මොනවද අම්මෙ අකුරැ ජාතියක්
අක්කගෙ කොපිකොල වල ලියලා
කවිරැද අම්මෙ මෙවලියන්නේ
ආදරයෙන් අමතමි කියලා


පුතා දන්නේ නැ යෞවන කාලෙට
කෙල්ලො කොල්ලො හරි වැඩ කරති
හමුවන අය පෙම් කතා කියද්දි
බැරි අය කොපි කොල වල ලියති


එහෙ බැලුවත් පෙම් මෙහෙ බැලුවත් පෙම්
මට නැ මොනවත් තේරෙන්නේ
තැපැලෙනුත් නොව වෙන කෙනෙකුත් නොව
කවුරද එවා ගෙනයන්නේ


පාසල් යනකොට ආපසු එනකොට
මග තොටදි මෙය සිදුවන්නේ
අක්කා දෙන එක අක්කට දෙන එක
පොත් ඇතුලෙයි වැඩිපුර යන්නේ


අක්කා විතරද අක්කට විතරද
මේ කොපි කොල ගන්නේ දෙන්නේ
පාසල ඇතුලෙදි මේව කෙරෙන බව
එහි ගුරැවරැ නැතිවද දන්නේ


නෑ මගෙ සුකිරි පුන්චි පුතෙතේ නෑ
කවුරැත් ඔහොමයි තරැණ වියේ
ගුරැවරැ නිතරම සෙව්වෙත් ඔය ගැන
ඔව කෙරෙන්නේ හොර රහසේ
දෙයියොසාක්කි
02:56 | Author: දුෂාන්
සිරිපාල වෘතියෙන් මේසන් බාස් කෙනෙකි.රස්සාවෙන් එදා වේල පිරිමහගත් ඹවුන් මුදල් ඉපයිමේ අලුත් විදිහක් කල්පනා කලේය.බිරිදත් සමග මේගැන සාකච්චා කර අලුත් මුදල් ඉපයිමේ මාර්ගයක් සොයාගත්තේය.බැංකුවකින් ණයක් ලබාගත් ඔවුන් එම මුදල් පොලියට ලබාදුන්නේය.නොසිතු පරිදි මුදල් ලබාගත් පිරිස් ඔවුන් මගහැර ගියේය.මෙයින් සිදුවුයේ සිරිපාලට වසබි මියයැමටය. මියැමෙන් පසු 7දින දානයේදි කවුරැත් බිතියට පත්කරමින් සිරිපාල බන කියමින් සිටි හාමුදුරැවන්ට අාවේශ විය.එතැන්සිට සිරිපාල ගමේ සැරිසරන්නට විය.සියල්ලන්ටම වඩා ගමේ කිහිප දෙනෙක් හොදටොම බියවි සිටියේය.ලබාගත් මුදල් ඉක්මනින් සිරිපාලගේ බිරින්දැ වෙත ලබාදිමට කටයුතු කලේය.එහෙත් සිරිපාල තවමත් ගමේ සැරිසරමින් සිටි.

සැබැ සිදුවිමක් අැසුරෙනි.


සියල්ල මුදලින් තිරනය වන කාලයක අාදරය,සුහදත්වය,මිනිස්කම,වැනි සාරධර්මද එම තත්වයට පත්වෙමින් තිබිම අනාගතයේ මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් වෙමින් පවතී.එවන් කලියුගයක ,සික්කිය,බැල්ලියක් නම් නොවේ.බැල්ලියකට අසමානද නොවේ.තම හම්පුතාට ගෟරවය දැක්විම සෑම බල්ලෙකුගේම ගතියකි.එසේ වන්නේ තමන්ට කන්නට දෙන්නේ ඹහු නිසාය.මේ වල් ගතිය මිනිසුන්ට පුරැදුවුයේ බල්ලන් ගෙන්දැයි මම නම නෙදනිමි.අනාගතෙය් දිනක සමාජ විද්‍ය පර්යේෂකයන්ට මේ පිලිබද සොයන්නට වනු අනුමානය.රටක් දියුණු වීමට නමි තනිව සිටිය නෙහැක.මිනිසුන්ට අන්‍ය සහය නැතිව කේසේවත් සිටිය නෙහැක.අන්‍ය සුහදත්ව යක් නැති මේ සික්කිය තම හම්පුතාගෙන් සැමදා කටු ලැබෙතැයි යන අපෙක්ෂාවෙන් පසුවනවා අැත.නෙලැබුනු දාට සියල්ල .......අනාගතයට බාරයි