ලක්දිව උද්දලොලක නම් විහාරයක් විය. විහාර අවට වනාන්තරයේ බොහෝ ඌරන් සහ මුවෝ වසති. එක් වැදි පුත‍්‍රයෙක් බොහෝ සේ ගැවසෙන මුවන් සහ ඌරන් දැක අල්ලා ගැනීම සඳහා දුනු ඊතල රැුගෙන බලා සිටියේ ය. එක් මුවෙක් ගොදුරු ගෙන පැන් බීම සඳහා වැව් තොටට යන්නේ විහාරයෙන් ඇසෙන මධුර දහම් හඬට කන් යොමා සිටියේය. දහම් දෙසන තෙරුන් වහන්සේගේ කට හඬෙහි කන් යොමා සිටි මුව පොව්වා වැද්දා විසින් එක පහරින්ම විද මරණයට පත් කළේය. මුවා මරණයට පත්ව එම විහාරවාසී අභය තෙරුන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් මව්කුස සිට බිහිව සත්හැවිරිදි වියෙහිදී මව්පියන්ගේ කැමැත්තෙන් අභය තෙරුන් ළඟ පැවිදිව රහත් ඵලයට පැමිණියහ. මේ බව අභය තෙරුන් දැන සිටියේ ද නැත. අභය තෙරුන් වහන්සේ පඤ්ච අභිඥා අෂ්ඨ සමාපත්ති ලාභියෙකු වූ නමුත් රහත්ඵලයට පත්ව සිටියේ නැත. දිනක් සාමණේරයන් වහන්සේ තම උපාධ්‍යාය තෙරුන් වහන්සේ වෙත වැඩම කල මොහොතේ අත ඔසවා සඳ මඬල පරිමදිමින් සිටියේය. මේ බව දුටු සාමණේර හිමියන්ද තම ඍද්ධියෙන් දහසක් සඳ මඬල තෙරුන් ඉදිරයේ ගෙනහැර පෙන්වා ස්වාමීනි, සඳ මඬල දහසක් - ලක්‍ෂයක් ගෙනහැර පෑම අමාරු නැත. යමෙක් තමා ළඟ ඇති එකම එක තෘෂ්ණාව අතහරී ද එයම ශ්‍රේෂ්ඨය වැදගත් යැයි කීහ. මෙය ඇසූ ස්ථවීරයන් වහන්සේ එදිනම රහත් බවට පත් වූ හ. දෙවැනි දින අභය තෙරුන් හට තම සාමණේර හිමියන් සමඟ දනට වඩින ලෙස ඇරයුම් ලැබුණි. පෙරවරුවේ පාසිවුරු ගෙන ස්වාමීන් වහන්සේලා තිස් දහසක් සමඟ වැඩම කළහ. එය දැක අභය තෙරුන්ගේ නැගණිය පුදුමයට පත් වූ නමුත් පැනවූ අසුන් දෙක තිස්දහසටම සෑහිණ. තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් ගෙයද විශාල විය. දෙදෙනෙකුට පිළියෙල කරන ලද ආහාර තිස් දහසටම ප‍්‍රමාණවත් විය. වළඳා අවසානයෙහි මිහිරි හඬින් සාමණේර හිමියන් ධම_ය දෙසූහ.

දම්සර තුලින්
|
This entry was posted on 19:43 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments:

On 11 February 2010 at 20:37 , වැප් said...

කියනවාට සමාවුව මැන ... කතාව ටිකක් විතර පැහැදිලි මදි ... කිහිපවිටක් කියවන්න උන හරියටම කතව තුල අතුරැ කතා දැන ගන්න ...

 
On 11 February 2010 at 22:48 , Sandun Dasanayake said...

දැන් කාලෙ එහෙම උනානම් "පොඩි නම පණ්ඩිත නොවී ඉන්න" කියල ලොකු හාමුදුරුවෝ කියයි. බොහොම පින් කතාවට.

 
On 12 February 2010 at 18:55 , දුෂාන් said...

කියනවාට සමාවුව මැන ... කතාව ටිකක් විතර පැහැදිලි මදි ... කිහිපවිටක් කියවන්න උන හරියටම කතව තුල අතුරැ කතා දැන ගන්න ...


මත් කිහිප විටක් කිවා බැලුව.කාතාව හරිම පැහැදිලියි නෙ