1. අවිධිමත් අන්‍යාගම් කරණයට එරෙහි පනත ගෙන එන්න.
2. පූජනීය ස්ථාන ඉදි කිරීම පාලනය කිරීමේ රෙගුලාසි පනවන්න.
3. බුද්ධශාසන අමාත්‍යංශය නැවත පිහිටුවන්න.
4. බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තා නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙත ලිපියක් යවමින් කොළඹ ”බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව” ඉල්ලීම් 4 ක් ඉදිරිපත් කොට ඇත. දිවයිනේ ප්‍රධාන පෙළේ බෞද්ධ සංවිධාන 18 ක එකමුතුවෙන් පිහිටුවා ගෙන ඇති ”බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව” යවා ඇති මෙම ලිපියට, අදාල සංවිධාන සියල්ල අත්සන් තබා ඇත.
රට පුරා සිටින අහිංසක හා නූගත් බෞද්ධයින් ඉල්ලක්ක කරගනිමින් දියත් කෙරෙන දැඩි බෞද්ධ විරෝධි ක්‍රියාවන්ට එරෙහිව මෙතෙක් කිසිදු රජයක් නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බව ස`දහන් කරන බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව, අයථා අන්‍යාගම්කරණය වැලැක්වීමේ පනත සම්මත නොකිරීම, පූජනීය ස්ථාන පාලනය කිරීමේ රෙගුලාසි නොපැනවීම, බුද්ධ ශාසන අමාත්‍යාංශය යළි ස්ථාපිත නොකිරීම බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන්හි යෝජනා ක්‍රියාත්මක නොකිරීම ගැන කණස්සල්ල පල කර සිටී. ඒ නිසා මේ කරුණු පිළිබ`දව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන ප්‍රකාශයක් ලබාදෙන ලෙසට බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ විපක්ෂයේ පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇත. එහෙත් මේ ලිපියට මේ දක්වා කිසිවකුගෙන් ප්‍රතිචාර ලැබී නැති බවද දැන ගන්නට ලැබී තිබේ.
උපුටාගැනිම දම්සර තුලින්
වැඩි විස්ථර සදහා දම්සර බලන්න
Ricky Martin - Private Emotion
5 years ago
0 comments: