ඔන්න අද මම සංකීර්ණ වගේ පේන පිස්සු හැදෙන ගණිත ගැටලුවක් ගැන කියන්නයි යන්නෙ.වැඩි විස්තර නැතිව වැඩේට බහිමුකො නේද.



එන්න යාළුවො 3 දෙනක් හිටිය. 3 දෙනාට පොඩි බඩගින්නක් හැදිල තේබොන්න කඩේකට ගොඩවැදුන. හැබැයි ඉතින් තුන්දෙනා ගාවම තියෙන්නෙ රු 30 යි.ඒ කියන්නෙ එක්කෙනෙක් ගාව රුපියල් 10 විතරමයි තියෙන්නෙ.රුපියල් 30කට මොකුත් කන්නත් බැරි නිසා 3දෙනා තේ 3ක් බීල වේටර් කොලුවට බිල ගේන්න කීව. තේ ගාස්තුව රුපියල් 25යි. තුන්දෙනා වේටර් කොලුවට රුපියල් 30ක් දෙනව. වේටර් කොලුව ඉතිරි රුපියල් 5න් රුපියල් 2 අරගෙන ඉතිරි රුපියල් 3නක් ආපහු දෙනව.යාළුවො 3දෙනා රුපියල ගානෙ බෙදාගන්නව.


දැන් තමයි ගැටලුව මතුවෙන්නෙ. යාළුවො තුන්දෙනාගෙ අතේ රුපියල් 10 ගානෙ නෙ තිබේබෙ.එකෙන් තුන්දෙනාටම ඉතිරි හමිබ වුනේ රුපියල ගානෙ නෙ.එතකොට එක්කෙනෙකුට රුපියල් 9ක් වියදම් වෙල තියනව. 9 ගානෙ තුන්දෙනාගෙම වියදම27 (9x3 =27) යි. වේටර්ට රුපියල් 2ක් දුන්නාම රුපියල් 29ක් වෙනව.ඉතිරි රුපියලට මොකද වුනේ ?


මේකට උත්තර තියනවනම් දෙන්න බලන්න

|
This entry was posted on 02:51 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments:

On 19 July 2010 at 03:52 , dinesh said...

ඉතුරු රුපියලක් එන්නෙ කොහෙන්ද?ඔයානෙ තීරණය කරල තියෙන්නෙ එක්කෙනෙකුට රුපියල් 9ක් උනා කියල.තේ තුනටමනෙ විසිපහක් උනේ.මුදලාලි එක් එක්කෙනාට වෙනම ගනන් හදල නැහැනෙ.

 
On 19 July 2010 at 03:58 , SIDATH said...

වේටර්ට දුන්න රු. 2 , වියදම් වුන රු. 27 ඇතුලෙනෙ තියෙන්නෙ. :D
ඉතින්, වියදම (27) + ඉතුරු (3) = 30

 
On 19 July 2010 at 04:03 , පාඨකයා said...

තුන්දෙනාගෙම වියදම රු. 27.00 ක් වෙන්නෙ, වේටර්ට දීපු රු.2 ත් එක්ක. (තේවලට 25 + වේටර්ට 2 = 27) ඒ 27 ට ආයෙත් රු. 2 ක් එකතු කරපු එක වැරදියි. :D

 
On 20 July 2010 at 07:23 , Chanaka Aruna Munasinghe said...

රජයේ අනුමත බදු ??

 
On 20 September 2016 at 10:39 , Unknown said...

Oka 2ke pantiye lamayekutath puluwan.