවිත කරනුයේ පික්සල මිලියන-සතරක—හෙවත් මෙගා පික්සල-සතරක— සංවේදකයකි.
"මෙය මා දකින්නේ පැරැණි-තාලයේ දුරකතන යන්ත්රකයක් සහ අයිෆෝනයක් අතර වෙනසකට සමාන ලෙසට," යි මේන්සර් පැවසුවාය.
Wikipedia වල රවුමක් යනෙකොට තමයි මේක හම්බවුනේ.
|
This entry was posted on 00:18 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.
2 comments:
කොයි තරම් නිකන් හිටියත් අපිට ඕව කරන්න කිසි ආසාවක් නැහැ..
අාසවක් නැතිකම මිනිහෙක්ගෙ දියුණුවට ලොකු බාධාවක්ලු නේද